

කියූ ලියූ වදන්වලින් දෙයක් වේ ද
ඔබට දැනුණු
නොදුටුවේ ද ඒවා තුළ තිබුණු සියුම්
කොඩි සලකුණු?
ඈත සිටන් පොළොව යටින් එළා තිබෙන
රැහැන් වැලක් සේ රහසින් විදුලිය දෙන
හැඟුම් නහර ගොමුවක් ඇත මා රිදවන
සෑරූ කිසිවෙකුට මෙතෙක් මුණ නොගැසුණ
අත හැර ආ භවාරාමයකින්
විදෙන
ගුප්තාදර කිරණාවලියක් ද කුමන
නොදනිමි මට දිය නොහැකිය අතට රැගෙන
එය භූගත මල් යායකි ඔබම
සරන
අදහන්නට බැරි ආදර නදියක් ඇත පසෙහි ගිලුණු
නොදුටුවෙහි ද එය අඟවා සැලෙන සියුම් කොඩි සලකුණු?'
- ලක්ෂාන්ත අතුකෝරල
ඉහත කාව්‍යය ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ සුවිශේෂ කාව්‍ය සංග්‍රහයක් වන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චයේ පළමු කවිය යි.
මේ කවියෙන් ඇරඹෙන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චය සුවිශේෂ කාව්‍ය කෘතියක් යනුවෙන් හැඳින්විය හැකිය.එම කාව්‍ය සංග්‍රහය 2023 වසරේ කාව්‍ය කෘති සඳහා සම්මාන පිරිනමන සාහිත්‍ය උලෙළ හතරේ දී ම විශිෂ්ටත ම කාව්‍ය කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම කාව්‍ය සංග්‍රහය 2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය, රජත පුස්තක සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානයට ද පාත්‍රවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd