IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


හැඟුම් ගඟේ හැංගිලා

සිලුවටය 24


කියූ ලියූ වදන්වලින් දෙයක් වේ ද
ඔබට දැනුණු

නොදුටුවේ ද ඒවා තුළ තිබුණු සියුම් 
කොඩි සලකුණු?

ඈත සිටන් පොළොව යටින් එළා තිබෙන

රැහැන් වැලක් සේ රහසින් විදුලිය දෙන

හැඟුම් නහර ගොමුවක් ඇත මා රිදවන

සෑරූ කිසිවෙකුට මෙතෙක් මුණ නොගැසුණ


අත හැර ආ භවාරාමයකින් 
විදෙන

ගුප්තාදර කිරණාවලියක් ද කුමන

නොදනිමි මට දිය නොහැකිය අතට රැගෙන

එය භූගත මල් යායකි ඔබම 
සරන

අදහන්නට බැරි ආදර නදියක් ඇත පසෙහි ගිලුණු

නොදුටුවෙහි ද එය අඟවා සැලෙන සියුම් කොඩි සලකුණු?'

- ලක්ෂාන්ත අතුකෝරල 


ඉහත කාව්‍යය ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ සුවිශේෂ කාව්‍ය සංග්‍රහයක් වන 'හැඟුම් ග‌ඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චයේ පළමු කවිය යි.

මේ කවියෙන් ඇරඹෙන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චය සුවිශේෂ කාව්‍ය කෘතියක් යනුවෙන් හැඳින්විය හැකිය.එම කාව්‍ය සංග්‍රහය 2023 වසරේ කාව්‍ය කෘති සඳහා සම්මාන පිරිනමන සාහිත්‍ය උලෙළ හතරේ දී ම විශිෂ්ටත ම කාව්‍ය කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම කාව්‍ය සංග්‍රහය 2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය, රජත පුස්තක සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය  සහ ගොඩගේ සාහිත්‍ය සම්මානයට ද  පාත්‍රවිය.



අදහස් (0)

හැඟුම් ගඟේ හැංගිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1821 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site