IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


විප්ලවවාදියකුගේ නඩු විභාගය

සිලුවටය -15

 

(i) (පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි
විනය ගැන නොසලකයි
හිතුමතේ වැඩ කරයි
හැසිරීම අසතුටුදායකයි

 

(ii) (පන්සලේ රපෝර්තුව)

විචිකිච්චාව, පව් සිතක ලකුණු මැයි
හඳහනද පින් මඳ යැ
වාතයා- රක්තයා කිපී ඇත
දේව ධර්මය නොදන්නී
බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු

 

(iii) (උසාවියේ රපෝර්තුව)

(අ) නීතිය බිඳින්නට තැත්කර ඇත්තේය.
(ආ) සාමය-සමාදානය කඩකොට ඇත්තේය.
      - සත්‍යය, සම්පූර්ණ සත්‍යයේ නාමයෙන්
(ඇ) කස පහර දිය යුතුය.
(ඈ) යහපත් පුරවැසියකු කළ යුතුය.

 

(iv)(වෛද්‍යවරයාගේ රපෝර්තුව)

රෝගියෙකි.
මානසික ප්‍රතිකාර නිර්දේශ කරමි.
පෝබියා, මේනියා, පැරනොයා, හිස්ටීරියා
නියුරොටික්-සයිකොටික්
ඇබ්නෝමල්-ක්‍රිමිනල්
චර්යාව අස්වාභාවිකයි.

මානසික සැත්කමක් කළ යුතුය
ආවේග මර්දනය කළ යුතුය
නින්දට පෙර
පෙනබාබිටෝල් පෙති දෙනු:

 

(v) (විත්තිකරුගේ ප්‍රකාශය) 

ගොළුබෙල්ලෙක් නොකරව් මා
ශෛලයන් කපා දා
බියගුල්ලෙක් නොකරව් මා
දේව ධර්මය දෙසා
මී හරකෙක් නොකරව් මා
මුසා දම් කර ගසා
"හොඳ ළමයෙක්" නොකරව් මා
දෑත කට බැඳ දමා

සොක්‍රටීස් මෙන් ප්‍රශ්න නගන්නට 
ඉඩ දියෝ
ඩේකාට්ස් වගේ සැක කරන්නට
ඉඩ දියෝ
ගඟක් මෙන් ගසාගෙන යන්නට
මට ඉඩ දියෝ
පිහියක් මෙන් පලාගෙන යන්නට
මට ඉඩ දියෝ

පුරුෂ ලිංගයක් සේ
මතුවෙන්නට ඉඩ දියෝ !

| අකීකරු පුත්‍රයකුගේ ලෝකය (1974)



අදහස් (0)

විප්ලවවාදියකුගේ නඩු විභාගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1821 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site