

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන "හිරුත් හිම පියල්ලක" කෘතිය 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන රැසකට පාත්‍ර වූ අපූරු කවි වියමනකි. එහි ඇති "ලියමන" නම් කවි පන්තියට පාදක වන්නේ එක්තරා නර්තන කණ්ඩායමක සිටින යුවතියකි.මෙහිදී අප බාහිරින් නොදකින පීඩත පන්තියේ අසරණ ජීවිතවල කටුක යථාර්ථය ඉතා සංවෙිදී ආකාරයෙන් මානවබන්ධුත්වයෙන් යුතුව ඉදිරිපත් කිරීමට කවියා සමත් වෙයි.
නෙලුම් කවි ලී කෙළි ඔලිඳ කවි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අලුත් අයිටම්ස් හදනවා
උත්සවත් දැන් වැඩි නිසා
ෂෝස් දිගටම තියනවා
නින්ද නෑ රෑ පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා
ඇඟේ හැඩ නැතිවෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවා
සින්දු විෂුවල්වලට ගියොතින්
දාහ ගානෙ ලැබෙනවා
ඒක අමතර ඒ වුණත්
විළුඹ තුනටිය රිදෙනවා
අලුත් නැටුමට දුහුල් ඇඳුමට
වශී වුණු පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට අහනවා
මම එපාමයි කියනවා
උත්සවේ දවසේ මගේ මට
අම්ම කී දේ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුතක් තියෙනවා
දවස් නවයක් ෂෝස් දිගටම
ඊයේ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා
අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා
නිසරු අත්පුඩි විසිල් ඝෝෂා
අතර පසුපස තැනක කෙළවර
නොලා ඇසිපිය බලා මා දෙස
අම්ම ඉන්නවා පේනවා
- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd