
"බුදු බව පැතුවෝ, දරු දුක නැද්දො"
මා නොසොයා පුත නිදියන් සියුමැලි
සදා එළිය පිරි ලොවක් සදා දෙමි
පුත නුඹ නිදිගත් කුටිය කැලුම් දෙයි
කුටියෙ දොරින් පිට, ගනඳුර රජයයි
නිදි ලොව සිටියද නුඹ මා කැඳවයි
පිටත අඳුර පිරි බව නුඹ නො දනියි
දිනෙක නඟා ඔබ සියුමැලි පා යුග
අඳුරු ලොවක් වෙත මා මෙන් එනු ඇත
එදා ඔබෙ මඟ එළිය සදන්නට
එළිය සොයා යමි පුත නුඹ නාඬන්
මා නො සොයා පුත නිදියෙන් සියුමැලි
සදා එළිය පිරි ලොවක් සාදා දෙමි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd