
" මචං රූබෙ........
අන්න ජානකී සමනව බැඳල...! "
- පුවතක්
හා කමක් නෑ එහෙනම් ජානකී
මෙතෙක් කල් රැඳී හිටියාට ස්තුතී
මේ ඝෝර ගරාජ වාසභවනේ
සුවඳ දුන් හැම හඳුන්කූරම
හොඳින් දැල්වී
අන්තිමට අළු තියලමයි නිමුනේ......
ගවුමෙ ගෑවිලා තිබුණනම් මජං
ඒ සිහිවටන හිමි අතීතය මරං
හෙට උදෑසන වෙනත් දෑතක් අරං
ඔයා යනකොට
ඇන්ජින් අඬයි ඔයිල් කඳුළැලි පෙරං...
හාමතේ ඈනුම් පිඹින සයිලාන්සර
පපුවටම පෙම හිරකරපු තද ස්පැනර
ජීවිතේ පල්ලමේ
නිවුටල් කළා මං හද ගියර
නට් පවා ගැලවුණේ ඒකයි
සෙනෙහසේ චැසිබොඩියෙ තුන හතර
ඔය ටින්කරින් හද කවුළු
දුන් රිදුම් වෙල්ඩින් ගිනි පුපුරු
ඔයා වෙන්වුණු විදියමයි
මිහිරාවියේ හරි නපුරු .........
මල්වල ඇතත් පැණි පොකුරු
සමනලියො දාල ගියදෙන්
දකිද්දී කෙළ උනන වහ කදුරු.............
..........................................................
කමක් නෑ එහෙනම් ජානකී
සමන් මල් මත
අතුරුවනු මැන කේතකී
මකුනො ලේ බිව්වාට
මම මදුරුවන්ගෙන්
පළිගන්නෙ නෑ ජානකී............!!!
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd