
එක් යුගයක ජීවිතයේ සරතැස
නිවු මා සුමිතුර
දුර හිඳිනා ඔබ දකින්න ආයෙමි
දිගු කලකට පසු
බමන විදුලි පංකාවෙන් වා
ගැබ කැලඹෙන හඬ මිස
එසඳ ඔබේ මුවග නැඟුණු
සාද තෙපුල් නෑසේ මට
මේසය මත ලිපි ගොනු රැස සුළෙඟ
නොයාදී රකිමින්
ඒ මත හිඳිනා ගල සේ මා අබියස
නිහඬය ඔබ
බිත්තියෙ ඇති සේයා රූ එකිනෙක
එබි එබී බලයි
නැතියෙන් ඔඛෙ වත හසරැලි මදෙස
බලා සිනා නඟයි
බාලේ අපි ගම් දොර කෙළි මඩුලු
මැදින් ආ ගමනේ
මහදේ ඇති ඔබෙ සිතුවම
කොහි සැඟවිණි දැයි නොදැනේ
එක යුගයක ජීවිතයේ සරතස
නිවු මා සුමිතුර
ඔබ අසලින් බැහැරට යමි
කුමටද ඔබගේ අවසර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd