
දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ පරවේණී උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ
අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන් නියා
වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම වුණා
රූටා ගිහිං පාමුල ගලටත් රිදුණා
අම්මා තිව් විලාපය තවමත් ඇසෙණා
ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුණේ
නන්දන වීරසිංහ
ගිං ගඟේ විලාපය | 1984
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd