
දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ පරවේණී උලලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ
අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන් නියා
වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම වුණා
රූටා ගිහිං පාමුල ගලටත් රිදුණා
අම්මා තිව් විලාපය තවමත් ඇසෙණා
ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුණේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුණේ
නන්දන වීරසිංහ
ගිං ගඟේ විලාපය | 1984
2025 ඔක්තෝබර් මස 08
1821
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්මල ගලට ගිය අම්මා