
නොවැලපෙමි ඔබ යන්න – වැලප ඇති පල කිම්ද?
ජීවිතේ වැරදුණේ මෙතැන පමණක් නොවේ
සූරලා ගෙන යන්න මා හදේ පිපුණු මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද?
ඔබ යන්නෙ මධුරතර සප්ත ස්වරයත් අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉර හඳ අරන්
ඔබ යන්නෙ මහද තෙත් වැහි වලාකුළ අරන්
කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් මම එතැන පාට හත ගණින්නම්
ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුළ ගෙන
පරාජිත කඳුළකට ඇසේ ඉඩ තියා නැත
වෙස් මුහුණ පැලඳගෙන සිටින තැන සිතක් නැත
ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට
පෙම් ගී අලංකාර වීසි කොට යනු මැනව
නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙක් පරිද්දෙන්
ඔබ ඔබේ සිහිනයට- මම මගේ ලෝකයට
- පරාක්‍රම කොඩිතුවක්කු
2025 ඔක්තෝබර් මස 08
1821
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දේදුන්න පායාවී හෙටත් පාලම උඩින්
ෂර්මිලා දංවත්ත Tuesday, 26 November 2024 11:23 AM
අපූරුයි...!