
නොවැලපෙමි ඔබ යන්න – වැලප ඇති පල කිම්ද?
ජීවිතේ වැරදුණේ මෙතැන පමණක් නොවේ
සූරලා ගෙන යන්න මා හදේ පිපුණු මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද?
ඔබ යන්නෙ මධුරතර සප්ත ස්වරයත් අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉර හඳ අරන්
ඔබ යන්නෙ මහද තෙත් වැහි වලාකුළ අරන්
කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් මම එතැන පාට හත ගණින්නම්
ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුළ ගෙන
පරාජිත කඳුළකට ඇසේ ඉඩ තියා නැත
වෙස් මුහුණ පැලඳගෙන සිටින තැන සිතක් නැත
ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට
පෙම් ගී අලංකාර වීසි කොට යනු මැනව
නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙක් පරිද්දෙන්
ඔබ ඔබේ සිහිනයට- මම මගේ ලෝකයට
- පරාක්‍රම කොඩිතුවක්කු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරුයි...!