එරබදු ගහෙන් වැටී

අවතැන් ව ගිය කොහෙක් උන්නා

බක්මහේ අග්ගිහෙත්

කප්පරක් කඳුළු ඌ ගැන්නා

වාසනා මුට්ටියක් දැක

බිඳුණු හොට අගින් ඇන්නා

තටු සඟල තෙමාගෙන

සිහිනයේ මධු දියර පැන්නා