
උයන අද්දර වැටී තිබිලා
මුදුවක් ඇහින්දෙමි
උයන කෙල්ලක් වෙන්න බෑ ඇය
පළුද්දක ලකුණකුදු එහි නැති
සුසුවඳින් හොර මැකූ ප්‍රේමෙක
තුනී සායම් දියව යද්දී
සමරු සටහන් එපා !! කියලා
මුදුව මහ මඟ දමා යන්නැති
මුදු හදට නොතරම්
මුදුව හැරදා ඒ කෙල්ල
උයනක් වගේ දැන් ඇති
"උයන "
කෙල්ලක් වගේ හිටියට
අපට නොකියන මොනව හරි ඇති.
- ටිම්රාන් කීර්ති -
(පෙම්බරියගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇළකට "කාව්‍ය සංග්‍රහයයෙන් උපුටා ගන්නා ලදී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd