
මුවෙක් වෙලා මිගදායේ උලා කමී
උලක් ඇනුණ හදවත බරණැසට දෙමී
පාරිලෙයිය වනයෙන් මකරන්ද බොමී
පාළු නිසා මුචලින්ද ව බදා ගමී 
 
අසපුවකින් උපැවිදි වී වන වදිමී
මෙතුවක් මා හැඳ සිටි සිවුරට වඳිමී
මටත් වඩා විසි තිස් ගුණයක් දැහැමී 
උගත් කමක් නැති උන් හා මම ලගිමී
 
විඳ අවනඩු විඳ විඳ මහමෙර උසට 
මුළු දිවිය ම නොදැනි ම විකිණෙයි ණයට
පව් නොකරමි මම රහසින් බුදුගෙයට
අබිනික්මන් කරනෙමි යළි ගිහිගෙයට 
 
අචිරවතී ගඟ අයිනේ මුත්‍රාශ
වතුර නැතුව ඇති නිදහස් අවකාශ
ගතව ඇතත් සිය සිය අවුරුදු මාස 
අතුරු සිදුරු නැතිව ම තනිකම් දෝෂ
 
ගිජ්ජ කූට පර්වතයේ ගල් කෑලී
කජ්ජ වගේ ඇකිලෙන පැල්පත් පේලී
මජ්ජ පමා දට්ඨානය උඩ වෙිළී
ලැජ්ජ බය ද විකුණන පොඩි පොඩි කෑලී
 
කිසා ගෝතමී අබ ඇට සොයා ගිය
ළසෝ තැවුල් පිරි ජනපද දිරා ගිය
බිසෝවරුන් කඳුළැල්ලෙන් පෙඟී ගිය
දසා උඩින් ඉර හඳ තරු පමා විය 
 
එදා අඟුල්මල් සිඳ ගත් ඇඟිලි පුරා
ගලා හැලුණ රුධිරය මීවිතක පෙරා
බිබී ඔකඳ වන යතිවරු අසපු අරා
ගරා බුදිති සැලියෙහි දිය නටන තුරා 
 
දරා නොහිම් සෝගිනි සාගිනි සෝක
වැටී වැටී නැඟිටින කල සෝපාක
ගසා තලා අරගෙන ගිය මහ රෑක
බොහෝ පුතුන් මහ මඟ හළු කළ සේක
 
වඳුරන්ගෙන් බණ අහනා වෙලාවට
අනෝතත්ත විල ගෙම්බන් පෙනේ මට
අජාසත්ත පවිටුන් ළය මුලාකොට 
කතා කරන්නෙ ම මිහිපිට අපායට 
 
මෙදා ගඩොල් රජයන දහමින් මිදෙමී
සැබෑ බුදුන් අනුදත් මඟ මම සොයමී
ඉණේ රඳන දැලිපිහි දැක පසු තැවෙමී
නිමා නොවන අබිනික්මනකට බැඳෙමී
 
අරුණලු සිහින උතුරන අලුයමක සිට 
විනිවිද විඳින ඝනඳුර සෙනසුනකි මට
දහමක හරය සිත පතුලෙන් මෙනෙහි කොට 
අඳනය තබා යමි සඳකඩපහණ යට
 
මුවෙක් වෙලා මිගදායේ උලා කමී
උලක් ඇනුණ හදවත බරණැසට දෙමී
පාරිලෙයිය වනයෙන් මකරන්ද බොමී
පාළු නිසා මුචලින්ද ව බදා ගමී
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1925										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1534										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 535										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උපැවිදි වී වන වදිමී