
උඩ හේනේ කඩුල්ල ළඟ
පුංචි අපේ ළිඳ අද්දර
අඹ ගස්වල මල් පිපිලා
කහ රෙද්දක් වනපු ලෙසට
මල්ලන උඳුවප් ඇවිදින්
අපේ ඇඟපත කුද්දන්ට
සඳවතියේ කල් ඇවිදින්
නැවුම් පොළොව පූදින්නට
පොළොව හුඟක් නිදා අරන්
තකහනියේ ඇහැ ඇරි ලෙස
නිල් තණකොළ පඳුරු ලලා
නලියනු දැනුණා දෙපයට
එරබදු දළු මස් පිරිලා
මතක් කළා කම්මුල් මට
මේ ඔක්කොම එවා ඇත්තෙ
අපෙ ඇඟ පත කූද්දන්ට
මගේ තොලුත් දෙකම්මුලුත්
බඹරුන් වැහි මලක් ලෙසට
ඉවසිලි නැතිවී නලියයි
ඉමක් නැතිව රහ බලන්න
මල්ලන උඳුවප් යනවා
දුරුතු හීතලේ මැරෙන්න
එයට පළමු ඉඩ දෙන්නකෝ
නැවුම් පොළොව පූදින්නට
රෑ හඳපානේ ගහකොළ
සිහිසන් නැති කලක් ලෙසට
බලා ඉන්නවා ගිලිහී
මත් වීලා හඳපානට
හඳපානේ මගෙ ඇඟ පත
නලියනවා රහ බලන්ට
එන්න අනේ සඳවතියේ
හඳපානේ හඳ උරන්ට
උඳුවප් මහ හඳපානත්
අඹ ගස්වල මල් පොකුරුත්
අරන් යනව දුරුතු මහේ
හීතලයේ නිදි කරන්න
දුරුතු මහේ මගෙ ඇඟපත
ගුලිවී නින්දට වදින්ට
පළමු අනේ ඉඩ අරින්න
නැවුම් පොළොව පූදින්නට
- ගුණදාස අමරසේකර
භාව ගීත කාව්‍ය සංග්‍රහය
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඳුවප් ඇවිල්ලා