
උඩ හේනේ කඩුල්ල ළඟ
පුංචි අපේ ළිඳ අද්දර
අඹ ගස්වල මල් පිපිලා
කහ රෙද්දක් වනපු ලෙසට
මල්ලන උඳුවප් ඇවිදින්
අපේ ඇඟපත කුද්දන්ට
සඳවතියේ කල් ඇවිදින්
නැවුම් පොළොව පූදින්නට
පොළොව හුඟක් නිදා අරන්
තකහනියේ ඇහැ ඇරි ලෙස
නිල් තණකොළ පඳුරු ලලා
නලියනු දැනුණා දෙපයට
එරබදු දළු මස් පිරිලා
මතක් කළා කම්මුල් මට
මේ ඔක්කොම එවා ඇත්තෙ
අපෙ ඇඟ පත කූද්දන්ට
මගේ තොලුත් දෙකම්මුලුත්
බඹරුන් වැහි මලක් ලෙසට
ඉවසිලි නැතිවී නලියයි
ඉමක් නැතිව රහ බලන්න
මල්ලන උඳුවප් යනවා
දුරුතු හීතලේ මැරෙන්න
එයට පළමු ඉඩ දෙන්නකෝ
නැවුම් පොළොව පූදින්නට
රෑ හඳපානේ ගහකොළ
සිහිසන් නැති කලක් ලෙසට
බලා ඉන්නවා ගිලිහී
මත් වීලා හඳපානට
හඳපානේ මගෙ ඇඟ පත
නලියනවා රහ බලන්ට
එන්න අනේ සඳවතියේ
හඳපානේ හඳ උරන්ට
උඳුවප් මහ හඳපානත්
අඹ ගස්වල මල් පොකුරුත්
අරන් යනව දුරුතු මහේ
හීතලයේ නිදි කරන්න
දුරුතු මහේ මගෙ ඇඟපත
ගුලිවී නින්දට වදින්ට
පළමු අනේ ඉඩ අරින්න
නැවුම් පොළොව පූදින්නට
- ගුණදාස අමරසේකර
භාව ගීත කාව්‍ය සංග්‍රහය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd