මොකද්ද මේ බුද්ධිමය දේපළ කතාව ?
1962 දී අප බර්න් වෙළෙඳ සම්මුතියට අත්සන් කළ රටක්.ඒ අනුව අප රාජ්‍යක් හැටියට ලෝක බුද්ධිමය දේපළ නීතිය පිළිගෙන තියෙනවා.ඒක යටතේ තමයි කර්තෘභාග නීතිය තියෙන්නෙ.
ලෝක නීතිය අනුව ගීතය කාටද අයිති ?
ඒකෙ බුද්ධිමය දේපළ අයිතිය තියෙන්නෙ ගීත රචකයාටයි සංගීතඥයාටයි.ගායකයට තියෙන්නෙ ප්‍රසාංගික අයිතිය( Performing Rights)එයාට ඒක ඕනෑම තැනක ගායනා කරල ආදායම් උපයන්න පුළුවන්.
ගීතයෙ අයිතිය රචකයට සහ සංගීතඥයට දෙන්න හේතුව මොකද්ද ?
ගීතයක පරිකල්පනමය වැඩකොටස සිදු කරන්නේ ඔවුන් නිසා.එය බුද්ධිමය කාර්යයක්.ගායනය ශිල්පීය කුසලතාවක් මිස පරිකල්පනමය කාර්යයක් නොවේ.එක ගායකයකු ගැයූ ගීයක් වෙන කෙනකුට ඒ සවර සංගතියටම ගැයිය හැකියි.ඒත් ලියූ ගී පදත් ගී තනුවත් වෙනස් වෙන්නෙ නෑ.අන්සතු කරන්න බෑ.එකම ගීයේ ගායනය පරපුරෙන් පරපුරට යනවා.උදාහරණ විදිහට "ආරාධනා" ගීතය අමරදේව ගැයූ පසු තව බොහෝ දෙනා ගායනා කළා.එහෙත් කුලරත්න ආරියවංශගේ පදත් රෝහණ වීරසිංහගේ තනුවත් එහෙමමය.එය බුද්ධිමය දේපළක් ලෙස ලොව පිළිගන්න එක හේතුවක් ඒක.ඒකෙ පරිකල්පන ශක්තිය තමයි බුද්ධිමය දේපළ කියල පිළිගන්නෙ.
එතකොට ගායකයට කිසි අයිතියක් නැද්ද ?
ගායකයට තමයි ප්‍රාසංගික අයිතිය(Performing Rights) තියෙන්නෙ.ඔහුට එම ගීතය ගයා ඇති තරම් මුදල් ඉපැයිය හැකියි.ඒකනෙ ලංකාවෙි ගායකයෝ එක රැයට ලක්ෂ ගණන් උපයන්නෙ.ඒ අය සියලු වාණිජ ප්‍රතිලාභ ලබන්නෙ ඒ අයිතිය නිසා තමයි.ලෝකෙ ගත්තත් වැඩිපුර ම ධනය උපයන්නෙ ගීත රචකයා හෝ සංගීතඥයා නෙවෙයි,ගායකයා.
එතකොට මොකක්ද මේ ඒගොල්ලන්ටත් අයිතිය ඕනෑ කියන්නෙ ?
ඒගොල්ලන්ට ලැබෙන්නෙ ඕනෑ ප්‍රධාන අයිතිය ලැබිල තියෙන්නෙ.ප්‍රසංගවලට ගිහින් ලක්ෂ ගණන් උපයන්න අයිතිය ඒ අයට තියෙනවා ? ගීත රචකයා හරි සංගීතඥයා හරි ඒකෙන් කොටසක් ඉල්ලලා නෑ.
එහෙනම් ගායකයො මේ ඉල්ලන්නෙ මොකද්ද ?
ඒගොල්ල කියනවා ගීතයේ සම අයිතිය ඕනෑලු.
අපි ලෑස්තියි දෙන්න.හැබැයි ඒගොල්ල උපයන හැම මුදලම තුනට බෙදන්න ඕනෑ.මෙච්චර කාලයක් තනියෙම ගෙදර අරන් ගියපු සල්ලි ටික තුනට බෙදන්න ඒ අය කැමතිද ?
ඒ නිසා සම අයිතිය ඉල්ලනවා කියන එක එතනම විහිළුවක් වෙනවනෙ.ලෝකෙ කොහේවත් නැති නීතියක් හදන්න ගිහිල්ල අපිට වෙන්නෙ බර්න් සම්මුතියෙන් එළියට විසි වෙන්න.
ගීත රචකයෝ සංගීතඥයෝ මොකද්ද මේකට ඉල්ලන විසඳුම.
අපි කියන්නෙ මෙච්චරයි.ගායක ගායිකාවෝ කොච්චර සල්ලි හමිබ කරත් අපේ අහිතක් නෑ.ඒකත් එක්ක ගැටුමකුත් නෑ.ලෝක බුද්ධිමය දේපළ පනතෙ ඉතා සාධාරණ විදියට මේකට විසඳුම් දීල තියනවා.ඒක ලංකාවෙ හරියට ක්‍රියාත්මක කරන එක තමයි කළ යුත්තෙ.ඒක NPP එකේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක්.
මොකද්ද ලෝකෙ මේ ප්‍රශ්නයට දීල තියන විසඳුම ?
CISAC ආඥා පනතට අනුව කර්තෘභාගය කළමනාකරණය කොට නිර්මාණ කරුවන්ට බෙදා දෙන( CMO - Collective Management Organisation) ආයතනයක් අපි හදන්න ඕනෑ.දැනට ගීත රචකයන්ගේ සහ සංගීතඥයන්ගෙ කතෘභාග එකතු කිරීමේ කටයුත්ත යම් මට්ටමකට හරි සිදු වන්නේ ACPOSL ආයතනය මගින්.අපි ලෝක බුද්ධිමය දේපළ නීතියේ රෙගුලාසි වලට අනුව ACPOSL එක CMO එකක් විදියට ස්ථාපිත කරගන්න ඕනෑ.ඒක තමයි ලෝකය පිළිගන්න නීතිය.
ඒකෙන් මොකක්ද වෙන්නෙ ඊට පස්සෙ ?
ඊට පස්සෙ කාටවත් කාගෙවත් කතෘභාගය කොල්ලකන්න බෑ.කොයි මාධ්‍යයක ගීතයක් ප්‍රචාරය වුණත් ඒකෙ තර්තෘභාගය ගීත රචකයට සහ සංගීතඥයාට එනව.ඒ වගේම ලෝකෙ කොහේ ප්‍රසංගයක් තිබුණත් ඒකෙ ගයන ගීතවලට කතෘභාගය ගෙවන්න වෙනවා.ගායකය ප්‍රසංගයෙන් එයාගේ මුදල ගන්නව වගේ ම ඒ ගීතවලට රචකයට සහ සංගීතඥයට තමන්ගේ කතෘභාගය ලැබෙනවා.ඒක තමයි ලෝකෙ බුද්ධිමය දේපළ හිමිකම.කාටවත් අසාධාරණයක් වෙන්නෙ නෑ.
දැන් ඉන්දියාව වගේ ඉතාම විශාල සංකීර්ණ සංගීත කර්මාන්තයක් තියන රටක කිසිම ප්‍රශ්නයක් නැත්තෙ මේ බුද්ධිමය දේපළ නීතිය ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන නිසා.අද රියැලිටි කරල මාධ්‍ය ඇති තරම් සල්ලි හම්බ කරනවා.අර මෙගා මේ මෙගා කියල ප්‍රසංග කරනවා.එක සත පහක් රචකයන්ට සහ සංගීතඥයන්ට ලැබෙන්නෙ නෑ.ඒක ගන්නත් විධිමත් නෛතික ව්‍යූහයක් හැදිල නෑ.
ගායකයෝ විතරක් තමන්ගේ මුදල අරගෙන ගෙදර යනවා.මෙතෙක් අපි අත්දකින්නෙ ඒක.
නීතය බලාත්මක නැති නිසා හැම විටම ගීත රචකයා සහ සංගීතඥයා අසාධාරණයට ලක් වෙනවා.අපි මේ කියන ලෝකය පිළිගන්න බුද්ධිමය දේපළ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් විශාල ඩොලර් ප්‍රමාණයක් රට ඇතුළට එන්න පටන් ගන්නවා වගේ ම
ඩිජිටල් අවකාශය තුළත් ගීතයේ සැබෑ නිර්මාණකරුවන්ට තමන්ගේ කතෘභාගය ලැබෙනවා.කර්මාන්තයක් හැටියට සංගීත ක්ෂෙත්‍රය උඩට එන්නෙ එහෙම වුණාම.
පසුගිය ආණ්ඩු අතින් මේ වැඩේ සිද්ධ වුණේ නැති නිසා තමයි ඒ නෛතික රාමුව සැකසීමේ වගකීම මාලිමා ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් දක්වා ආවෙි.
එය එපමණටම මෙරට සංගීත කර්මාන්තයට අවශ්‍ය ව්‍යූහයක්.ඒක හැදුවෙි නැති නිසා ලංකාවෙි සංගීත නිර්මාණකරුවන්ට සහ ගීත රචකයන්ට තමන්ගෙ කතෘභාග අයිතිය දශක ගණනාවක් පුරා අහිමි වුණා.
මේ දක්වා මොකක්ද වුණෙ ?
වරක් ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහ කළ ප්‍රකාශයක් මගේ මතකයට එනවා.
" මම දශක ගණනාවක් ලියපු සින්දු ගායකයො ගැයුවා.. ඒ අය රට රටවල ප්‍රසංගවලට ගියා.ඒ කිසිම ගායකයෙක් මට බෝල්පොයින්ට් පෑනක්වත් ගෙනත් දීල නෑ" ඔය ගීතයේ අයිතිය ඉල්ලල සද්ද කරන ගායකයො රටට නොකියන තිත්ත කතාව තමයි ඕක.ඕක නොකිය තමයි කොලේ වහල ගහන්නෙ.
මේකෙන් කියවෙන ඛේදවාචකය කුමක් ද ?
තමා ලියූ කිසිම ගීතයකට කතෘභාගය තියා පෙරළා මනුෂ්‍යත්වයට අයිති කෘතවේදීත්වය හෝ ලැබුණෙ නෑ කියන එක.අපි බර්න් වෙළෙඳ සමුළුවට අත්සන් කරල අවුරුදු 63ක් ගෙවිලත් තාම බුද්ධිමය දේපළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරගන්න බැරි වුණා.ඒ හේතුව නිසා ලංකාවෙි ගීත රචකයන්ට සහ සංගීතඥයන්ට සිය කතෘභාග අයිතිය දශක ගණනාවක පුරා අහිමියි.ඒ අහිමි මුදල බිලියන ගණනක්.
ඒත් සියලු වරප්‍රසාද ලබන්න ගායකයෝ වාසනාවන්ත වුණා.එහෙව් ගායකයෝ ගීතයේ සම අයිතියක් ගැන කියවමින් ඉන්නේ.ලෝක නීතිය වෙනස් කරන්නැයි කියමින් තැන තැන ඝෝෂා කරනවා.තමන්ට මොකක්දෝ අහිමි වෙලා කියල කියනවා.
අපි අහන්න කැමතියි අහිමි දේ මොකක්ද කියලා?
ඒ අයට ගීත ගයන්න තහනමක් තියනවලු.එහෙම කිසිම තහනමක් නීතියෙන් නෑ.ඔය ගීතයේ අයිතිය ඉල්ලන ගායකයෝ සියලු දේ හරි හම්බ කර ගත්තෙ ගීත ගයල තමයි.
තමන්ගෙ පුද්ගලික රණ්ඩු නිසා ඇතිකරගන්න ප්‍රශ්න මුල් කරගෙන රටේ පොදු නීති වෙනස් කරන්න තමයි මේගොල්ලො හදන්නෙ.
ලෝකෙ තියන පිළිගත් නීතිය බැහැරව මේ අයගේ පුද්ගලික වුවමනා මුල් කරගෙන රටක නීතය වෙනස් කරන්න ඉඩ දෙන්න බෑ.
ඒකෙන් වෙන්නෙ ලංකාව ලෝකෙන් හුදෙකලා වෙන එක.අපි බර්න් වෙළෙඳ ගිවිසුමෙන් එළියට විසි වෙලා ලංකාවට වෙළෙඳ සම්බාධක පවා ඇතිවෙන එක.ගායක ගායිකාවන් කීපදෙනෙක්ගෙේ පුද්ගලික කෝන්තර නිසා ලෝක නීතිය එක්ක සෙල්ලන් කරන්න ලංකාවට බෑ.ලෝකෙ විශාලම සංගීත කර්මාන්තයක් තියන ඉන්දියානු ආදර්ශය විතරක් වුණත් ප්‍රමාණවත් මේ ව්‍යාජ ඝෝෂාව තේරුම් ගන්න.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගීතයේ අයිතිය ඉල්ලා කෑ පතේ පැහැරීම