
කියවල තියෙනවද... ?
ඕමාර් ඛයියාම්ගෙ
"රුබය්යාට්"
"ඒ නම අහල තිබුණට
කියවල නම් නෑ...."
ෂැක්!.
එහෙනම් ඔය ජීවිතෙන්
බාගයක් ම අපතේ....ඒවනෙ
කියවන්න ම ඕනෑ!!!
"ඕමාර් ඛයියාම්" කියන්නේ...
මීට අවුරුදු දාහකට විතර කලින්
පර්සියාවෙ,ඒ කියන්නෙ නූතන
ඉරානයේ හිටපු ගණිතඥයෙක්,
තාරකා විද්‍යාඥයෙක්...
ඒ ඔක්කොමටත් වඩා ඔහු කවියෙක්, ලෝකේ කොච්චර නම් කවියෝ ඇතිවෙලා නැතිවෙලා ගිහින් තියෙනවද?
නමුත් ඛයියාම් එයාගෙ නිදහස්
කවි ආර නිසා....අදටත්
ලෝකය පුරාම ප්‍රසිද්ධයි...
එයාගෙ ප්‍රතිමා කීයක් නම්
ලෝකය පුරා ඉඳිවෙලා තියෙනවද....?
ඛයියාම් අමුතු
දෙයක් කිව්වෙ නැහැ...
ඛයියාම් රුබය්යාට්
පොතේ කිව්වේ,
ජීවිතය කියන්නෙ මීවිතත්...
සංගීතයත්, ගැහැනියත්ය කියල
ඒ නිසා අපි ජීවත්වෙන මේ...
පොඩි කාලෙ ජීවිතය
විඳින්නය කියලයි....
මොන තරම් සොඳුරු
සිතුවිල්ලක් ද...?
ඛයියාම්ගෙ කවියක්
සිංදුවක් කරලා අමරදේවත්
කිව්වේ, මම හිතන්නෙ ඒක
ලිව්වෙ මහගම සේකර....
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
සුරංගනාවියනේ .
.
සුරා විතයි
ගී පොතයි අතින් ගෙන තුරු
වදුලේ නිල් සෙවණැල්ලේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
මළ ඊයේ ගැන ඇයි ළතැවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ.
.
යළි කිවයුතු නෑ කාලය යනවා දෙපා යටින් රිංගා .
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන් ඔබේ සුරා විත පුරවාලා
ඔබ මා තුරුළේ .....//
එපමණක් නොව....
ඕමාර් ඛායියාම් ගේ දර්ශනයේත්,
බෞද්ධ දර්ශනයේත් සංකලනයක්
වශයෙන් ගෙන පී.කේ.ඩී.
සෙනෙවිරත්න තිරනාටකය ලියූ
‘පරසතු මල්’ චිත්‍රපටයට ස්ත්‍රිය,
සුරාව හා සංගීතය යන ඛායියාම්ගේ
දර්ශනය මතුවන එක් දර්ශනයක
මහගම සේකර විසින් රචනා කළ අමරදේවයන් ගයන ගීතයක් මෙසේ ය.
අද පමණයි ඉතිරිව පවතින්නේ
හෙට වන විට නැත අප හමුවන්නේ
තොලින් තොලට වෑහෙන ගී සින්දූ
තොලින් තොලට පෑහෙන මී බින්දූ
තොලින් තොලට යාවෙන අම ලන්දූ
මලින් මලට පාවෙන බමරින් දූ......//
පරසතුමල්’ චිත්‍රපටයේ...
අවසාන දර්ශනයේ වගේ,
බොනී මහත්තයා (ගාමිණී ෆොන්සේකා) මිය යන්නට පෙර
මැගී (සිරිමතී රසාදරී) නම්
මෙහෙකාර ස්ත්‍රියට කියන්නේ....
‘මැගී ඕමාර් ඛායියාම් මෝඩයෙක්.
මං ඒ ටික උඹෙන් තේරුම් ගත්තා” කියාය. චිත්‍රපටයේ මුල දී බොනී මහත්තයා කියන මේ දෙබස ඛායියාම්ගේ දර්ශනය
මොනවට පිළිබිඹු කරයි.
“මම කවියට, සින්දුවට, ගෑනුන්ගෙ තොල්පටකට වයින් වීදුරුවකට
ජීවිතය දෙන මිනිහෙක්.”
මහගමසේකර විසින්,
ඛායියාම් දර්ශනය ගැන ලියූ
මේ ගීතයත් හැටේ දසකයේ
අමරදේවයන් විසින් තනුව
නිර්මාණය කොට ගයා ඇත.
“ගී පොතයි
මී විතයි
ඒ දෙකම මට එපා
යුග නයන ගී පොතයි
රත ලවන මී විතයි
මා පතන ගී පොතයි මී විතයි
ඔබ සතුයි....
මේ වගේ කවි ගී ලියන්න පුළුවන්
ඛයියාම්, ඒ වගේම කවි
ගීත කළ සේකර වගේ
සුන්දර මනුස්සයින්ට ම තමයි!"
මහගම සේකර කියන්නෙත්
අප්‍රමාණ මිනිහෙක්....
ගීත රචකයෙක්, කවියෙක්,
නවකතා කෙටිකතා රචකයෙක්,
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්,
චිත්‍ර ශිල්පියෙක් මේ ඔක්කොම
හැකියාවන් එක වගේ තිබුණු, කලාකාරයෙක්! මේ හැම
හැකියාවක්ම එකට තිබුණු
සේකර වගේ කෙනෙක්...
ආයෙ බිහිවෙන්නෙ නෑ කාලෙකට!
ඒත් අපේ රටේ මිනිස්සු,
සේකරට සලකපු හැටි නම්
අන්තිමයි...
සේකර රදාවානෙ ඉපදිලා
හැදිල වැඩිල රදාවානෙ
ඉස්කෝලෙට ගියාට පස්සේ....
රස්සාව හම්බවෙලා ,
කසාද බැන්දට පස්සෙ හිටියෙ
ගම්පහ ගෙයක් කුලියට අරගෙන...
සේකරටයි එයාගෙ,
නෝන මහත්තයටයි
වැඩට යන්න එන්න එතකොට
ළමයින්ට ඉස්කෝලෙ යන්න
එහෙම හැම දේටම පහසු නිසා...
ගම්පහ පදිංචි වුණාට පස්සෙ
සේකර රදාවානට ආවෙ ගියෙ
කලාතුරකින් ගමේ විශේෂ
අවස්ථාවක් වුණ වෙලාවක විතරයි.
ඒක සේකරම කවියකින්
මෙහෙම කියල තියෙනවා....
" කලාතුරකින් දිනෙක
මා ගෙදරට යන කලට
අපේ ගමේ ඉස්කෝලය
පෙනෙයි මට...
සිංහල උළු සෙවිළි කළ
ඒ වහල යට
සඟවා තිබෙයි මගේ
ජීවිතයෙහි සතුට"
ඒ වුණාට සේකර
මැරුණට පස්සෙ ආදාහනය
කළේ ගමේ ඒ කියන්නේ
රදාවානෙ තුංමං හන්දියේ....
ආදාහනය කරලා සේකරගෙ
අළු කලෙත් තියල
සොහොනකුත්
ඔය තුං මං හන්දියේ ම හැදුවා!
සොහොන හදල ගත වුණේ....
දවස් දෙක තුනයි ඒ පැත්තෙ අය
සොහොනත් කඩල,
අළු කලෙත් බිඳල දාල තිබුණා....
ඒ වැඩේට හේතුව හොයද්දි...
එළිවුණේ මෙහෙම කතාවක්....
රදාවාන ගැන ලියල
ජනප්‍රිය වුණාට ගමේ
හිටියෙවත් නැති...
ඔච්චර නමක් තියෙන
ලොකු ලොකු සම්බන්ධතා තියෙන
මිනිහෙක් වුණාට ආණ්ඩුවට කියල
ගමේ පාරකට තාර ටිකක්
දාල දුන්නෙ නැති, ගමට පාලමක් බෝක්කුවක් හදල දුන්නෙ නැති
මිනිහෙක්ගේ සොහොනක් විතරක්
තුංමං හන්දියට මොකට ද කියලයි
ගම්මු සොහොන කඩල තියෙන්නෙ.....
ඔන්න බලන්න රදාවාන,
තුංමං හන්දිය, ගමේ ඉස්කෝලෙ
අමරණීය කරපු මනුස්සයට ගමේ
මිනිස්සු සලකපු හැටි....?
ඒ මනුස්සයගෙ වටිනාකම
තාර ටිකකට පාලමකට
බෝක්කුවකට සීමා කළා....
ඔය භෞතික දේවල් කාලෙක දී
කැඩිල බිඳිල නැතිවෙලා යනවා.
ඒ වුණාට සේකර ලියපුවා හැමදාම පවතිනවා....
ඒ දුක හිතෙන කතාව වගේ
තව අප්‍රකට කතාවක් තියෙනව
මහගම සේකර ගැන....
ඔය හැත්තෑවෙ මැතිනිගේ
ආණ්ඩුවෙ සංස්කෘතික ඇමති වුණේ
ඇස්.ඇස්. කුලතිලක. එයා හිටපු නඩුකාරයෙක්,හැබැයි සුන්දර මිනිහෙක්.
ඇමතිකම ගත්තට පස්සෙ...
මිනිහ කෙළින්ම කිව්වා!
මම දන්න ඇති සංස්කෘතියක් නෑ
ඇමතිකම දුන්න නිසා ගත්ත කියල!
ඉතිං ඔය සේකරල එහෙම
කලාකාරයො එකතු වෙලා
පිහිටුවා ගත්ත කලා සංගමේකින්
ඔය ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා.. ඒ ගොල්ලන්ට
තියෙන ප්‍රශ්න, අවශ්‍යතා එහෙම ඇමතිට කියන්න. ඉල්ලපු ගමන් ම සාකච්ඡාව ලැබුණා...
ඉතිං නියමිත දවසෙ
කලාකාරයො ටික අමාත්‍යංශයට ගියා සාකච්ඡාවට. ඇමතිත් එයාගේ ලේකම් එක්ක නියමිත වෙලාවට ම සාකච්ඡාවට ආවා! දැන් සාකච්ඡාව යනවා...
සේකර නැගිටලා....
ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතා,ප්‍රශ්න
එහෙම ඇමතිට පැහැදිලි කරනවා...
ඇමැතිත් නිකටෙ අත තියාගෙන බොහොම වුවමනාවෙන් අහගෙන
ඉන්නව වුණාට එයාගෙ ඇහැ තිබුණෙ ජනේලෙන් එළියෙ තිබුණු
"ගස්ලබු ගහක" සේකර
බොහොම උද්වේගයෙන්
කතා කරන අතරෙ එක පාරට ම
ඇමති ගස්ලබු ගහ පෙන්නල
ලේකම්ගෙන් අහනව...
"ප්‍රේමවර්ධන....අර
ලංසි පැපොල් ගහක්ද ?" කියල...
ඒක අහපු සේකරට
යක්ෂය ආරූඪ වුණා....
ඇයි අප්පා, මෙච්චර වෙලා
කියවපු දේවල් එකක්වත්
මේ මනුස්සය අහගෙන ඉඳල නෑනෙ! මේ ඇමතියට කතා කරපු ටික බීරෙකුට කිව්වනන් මීට වඩා හොඳයි, මෙන්න මෙහෙ වරෙල්ලා යන්න කියල සේකර අර කලාකාරයො ටිකත් ඇදගෙන එළියට බැහැල ආව ලු!

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd