IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


තමන්ට ගැළපෙන විදිහට ’Fashion’ කරන්න ඕනැ - ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්


කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය. ඉන් පසුව ඇඩ්රස් නෑ, සෙනසුරු මාරුව’ වැනි චිත්‍රපට ඔස්සේ ජනප්‍රිය වූවාය. රංගනය ආධුනික නොවන පවුලක දෙවැනි සාමාජිකාව වන ඇය ශේෂාද්‍රි ප්‍රියසාද්. මෙවර 'Fashion' විශේෂාංගය සමඟින් එක්වේ.

  • ෆැෂන්ස් ගැන හිතෙන දේ

ෆැෂන් කියන්නේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒත් තමන්ට සුදුසු දේ තෝරාගෙන කළොත් තමයි ෆැෂන් කියන දේ ලස්සනට පේන්නේ. අඳින පළදින දේත් එක්කම පිරිසිදුකම වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ෆැෂන් කිව්වම අඳින පලඳින දේ ගැන හිතන නිසා ට්‍රෙන්ඩ්ස් ෆලෝ කළත්, ඒ ට්‍රෙන්ඩ්ස් තමන්ට ගැළපෙනවද කියලා හිතලා බලන්න ඕනේ.

  • ප්‍රෝග්‍රෑම්ස්වලට, ඉවෙන්ට්වලට යද්දී මොන වගේ ඇඳුම් ද තෝරා ගන්නේ?  

ඉවෙන්ට්ස්වලට ගොඩක් වෙලාවට තීම්ස් තියෙනවනේ. සමහරු කලර්ස් දානවා. සමහරු ඩ්‍රෙස් කෝඩ් එකක් දානවා. ඒ වගේ වෙලාවට ඒ තීම් එකට ගැළපෙන්න අඳිනවා. එහෙම නැති වුණොත් මම ගොඩක් ආසයි කළු පාට අඳින්න. සාරි අඳින්න. වෙඩින් එකක් වගේ වුණොත් අනිවාර්යෙන්ම සාරියක් අඳිනවා. පෑන්ට් එකකට ලස්සන ටොප් එකක් වගේ ඉවෙන්ට් එකට ගැළපෙන්න අඳිනවා.

  • සාමාන්‍ය ගමනට බිමනට මොන වගේ ඇඳුම් ද?

මම ඇත්තටම කැමැති ෂෝර්ට් එකක් අඳින්න ටීෂර්ට් එකක් එක්ක. ඒත් හැම තැනටම ෂෝර්ට්ස් අඳින්න බෑනේ. ඒ වගේ වෙලාවට, බැගී කලිසම් එක්ක ටීෂර්ට් එකක් අඳිනවා. මට හරි පහසුයි ඒ වගේ ඇඳුම්. පුළුවන් තරම් සැහැල්ලු‍ විලාසිතා තමයි සාමාන්‍ය ගමනට බිමනට තෝර ගන්නේ.

  • අවුට්ෆිට් එකකින් බලාපොරොත්තු වෙන දේ?

මම බලාපොරොත්තු වෙන පළවෙනි දේ කම්ෆර්ට් වෙන්න ඕනේ. ඇඳුම ඇඳන් ඉන්නවා කියන දේ ඔළුවට බරක් වෙන්න හොඳ නෑ. අනික් කාරණාව ඒ ඇඳුම නිසා මාව කැත වෙලා පේන්නේ නැතුව ලස්සනට පේන්න ඕනේ. තව මම තෝරා ගන්න පාට ගැනත් සැලකිලිමත් වෙනවා. මම කලර්ස්වලට ආසයි. කලර්ෆුල් ඇඳුම්වලට ආසයි. හැබැයි යන තැන අනුව කලර්ස් තෝරා ගන්න සැලකිලිමත් වෙනවා.

  • සාරීස්වලට ගොඩක් කැමැතියි කිව්වනේ? මොන වගේ සාරීස්වලට ද කැමැති?

මම ඇත්තටම ගෝඩි සාරිවලට කැමැති නෑ. එහෙන් මෙහෙන් කෑලි එල්ලෙන බර සාරිවලට කැමැති නෑ. සිම්පල් ඇන්ඩ් එලිගන්ට් වෙන්න ඕනේ. සමහර සාරි තියෙනවා අපි ඇහැට දැක්කම ලස්සනට පේනවා ඒත් ඇන්දම එහෙම ලස්සනක් නෑ. ඒ නිසා මේටිරියල්ස් ගැන සැලකිලිමත් වෙනවා. කලර්ස් ගැන නම් වැඩිය හිතන්නේ නෑ. ඒත්, යන තැන වෙලාව අනුව තෝර ගන්නවා. නයිට් ෆන්ක්ෂන් එකකට වගේ යනවා නම් ඩාර්ක් කලර්ස් බ්‍රයිට් කලර්ස්වලට යනවා. ඩේ ෆන්ක්ෂන් නම් ලයිට් කලර්ස් වගේ තෝර ගන්නවා.

  • මොන වගේ ජුවෙලරිවලට ද කැමැති?

හෙවි ජුවෙලරි නම් කැමැතිම නෑ. ෆොටෝ ෂූට්වලට දැම්මොත් ඇරෙන්න මම කැමැති පොඩි පොඩි ජුවෙලරිස්වලට. ඒත් සාරියක් වගේ අඳිද්දී සාරි එක ෂයින් එකක් තියෙන ඩිසයින් එකක් තියෙන එකක් නම් සිම්පල් කරාබු දෙකක් දානවා. සාරි එක සිම්පල් නම් ටිකක් ලොකු කරාඹු දෙකක්, මාලයක් එහෙම යූස් කරනවා.

හැබැයි මේ දවස්වල මම ගෝල්ඩ් කලර් ජුවෙලරිවලට කැමැතියි. ඒ කියන්නේ රත්තරන් නෙමෙයි.  ඒ පාට තියෙන එක එක ජුවෙලරීස්. මම සාමාන්‍යයෙන් කරාඹු එහෙම දාපුම නැති කෙනෙක්. ඒත් මේ ළඟකදී ඉඳන් දිගටම ගෝල්ඩ් කලර් ජුවෙලරි යූස් කරනවා. නිකම් එළියට යද්දීත් දාගෙන යනවා. තව මුදුවලට ආසයි. ඒත් මට හිතෙන්න ඕනේ ඒවා දාන්න. එහෙම හිතුණොත් මුදු තුනක් එහෙම දාගෙන යන වෙලාවල් තියෙනවා.

  • සපත්තු සෙරෙප්පුවලට තියෙන කැමැත්ත කොහොම ද?

වැඩිපුරම කැමැති ෂූස්වලට. වැඩිපුර තියෙන්නෙත් ෂූස්. සමහර වෙලාවට මම ෂූස්වලට මැච් වෙන්න තමයි ඇඳුම් තෝරන්නේ. ඒ තරම් ආසයි ෂූස්වලට. හයිහීල්ස් දාන්නේ ගොඩක් වෙලාවට ඉවෙන්ට් එකකට වගේ යද්දී. අපි දිග ඩ්‍රෙස් එකක් හරි ත්‍රී ක්වාටර් ලෙන්ත් ඩ්‍රෙස් එකක් ඇඳලා ඒකට ෆ්ලැට් දැම්මම කැතයි. ඒ නිසා ඒ වගේ ඒවට හීල්ස් ඩිසයින්ස් වෙනස් කරලා ගළපලා දානවා. තව කෝට් ෂූස් දානවා.


සාමාන්‍ය ගමනට නම් සැන්ඩ්ල්ස් වගේ සැහැල්ලු‍ සෙරෙප්පු දානවා. සෙරෙප්පු වුණත්, මම අඳින ඇඳුමට ගලපලා එක එක හැඩයේ සෙරෙප්පු දානවා. කාලයක් තිබ්බා අඳින ඇඳුමේ පාටම සපත්තු සෙරෙප්පු දැම්ම. ඒත් දැන් කැමැති නියුඩ් කලර්ස්වලට. සපත්තුවේ පාටට බෙල්ට් එක බෑග් එක මැච් කරලා එහෙම අඳිනවා.

  • අහන්න හැදුවේ බෑග්ස් ගැන. කොහොම ද බෑග්ස්වලට තියෙන කැමැත්ත?

බෑග්ස් වෙනස් වෙන්නෙත් යන ඉවෙන්ට් එක, තැන අනුව. මට ඕන සාරියකට මැච් කරන්න පුළුවන් විදියට නියුට්‍රල් කලර්ස්වල පොඩි අත් බෑග්ස් තියෙනවා. ඒවා මාරු කරලා ගැළපෙන්න අරගෙන යනවා. සාමාන්‍ය ගමන් යද්දී නම් ලොකු බෑග්ස් ගෙනියන්නේ. මොකද මට බඩු ගොඩක් තියෙනවා ගෙනියන්න. මම බබත් එක්ක තනියම යද්දී බබාගේ බඩුත් මම ගෙනියන බෑග් එකට දාගෙන යනවා. ඒ නිසා ලොකු බෑග්ස් මට වටිනවා.

බෑග් එකේ ප්‍රමාණේ තීරණය වෙන්නේ මම යන තැනයි, මට ගෙනි යන්න තියෙන බඩුයි අනුව තමයි.

  • පියර්සින්, ටැටූස්වලට කැමැති ද?

අනේ මම ටැටූස්වලට නම් කැමැති නෑ. මම ඒවා ලස්සනට දකිනවා. ඒත් මට ටැටූ කරන්න ආස නෑ. ඕලේවල් ඉවර වුණු ගමන් මම කන ආයෙමත් විද්දා. මොකද මට ලොකු ආසාවක් තිබ්බා ඒ කාලේ කන ආයෙ සැරයක් විදින්න. ඒ ආසාවට කන විද්දා. ඒත් කරාබු දාන්නේ නෑ. ආසා හිතෙන්නේ නෑ එහෙම කරාබුවක් දාන්න. ඒ නිසා ටැටූ පියර්සින් කියන්නේ මට ලොකු ආසාවක් තියෙන දෙයක් නෙමෙයි.

 

 

 

 

 


පවනි උමයංගනා


 

 



අදහස් (0)

තමන්ට ගැළපෙන විදිහට ’Fashion’ කරන්න ඕනැ - ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 958 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site