IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


පෙරුම්පුරා ගෙන ආ සංසාරේ

 

වජිර මහකණුමුල්ලයන්ගේ සුගේය පද සංකල්පනාවෙන් ද සේනානායක වෙිරලියද්දයන්ගේ සුගායනයෙන් සහ ස්වර සංරචනයෙන් ද සුසැදි මෙි ගීමිණ කරුණරසය දනවයි.

මිනිසාට ජීවිතයට වඩා වටිනා තවත් සම්පතක් ලොව තිබෙිද?මිනිස් ජීවිතයේ අසිරිය නොදන්නෝ නොකල්හි නික්මයති.දිවිනසා ගනිති. එහෙත් ජීවිතයට වඩා වටිනා කිසිදු වස්තුවක් මෙි මිහිපිට නැත.ජීවිත් වීමෙන් ම ජීවිතය දිනා ගත යුතුය.ජීවිතයේ අගය නොදන්නෝ මෙි යථාර්ථය නොදකිති.මානසික ව්‍යාධිය ද දිවි තොර කර ගැනීමට එක් හේතුවකි.එහෙත් සංසාර සාගරය තරණය කර විවිධ ආත්මවල ඉපිද මිනිසත්කම ලබන්නෝ වාසනාවන්තයෝය.ජය පැරදුම කාටත් පොදුය.ලෝක ධර්මතාව එසේය.බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුදුබව ලබාගත් බව කියති. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලය අවුරුදු වශයෙන් කෙසේනම් ගණනය කළ හැකිද?මෙි වූකලි උභතෝකෝටිකයකි.එහෙත් එකී කාලය පිළිබඳ කිසියම් විග්‍රහයක් බොදු සාහිත පතපොතේ ඇත.එය මෙසේය."දිග,පළල සහ උස යොදුනක් තරම් වූ බඳුනකට අබ පුරවා වසර සියයකට අබැටක් බැගින් ගත්කළ අබ අවසන් විය හැකි නමුත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක අවුරුදු සංඛ්‍යාව ක්ෂය නොවෙි". මෙි වූකලි බුද්ධත්වයේ දුර්ලභත්වය පිළිබඳ තේරුම් ගැනීමට දී ඇති කදිම නිදසුනක් නොවෙිද? මනුෂ්‍ය ආත්මය ද එපරිදිය.බුදුන් වහන්සේ ද මිනිස් ආත්මයක් ලද පුහුදුන් මිනිසෙක් වූහ.කිසියම් කෙනකු මිනිස් ආත්මයක උපදින්නේ ද කලාතුරකිනි.මෙි පිළිබඳ ලෝ වැඩ සඟරවේ කතුවර වීදාගම මෛත්‍රී හිමියෝ මෙසේ කීහ.

 

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ

මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ

සුදනෙනි කිම වීරිය නොකරන්නේ

 

ඉතා සරල සුගම කවි පෙළක් වූව ද එයින් කතුවරයා පළ කරන ජීවන දර්ශනය ගැඹුරුය.මෙනයින් මිනිස්කමෙි අගය තේරුම් ගෙන ජීවත්වීම ප්‍රඥාගෝචර නොවෙිද?

මෙි ගීතයට පසුබිමින් ඇසෙන කතාව තරමක් ඛෙිදජනකය. මෙහි ගේය පද රචක වජිර මහකණුමුල්ලයෝ එකල බුද්ධ පුත්‍රයෙක් වුහ. එහෙත් දැන් ඔවුහු බුදුගෙය අතහැර ගිහිගෙහි වෙසෙති.එහෙත් මෙි සිද්ධියට මුහුණදෙන අවදියේ මහකණුමුල්ලයෝ හිමිනක් වූහ.දිනක් දුම්රියකින් බණකට වඩිද්දී වෙිගයෙන් ගිය දුම්රිය කිසියම් ඝෝෂාවක් සමගින් අතරමග නතර විය.ඇතමෙක් මෙය කාර්මික දොා්ෂයක් වන්නට ඇතැයි සිතුහ.

මගීහු මහත් කලබලයෙන් දුම්රියෙන් බැස ගොස් සිදුවූයේ කුමක්දැයි විපරම් කර බැලූහ.එහෙත් මහකණුමුල්ල හිමියෝ අසුනෙන් නොනැගිට සිදුවූයේ කුමක්දැයි කල්පනා කරන්නට වූහ.එකෙණෙහි ම මගියෙක් ඇවිත් සියලු තතු හෙළි කළේය.කිසියම් කාන්තාවක් දුම්රියට පැන දිවිනසා ගෙන ඇති බව හෙළිවිය.මෙි පුවත සාවධානයෙන් අසා සිටි මහකණුමුල්ල හිමියෝ වෙිදනාබර සුසුමක් පිටකර නැවත ඇදී යන දුම්රියේ හඬට සවන් දෙන්නට වුහ.ජීවිතයක වටිනාකම තේරුම් නොගත් එම කාන්තාව පිළිබඳ අනුකම්පා සිතින් කල්පනවේ නිමග්න වී සිටි ඔවුහු ⁣ඉබෙිට මෙි ගීතය වචනයෙන් වචනය කුරුටුගෑ වෝය.

 

පෙරුම් පුරාගෙන ආ සංසාරේ

පැතුමද සුනුවිසුනුව වැටුණේ

කාටද රිදුණේ කවුරුද හැඬුවේ

දුම්රිය මොහොතක් නතර වුණේ

 

ආත්ම ගණනක් පෙරුම්පුරමින් ලබාගත් මිනිස් ජීවිතය තණඅග රැඳි පිනි බිඳක් මෙන් තත්ක්ෂණයෙන්, අසුරු සැණින් වියැකී යයි. මරුවා කොයි මොහොතක පැමිණේ දැයි කවුරු දනිත් ද?මරුවාගෙන් මාරුවෙන්න කිසිදු ජගතකුට නොහැකිය.පරමායුෂ විඳ මරු වැළඳ ගන්නෝ වාසනාවන්තයෝය.එහෙත් මරණය නොකල්හි වැළඳ ගන්නෝ අමනෝඥයෝය.කෙතරම් වැට කඩුලු බැඳ ඇතත් සීමා මායිම් තිබුණත් මිනිස්සු ලෞකික ආසා පසුපස හඹා යති.මිනිස් ස්වාභාවය එසේය.සංසාරය යනු උප්පත්ති චක්‍රය යි.එහි නැවතීමක් නැත.මනුෂ්‍යයෝ එහි ඉපිද දුක්විඳ මැරෙති.එහෙත් සසර සයුර තරණය කොට නොනිමි ආසා සන්තර්පණයට ලොබලිය වඩන්නෝ කොතෙකුත් සිටිති.ප්‍රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කු විසින් විරචිත "සංසාරේට මං ආසයි" කාව්‍ය සංග්‍රහයේ අපූරු කවියක් ඇත.පරාක්‍රමයෝ සංසාරය ගැන මෙසේ වනති.

 

" බ්‍රහ්මන් සොයා

නිර්වාණ ස්පර්ශ

සසරින් එගොඩ වීම "

 

ඔබ කී මෙි දේ ගැන

මට පැතුමක් නෑ

කවදාවත් තිබුණෙත් නෑ

 

මං ආසා සංසාරෙට

ආයෙත් ආයෙත්

සසරේ උපදින්නට

ඔිඝය මැද

මිනිසුන් මැද

මිනිසුන් හා වැඩ කරන්න

ඇයි ඒ ?

 

සංසාරය පිළිබඳ කවුරු කෙසේ වැනුව ද ඇතමෙක් එය කෙටිකර ගනිති.මෙි ගීතය ඇසු සැණින් එහි අර්ථය එකවර අවබෝධ නොවෙි.රචකයාගේ අතිසාර්ථක පද සංඝටනය ද ස්වභාවෝක්තිය ද ඊට දෙස් දෙයි.මෙි ගීතයේ කථකාව දුම්රියට පැන දිවිනසා ගත්තේ කුමන හේතුවකට දැයි අපි නොදනිමු.එහෙත් ගීතයේ ව්‍යංගාර්ථ යෙදුම් ධ්වනිතාර්ථපූර්ණ වචන ඔස්සේ ගම්‍යවන්නේ මෙය නුනුවණ ක්‍රියාවක් බව නොවෙිද?

 

කාටද රිදුණේ කවුරුද හැඬුවේ

දුම්රිය මොහොතක් නතර වුණේ

 

ස්ථායි කොටසෙන් වර්ණිත මෙි පදවැල කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?ඇය දුම්රියට පැන දිවිනසා ගත්ත ද එයින් කිසිවකුට රිදුණේ වත් හැඬුණේ වත් නැත.මෙතරම් කුරිරු අන්දමින් මිනිස් ජීවිතයක් බිලිගත් යකඩයකා ද කිසිවක් නොවුණු ගානට තම ගමන මොහොතකට නතර කළා පමණි.කුමන පැතුමක් සුන් වුණ ද පෙරුම්පුරා ලබාගත් ජීවිතය අහිමිකර ගැනීම කෙතරම් බොළඳ ඔිලාරික නොගැඹුරු ක්‍රියාවක් ද?රචකයා ප්‍රශ්න කරන්නේ මෙි යථාර්ථය නොවෙිද?මෙි ගීතය වූකලි ජීවිතය පිළිබඳ ඉගැඹරු විදර්ශනාවකි.

 

මලක් වගේ රොන් සුවඳ වගේ

ජිවතයේ සුව අපමණ වේ

දොළක් වගේ දිය දෝත වගේ

ජිවිතයේ අම සිසල දැනේ

 

මලක මකරන්ද සුවඳ වහනය වන කල්හි සිතට ගතට දැනෙන සතුට කෙතරම් ද ජීවිතයේ සුඛාස්වාදය පරමානන්දය ද එසේය.දොළකින් ගත් දිය දෝතක් මෙන් ජීවිතයේ අමොද රස සිහිල් පහස දැනේ.එබඳු ⁣සුන්දර ජීවිතයක් රසෝඝයක් අතැර ඇතැමුන් නොකල්හි ජීවිතය හැරපියා යන්නේ මන්ද?ජීවිතය අල්ලා ගන්න.එවිට එහි සුන්දරත්වය ඉබෙිම ආස්වාදය කළ හැකිය.රචකයා නොකියා කියන්නේ මෙකී මනුදහම පිළිබඳ නොවෙිද?

 

වරක් නෙතග කඳුළැලි පිරුණාදෝ

සිතට දරාගනු බැරි දුක් වීදෝ

දිවිය මොන තරම් සුන්දරදෝ

දුකම කොයි තරම් සතුටක්දෝ

 

සාහිත්‍යයේ සමස්ත රසය කරුණරසයෙන් අනූන යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ශෝකය පාදක කරගෙන උපදින කරුණරසයට ආදරවන්තයෝ අනවරතයෙන් ම ප්‍රිය කරති.ඔවුහු එයින් විප්‍රලමිභ ශෘංගාර රස විඳිති.ශෝකය උපදින්නේ තමාට අවශ්‍ය යම් දෙයක් නැති වීමෙනි.එබඳු අවස්ථාවලදී දරාගත නොහැකි දුකින් නෙත කඳුළින් පිරීයාම ස්වාභාවිකය.වියෝග ආලය හෙවත් විප්‍රලමිභ ශෘංගාරය රසය විඳින්නෝ මෙහි යථාර්ථය දනිති.එහෙත් ඇතැම්විට දුකත් සතුටට හේතුවන අවස්ථා නැතුවා නොවෙි.ආදරයෙන් අන්ධවූවෝ මෙි යථාර්ථය නොදකිති.ඔවුහු සුවඳ හමන මල් සේ සුපුෂ්පිත වී අකලට පරව යති.තතු මෙසේ වන කල්හි ප්‍රේමය හෝ වෙනත් හේතු මත දිවිනසා ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන් අප හද කම්පා නොවෙිද ?

 



අදහස් (0)

පෙරුම්පුරා ගෙන ආ සංසාරේ

ඔබේ අදහස් එවන්න

ගී විනිස

ගඟක් සනහා මලක් පිපුණා...
2023 සැප්තැම්බර් මස 21 662 0

යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.


කොහේ හෝ ඇති ප්‍රේමයක්..
2023 සැප්තැම්බර් මස 01 746 0

මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි


ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...
2023 අගෝස්තු මස 14 626 3

සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත


එගොඩහ යන්නෝ
2023 අගෝස්තු මස 07 629 0

ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් ⁣පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සය


ඩිංගිරාල නුඹලා වන දෙයියෝය
2023 ජුලි මස 31 636 0

වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ ම


කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......
2023 ජුලි මස 25 335 1

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 457 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1880 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1677 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site