(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල රෝහල ආසන්නයේ දී යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි හබරණ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් එම්. ඩබ්ලිව්. යු.පි.කේ බණ්ඩාර (7339 5) වයස අවුරුදු 32 ක් වූ තොරතුරු තාක්ෂණ නිලධාරිවරයා බව දඹුල්ල පොලිසිය සඳහන් කර සිටී.
පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වී ගලේවෙල ප්‍රදේශයේ නිවස බලා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදු වී තිබෙන බව පොලිසිය කියයි.
පොළොන්නරුව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයේ ද වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
ටිපර් රථයේ රියදුරු පොලිසියට ප්‍රකාශකර ඇත්තේ තමන් වතුර පානය කිරීම සදහා මාර්ගය අසළ වාහනය නවතනවාත් සමඟ පිටුපස ශබ්දයක් ඇසුණු බවත් තමන් වාහනයෙන් බැස බලද්දී යතුරුපැදිය ටිපර් රථයේ පිටුපස ගැටී අයකු වැටී සිටිනු දැක අවට කීපදෙනකුගේ උදව් ඇතිව රෝහලට රැගෙන ගිය බවයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ .සැකපිට ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පොලිස් කොස්තාපල්වරයා දෙදරු පියෙකි. දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


2025 නොවැම්බර් මස 21
90
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
181
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1043
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රිය අනතුරින් කොස්තාපල් මරුට