රිය අනතුරකින් සිව් දෙනකු රෝහලේ මොරගහකන්ද-කළුඟග ජලාශ ව්‍යාපෘතියේ කළුගග වැඩ බිමට අයත් ටිපර් රියක් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් එකිනෙක ගැටීමෙන් ලග්ගල පල්ලේගම නගරයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය කියයි. 17 October 2019
බීමතින් රිය පැදවූවාට අසූදහසක දඩයක් රක්ෂණ සහතිකයක්, රියැදුරු බල පත්‍රයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමතින් ත්‍රිරෝද රථයක් පැද වූ රියදුරකුට රුපියල් 80,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 October 2019
හම්බන්තොටින් මැතිවරණ පැමිණිලි 48 ක් ජනාධිපතිවරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (17) වන විට මැතිවරණ පැමිණිලි 48 ක් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි හා දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය. 17 October 2019
ගංජා ළඟ තබාගත් තරුණයන් තිදෙනෙකු දඩ ගංජා ළඟ තබාගත් තරුණයන් තිදෙනෙකුට එක් අයෙකුට රුපියල් 1500 බැගින් රුපියල් 4,500ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 October 2019
බලපත්‍ර නොමැතිව ගවමස් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බුත්තල ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමතිව ගවමස් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (17) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 17 October 2019
පොලොන්නරුව ලංගම බස් වර්ජනයක් ලංකා ගමනා ගමන මණ්ඩයට අයත් පොලොන්නරුව ඩිපෝවේ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අද (17) උදෑසන සිට බස් රථ ධාවන රාජකාරී කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 17 October 2019
පුංචි ලෝකාන්තය පහළින් මිනිස් අස්ථි කොටසක් හමුවෙයි නකල්ස් , පිටවල පතන , පුංචි ලෝකාන්තයෙන් පහළ ප්‍රදේශයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇති බව ලග්ගල පල්ලේගම පොලීසිය පවසයි. 17 October 2019
පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී පසුගිය 9දා තරුණයකු ඝාතනය කල බවට සැකකරන පුද්ගලයකු සැඟව සිටියදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 17 October 2019
දකුණේ තෝරාගත් පාසල් 10ක සිසුන්ට කිරි වීදුරුවක් දකුණු පළාතේ තොරාගත් පාසල් 10ක දරුවන්1500ක් සදහා දියර කිරි විදුරුවක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2019
ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමියෝ අපවත් වෙති කඩවත ගෝනහේන මූලගන්ධකූටි මහා විහාරය සහ වෑබඩ පුරාණ රජමහ විහාරය යන උභය විහාරයන්හි විහාරාධිපති සියනෑ අළුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමියෝ අද (16) අපවත් වූහ. 16 October 2019
බාලවයස්කාරියට අතවර කරන්න ගිය සාමදාන විනිසුරු අත්අඩංගුවට පාසල් සිසුවියකට අතවර කිරීමට තැත්කළ සාමදාන විනිසුරුවරයකු අද(16) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි. 16 October 2019
නඩුවට ගොස් එද්දී අයියා මල්ලීට පිහියෙන් අනී ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති දික්කසාද නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයකුට ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් අද (16) පිහියෙන් ඇන තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 16 October 2019
ගංවතුරින් මූන්දලමේ පවුල් 155 ක් අවතැන් මහ වැසි හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 155ක වැසියන් 500 කට ආසන්න පිරිසක් අද(16) වන විට අවතැන්ව සිටින බව මූන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පැවසුවාය. 16 October 2019
වැව් වාන් දමා මදුරන්කුලියේ පාසලක් වසා දමයි මදුරන්කුලිය නගරයේ පිහිටි වැව් දෙකක් වාන් දැමීමත් සමඟ එයින් ගලා ආ ජලය හේතුවෙන් පාසලක් වසා දමා ඇති බවත් අනෙක් පාසලේ කටයුතු දැඩි අසීරුතාවයන් මැද පවත්වාගෙන යන බවත් විදුහල්පතිවරු පවසති. 16 October 2019
රෙදිපිළි-මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් අඹුසැමි යුවළ අත්අඩංගුවට දිවයිනෙහි විවිධ ප්‍රදේශවල වෙළෙදසැල් සහ නිවෙස්වලට ඇතුළු වී විදුලි උපකරණ, රෙදිපිළි සහ මුදල් සොරකම් කළැයි සැකපිට අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. 16 October 2019
ඇඹිලිපිටිය - රත්නපුර බස් වර්ජනයක් ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අද (16) අලුයම සිට වැඩවර්ජනයක නිරතවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. 16 October 2019
දියබෙදුම රෝහලේ වෛද්‍ය හිඟය පියවන්නැයි විරෝධතාවයක් පොළොන්නරුව, දියබෙදුම ග්‍රාමීය රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට පියවර ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද(16) දියබෙදුම නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 16 October 2019
විදුහල්පතිනිය නිවැරදි බව මහාධිකරණය කියයි ස්ථානීය පරීක්ෂණයකින් පසු පදිංචියට හිමි ලකුණු අඩුකර ළමයා පළමුවන ශ්රේණයට නොගත් තම දියණිය කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විදුහලට ඇතුල් කරන්න ලෙස නියෝගයක් කරන්නැයි ඉදිරිපත් කළ රිට් පෙත්සමක් රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය. 16 October 2019
පක්ෂ කාර්යාලයක් විවෘත කරන්න ගිය අයෙක් අනතුරකින් මරුට දේශපාලන පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ගිය 77 හැවිරිදි පුද්ගලයකු අනතුරකට ලක්වී මෙන් මිය ගිය බව හංවැල්ල පොලිසිය පවසයි. 16 October 2019
පදික මාරුවේදී අයෙකු අනතුරට ලක් කර පලාගිය රියදුරු අත්අඩංගුවට බණ්ඩාරගම ජාතික පාසල අසළ පදික මාරුවේදී තරුණයකු මරණයට පත්කරමින් පලාගිය කැබ් රථයේ රියදුරු අද(16) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 16 October 2019
ලොරි දෙකක් ගැටී සිව්දෙනෙකුට තුවාල රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ අද (15) ලොරි රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඒවායේ රියදුරන් දෙදෙනා ඇතුළු සිවුදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැල්මඩුල්ල පොලිසිය පැවසීය. 15 October 2019
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට ඇප නියම කරන ලෙස ඉල්ලා රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකු ඉදිරිපත් කර තිබූ ඇප අයදුම් පත් සලකා බැලු දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසරු ඩබිලිව්. පී. එස්. නිස්සංක මහතා ඇප ලබාදීම අද (15) ප්‍රතික්ෂේප කළේය. 15 October 2019
වාහන ආදායම් බලපත්‍ර වංචාවේ සැකකරු රිමාන්ඩ් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයට පටහැනිව දෙපාර්තමේන්තුවට හානි දායකවන ලෙස වාහන ආදායම් බලපත්‍ර නිකුත් කර, රුපියල් (443,176ක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සේවකයා ලබන 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(14) නියෝග කළේය. 15 October 2019
හිගුරාන සීනි සමාගමට අයත් ඉඩමක් අනවසරෙන් බැකෝ දමා විනාශ කරලා හිගුරාන සීනි සමාගමට අයත් ගල්මඩුව කලාපයේ මොරවිල්ආරු ප්‍රදේශයේ උක් වගා කර තිබූ භූමියක් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් බැකෝ යන්ත්‍රයක් දමා වගාව විනාශ කිරීම හේතුවෙන් උණුසම් තත්ත්වයක් ඇතිවිය. 15 October 2019
දමන ප්‍රා.සබේ අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මතයි දමන ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා අද (15) ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත එම සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඒකමතිකව සම්මත කළහ. 15 October 2019
අ‘පුර නගරාධිපති ඇතුළු 9 දෙනකුට අධි චෝදනා අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ නිවසට බෝම්බ ප්රාහාරයක් එල්ල කර රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් නවදෙනෙකුට රජයේ අධි නීතිඥ නුවන් කෞෂල්‍ය මහතා විසින් අධි චෝදනා 13 බැගින් වෙන් වෙන් වශයෙන් අනුරාධපුර මහාධිකරණයේදී බාර දෙනු ලැබීය. 15 October 2019
අලදෙණියේ රක්ෂිතයට අපද්‍රව්‍ය බැහැර කළ දෙදෙනෙකු අල්ලයි කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අලදෙණියේ රජයේ රක්ෂිතයට ලොරි රථයකින් නරක් වූ කරවල ඇතුළු අපද්‍රව්‍ය තොගයක් බැහැර කළ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් අල්ලා පොලීසියට බාරදුන් පසු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි. 15 October 2019
මාර්ගයට හානි කරමින් පස් ප්‍රවාහනය කළැයි විරෝධතාවක් කොට්ටුකච්චිය ඇතුන්ගොඩ සිට ගල්කුලම දක්වා දිවෙන මාර්ගයේ පස් ප්‍රවාහය කරනු ලබන ටිපර් රථ ගමන් කිරීම හේතුවෙන් මාර්ගයට හානි සිදුවී අබලන් තත්වයට පත්වී ඇතැයි චෝදනා එල්ල කරමින් ගම්වාසීහු පිරිසක් අද(15) විරෝධයක නිරත වූහ. 15 October 2019
පදික මාරුවේදී වූ රිය අනතුරකින් අයෙක් මරුට බණ්ඩාරගම කලුතර මාර්ගයේ ජාතික පාසල ඉදිරිපිට පදික මාරුව මතින් ගමන්ගත් තරුණයකු අද(15) කැබ් රථයක ගැටී මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය පවසයි. අනතුර සිදු කළ කැබ් රථ රියදුරා පලාගොස් ඇත. 15 October 2019
ගසක් කඩා වැටී පාසල් සිසුවියකට තුවාල දංකොටුව කිරිමැටියාන - පොතුවටවන මාර්ගයේ මඩවලපිටිය මංසන්ධිය ආසන්නයේ පිහිටි විශාල නුග ගසක් මාර්ගය මතට කඩා වැටීමෙන් එම ගස ආසන්නයෙන් ගමන්ගත් පාසල් සිසුවියක් තුවාල ලබා අද (14) මාරවිල මූලික රෝහලට ඇතුළත්කර ඇතිබව කොස්වත්ත පොලිසිය පවසයි. 14 October 2019
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026