වැඩි මිලට සිමෙන්ති විකිණු 5 ක් අත්අඩංගුවට
සිමෙන්ති තොග සගවා තබා ගැනිම සහ ලකුණු කළ මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරිම යන චෝදනා මත නොච්චියාගම,කුකුල්කටුව,මිහින්තලේ සහ පුල්ලේයාර් හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකු සිමෙන්ති මිටි දෙසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.