IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන්‘‘

(මොහොමඩ් ආසික්)

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය හරහා මුදා හැරීමට  පියවර ගෙන ඇති  බව දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

අද (08) වැනිදා මැණික්හින්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත්  අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.

             ‘‘අපට තියෙන ආරංචි අනුව ප්‍රබල  අමාත්‍යවරයෙකු  තවත්  කීහිපදෙනෙක් සම්බන්ධ කරගෙන  මඩ ගැසීමේ ව්‍යාපාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචි වෙලා  තියෙනවා. මේ වඩ ව්‍යාපාරය  මීළඟට එන දින පහ හය තුළ ඉතා ප්‍රබලව සමාජ මාධ්‍ය හරහා සහ අනෙකුත් මාධ්‍ය හරහා ඔවුන් ක්‍රියාත්මක  කරන්න බලාපොරොත්තු වෙනවා. මඩ ව්‍යාපාරයක් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට රටේ ජනතාව  උත්තරයක් හොයන්න ඕන .

මඩ ව්‍යාපාරයක් ඕන වෙන්නේ ගොඩින් ඇවිත් බැරි නිසයි. මේ වන විට ඕනම  එක්සත් ජාතික පාක්ෂිකයෙකුගෙන්  ඇහුවොත් කියන්නේ පණහට පණහ වගේ නේද තියෙන්නේ කියලයි.

කරට කර වගේ නේද කියලා.  ඒක ඇත්ත ඔවුන්ට කියන්න බෑ ඔවුන්ගේ අපේක්ෂකයා පරාදයි කියලා. ඔවුන්ට කියන්න පුළුවන් හොඳම විදිහ තමයි කරට කර වගේ නේද කියලා.

කරට කර නේද කියල කියන්නේ අපේ එකා පරදිනවා කියලා කියන්න බැරි නිසයි. අපි නම් බොහොම් පැහැදිලිව කියනවා සියයට 57 ත් 59  ත් අතර ඡන්ද ප්‍රමාණයක් අර ගෙන ලක්ෂ 12 සිට 16 ක් දක්වා වැඩි ඡන්දයකින් නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජය ගන්නවා කියලා.  

ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන  යමින්  ඉන්නවා. සුළු ජාතීන්  ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිද ගෙනල්ලා  සහරාන් එක්ක තිබුණ සම්බන්ධකම් කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා  සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්.  ඒ නිසා හිතන්න එපා මඩ ප්‍රහාර එල්ල කරලා මේ රටේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා.  බොහොම පැහැදිලිව අපි කියනවා අපි සුදානම්  ඒ මඩ ප්‍රචාරත් එක්ක මේ රටේ ජනතාවට මුහුණ දෙන්න .

දෙමළ සන්ධානය සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙනව කියලා කිව්වා. මෙන්න තියෙනවා කොන්දේසි මාලාව .මේ කොන්දේසි මාලාව දිහා බැලුවහම  යුද සමයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා හිටිය මට  හරි දුකක් කණගාටුවක් ඇති වෙනවා.

රණ විරුවන් 30,000 කට වැඩිය ජීවිතය පූජා  කළා. තවත් 30,000 කට ආසන්න ප්‍රමාණයක්  අත පය අහිමි කර ගත්තා. ඒ කාලයේත් ප්‍රභාකරන් තුවක්කුවෙන්  බලාපොරොත්තු  වුණේ  මේකටත්  අඩුවෙන්.  විශේෂයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව ප්‍රකාශ කරනවා මාස තුනක් අතුලත මේවා ඉෂ්ඨ කරන්න ඕන කියලා.

ඊයේ සම්බන්ධන්  මහතා පාර්ලිමේන්තුවේදී  කළ කතාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම කියලා මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එපා කියලා  මේක බලන කොට  අපිටම පුදුම හිතෙනවා.  මේ වගේ වැඩපිළිවෙළකට සජිත් ප්‍රේමදාස එකඟ වෙන්නේ කොහොමද කියලා මේක කිව්වහම අපිට ජාතිවාදීන්  කියලා කතන්දරයක් කියයි. නමුත් අපේ ජාතිවාදය සිංහල මුස්ලිම් දෙමළ බර්ගර්  මැලේ සියලු දෙනා එක්ව ජීවත් වීමයි. සංහිඳියාව කියන වචනය පාවිච්චි කළත් තමුන්නාන්සේලා සංහිඳියාව දැක්කේ නෑ.

සංහිඳියාව නරක දේවල්වලට පමණක් සීමා වුණ කාලයක් තිබුණා. මේ රට කෑලි කෑලි කඩල දෙන්න රටට අහිතකර ගිවිසුම් හදලා මේ රටේ භූමිය අවදානමකට ලක් කරන්න අපි සූදානම් නෑ.16 වනදා ඒ වැඩපිළිවෙළ පරාජය කරන්න ජනතාව බලාගෙන ඉන්නවා.

ඒ නිසා අපි නැවත ඉල්ලා සිටිනවා අපිත් එක්ක සටනට මඩින් එන්න එපා ගොඩින් එන්න. අපේ සටන බොහොම පිරිසිදු පැහැදිලි අලුත් රටක් නිර්මාණය කරන්න හොඳට තිබුණ  රටකට අද වෙච්ච දෙයක් කියන සටන් පාඨය අද වලංගු  වෙලා තියෙනවා.  ඒකීය කියන සංකල්පය සිංහලෙන් දාල තියෙනවා සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ.

නමුත් සම්බන්ධන් මහතා  පැහැදිලිවම පාර්ලිමේන්තුවේ  කියනවා එක්සත් රටක් කියලා. මේ කණගාටුදායක තත්වයෙන් රට මුදවා ගන්නට අපි කටයුතු කරනවා කියන එක කියන්න ඕන යැයිද මන්ත්‍රීවරයා මෙහිදී කීය.

 



අදහස් (0)

‘‘එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site