(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
සජිත් ප්‍රේමදාස මහතා නායකයෙකු වෙයි කියා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් ඇති බවත් එම අවස්ථාව ඔහුට ලබා දෙයි කියා අපෙත් බලාපොරොත්තුවක් ඇති බවත් විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා අද (11) පැවැසීය.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.
“මේ රටේ නායකයන් බිහිවී නැතියි කියලා අපිට කියන්න බැහැ. මේ රට නායකයන් කීහිපදෙනෙකු පාලනය කරලා තියෙනවා. රට පාලනය කරපු ඒ සියලුම නායකයන් කටයුතු කරන්නේ තමන්ගේ පක්ෂය බලලයි.
අද ගත්තනම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නවා. දෙමළ හා මුස්ලිම් පක්ෂවලත් නායකවරු ඉන්නවා. නමුත් ඒ හැමෝම කටයුතු කරලා තියෙන්නේ දේශපාලනය කරන්න තමයි.
රට ගැන හිතලා, අනාගතය ගැන හිතලා කොහොමද රට ගෙනියන්න ඕනෑ කියලා වැඩ කරන නායකයෙක් අපිට අද වෙනකල් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේ නායකයෙකු අපිට අවශ්‍යයි. අපිට කියන්න පුළුවන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාවගේ දුක පිළිබඳව හොදට හොයලා, ඒ දුක හඳුනාගෙන ඒ මිනිස්සුන්ට වැඩ කරන්න කටයුතු කරපු ජනාධිපති කෙනෙක් කියලා.
ඒ වගේ ජනාධිපතිවරයෙකු මේ රටට එන්න ඕනෑ යැයි අපේ බලාපොරොත්තුව. එතුමා ඒ කාළේ හොද වැඩ ගොඩක් සිදුකරා. සමහර වෙලාවට එයා නරක වැඩ කරා කියලා සමහර අය බැන්නා. නමුත් එතුමා හොද වැඩ රාශියක් සිදු කළා කියලා අපි පිළිගන්න ඕනෑ.
අනිවාර්යෙන්ම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙනියන්න ඕනෑ. පාර්ලිමේන්තුව තමයි මේ රටේ උත්තරීතර ආයතනය වන්නේ. ඇත්ත කියන්න, ඇත්ත දැන ගන්න මේ තේරීම් කාරක සභාවෙන් අවස්ථාව දෙන්න ඕනෑ.
ජනාධිපතිතුමා දැන් මේක ගැන කලකිරීමෙන් ඉන්නවා වගේ අපි දන්නවා. නමුත් මේකෙන් අවස්ථාව දීලා මේකේ මොනවද වෙන්නේ කිලයා එතුමාත් දැන ගත යුතුයි. රටේ ජනතාවත් දැන ගත යුතුයි.
මේක ජනතාවට දැන ගන්න විදිහට මාධ්‍යයට අවස්ථාව දීලා තියෙනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මාධ්‍යායට දෙන්න එපා කියලා කතාවක් යනවා. ඒ වගේ දේවල්වල රහස්‍ය භාවය රැකලා අනෙකුත් කරුණු ජනතාවට දැන ගන්න ඉඩ දිය යුතු යැයිද” ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘සජිත් නායකයෙකු වෙයි කියලා ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා‘‘