
(නිමල කොඩිතුවක්කු)
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ලබාදී ඔවුන්ව සවිබල ගන්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවත් ඒ කාලයේ සිදුවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීමත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.
රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා ලබා දෙන ආර්ථිකයේ කොදු නාරටිය වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වා මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ක්‍රියාවට නංවන්න කාලය එලැබ ඇති බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
රටට බරක් මේ මනුස්සයා.
ඔබතුම දැනට සතියකට පමණ පෙර රජයට බල කරනවා සේවක පඩි වැඩි කරන ලෙස , අද කරන ප්‍රකාශයේදී ඔබතුම පිලිගන්නවා පසුගිය කලේ තිබු පාස්කු ප්‍රහාරය , කොවිඩ් සහ ආර්ථික කඩ වැටීම මත වියාපාර කඩාවැටී වියපරිකයෝ අඩපන වී ඇතිබව , ඔබතුම කතාකරන වෙධිකාවෙන් , වෙධිකාවට ගැලපෙන ලෙස ගැලරිය පිනවීමට ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් එතන විශාල අවුලක් තිබෙනවා නේද ? කරුණාකර හර්ෂ ද සිල්වා , කබීර් හෂීම් , එරාන් වික්රමරතන වැනි පක්ෂයේ ආර්ථික උපදේශකයන් සමග පක්ෂ අභ්‍යන්තරයේ සාකච්චාවක් කර පක්ෂයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් හදාගෙන ඒකට අනුව අදහස් දක්වන්න , නිකන් හිතට එන එන දේවල් කියන්නේ නැතුව.
එතකොට අර බලෙන් අල්ලගෙන හිටින සැලෝන් එකටත් සපෝර්ට් එකක් හම්බවෙයිද?
මෙයාට ලණු දීලා, මොකද රජය ඔය පරාටේ නීතය බලගන්වන්නට කලින් එය අදාළ අයට සහන දීලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවස්ථාව දුන්නා, රටේ බැංකු පද්ධතියත් රැක ගන්න වෙනවා, මහ බැංකුවෙ වගකීමක් එය, මහ බැංකුව ස්වාධීනයි. ඒක නිසා ඔය කියන විදියටම වැඩ කරන්න බැහැ, ඒකට ඔයා ජනාධිපති වෙනකන් ඉන්න...
අනේ ඔය මෝඩ පුතානෝ එක එක වෙලාවට කටට එන එන දේ කියවනවා. කවුරුත් ගණන් ගන්න එපා...