IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘වෛද්‍ය ෂාෆිගේ ක්‍රියා යටපත් කිරීමට උත්සාහ කළොත් ජනතාව පාරට බස්සවනවා‘‘

(පුෂ්පකුමාර ජයරත්න)

ආණ්ඩුකාර ධූරයේ බලය සහ රාජ්‍ය බලය යොදාගනිමින් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයා විසින් සිදුකර ඇති බව පැවසෙන අපරාධ හා වංචනික ක්‍රියා යටපත් කිරීමට සූදානම් නොවන ලෙසත් එසේ වුවහොත් අසාද් සාලි ආණ්ඩුකාරවරයාට සහ රජයට එරෙහිව ජනතාව පාරට බස්සවන බවත් අද (27) කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි රතන හිමියෝ රෝහල් පාලනාධිකාරිය සමඟ සහ රෝහලේ සියලුම සේවා අංශවලට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී දීර්ඝ වේලාවක් උද්ගතව පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

ඉන් අනතුරුව රෝහලට පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන්ට රතන හිමියන් හමුවූ අවස්ථාවේදී ඔවුහු හඬා වැටෙමින් තම දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.

අසාධාරණයකට ලක්වූ මව්වරුන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරදීම සඳහා තමන් මැදිහත් වන බව රතන හිමියෝ පැවසූහ.

ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට පාර්ශ්ව කීපයකින් එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරමින් රටට ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරදීමට නීතියට අනුකූලව වෙහෙසෙන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ පොලිස් නිලධාරීන්ව මාරුකර යැවීමටත්, ඔවුන්ට බලපෑම් එල්ල කිරීමත් නොකරන ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට තරයේ දන්වා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

මින් පසුවට මහපාරේ සිට මේ රට පාලනය කරන්නේ භික්ෂූන් වහන්සේලා ඇතුළු මහජනතාව බවද ප්‍රකාශ කළ රතන හිමි මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අනිසි බලපෑම් නොකොට සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් බවද පෙන්වා දුන්හ.

මේ දරුණු සිංහල ජාතිය වඳ කිරීමේ සාහසික අපරාධයට ෂාෆි ෂිහාබ්දීන් වගකිවයුතු බව සනාථ වුවහොත් ඔහුට ඉහළම දඬුවම් නියම කළ යුතු බවද රතන හිමි අවධාරණය කළහ.

   

 



අදහස් (0)

‘‘වෛද්‍ය ෂාෆිගේ ක්‍රියා යටපත් කිරීමට උත්සාහ කළොත් ජනතාව පාරට බස්සවනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site