IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘රාජපක්ෂ අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්වීම එජාජයට ජය ගෙන එයි’

(නිමල කොඩිතුවක්කු)
 

රාජපක්ෂ  පවුලේ අයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණයට මඟ පාදන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

රාජපක්ෂ පවුලේ  ඇති  ගෝත‍්‍රිකවාදී, ජාතිවාදී, පවුල්වාදී සභාවය සහ රාජපක්ෂ යුගයේ සිදුවූ වංචා, දූෂණ සහ ඝාතන ඔවුනගේ පරාජයට ඉවහල් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ කාර්යාලයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීය.

 ‘‘මේ දිනවල බොහෝ දෙනෙක් ජනාධිපතිවරණය පිළිබඳ කතා කරනවා. එහිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ ඒ සඳහා ඉදිරිපත් වන අපේකෂකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.


අපේ රටේ දේශපාලනයේ ජනාධිපතිවරණයට ඉතා සුවිශේෂි තැනක් හිමිවෙනවා. විධායක බලතල සහිතව ජනාධිපතිවරයා පත්වීම මෙයට හේතුවී තිබෙනවා. අද ඉන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඊළඟට පත්වීමට නියමිතව ඇත්තෙත් විධායක ජනාධිපතිවරණයෙක්.  ඒ අතරතුර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව  වෙනස් වෙයි කියලා අපිට යථාර්ථවාදීව හිතන්න පුළුවන්කමක් නැහැ.


දේශපාලන පක්ෂ ජනාධිපතිවරණය සඳහා තමන්ගේ හොදම අපේක්ෂකයා ඉදිරිපත් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අපේක්ෂකයාට මුළු රටේම ආදරය ගෞරවය දිනාගන්න පුළුවන් විය යුතුයි. ඒ වගේම විවිධ මතවාදයන් දරන සියලූ දෙනාටම  නායකත්වයක් දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් තෝර ගන්න හැම පක්ෂයක්ම උනන්දු වෙනවා.

එක්සත් ජාතික  පක්ෂය සමග සන්ධානගතව සිටින ඒ සියලූම පක්ෂ එකතුවුනහම මේ මැතිවරණයේදී අපිට ජයග‍්‍රාහී අපේක්ෂකයා ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල විසින්.  සෞදි අරාබිය, කුවේට්,  බෘනායි වගේ රාජපක්ෂ පවුල තමයි නායකයා අනුප‍්‍රාප්තිකයා  තෝරන්නේ.

 රාජපක්ෂ පවුල ජාතිවාදී මොඩලය තුළ තමයි  මෙතෙක් කටයුතු කලේ. මේ මගින් රටේ යම් ප‍්‍රදේශයක ඔවුන්ට යම් මතයක් ඇති කර ගත හැකි වුනාට මුලූ රටම  කියන ඒකකයට ඡුන්දයක් තියනවිට ඔවුන්ට ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ.



අදහස් (0)

‘රාජපක්ෂ අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්වීම එජාජයට ජය ගෙන එයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site