(නාලක සංජීව දහනායක)
සියලු මුස්ලිම් ඇමතිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්‍ෂය විසින් රඟදක්වන තවත් එක් දේශපාලන නාටකයක් බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද (04) පැවැසීය.
අරලියගහ මන්දිරයේ සිට අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය එම නාට්‍යයේ පිටපත රචනා කළ බව කී මන්ත‍්‍රීවරයා එයට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද කීය.
මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීම හේතුවෙන්, ත‍්‍රස්තවාදීන්ට මුදල් ලබාදුන් පුද්ගලයන්, මද්‍රසා පාසල්, විදේශ රටවලින් මෙරටට පැමිණ අන්තවාදී ඉගැන්වීම්වල නිරත වන තැනැත්තන් පිළිබඳව කතා නොකර මෙම අස්වීම පිළිබඳව කතාකිරීමට පටන්ගන්නා බවද කීය.
චෝදනාවලට ලක්වූ පුද්ගලයන් හැරුණුවිට සියලු මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම කිසිසේත් බලාපොරොත්තු නොවූ බව කී යාපා මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලා අස්වීම හරහා පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය දේශපාලනීකරණ කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම එජාපයේ දේශපාලන නාටකයක්’