IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


“මනාප ඡන්ද ක්‍රමය දැන් මිනිසුන්ට තිත්ත වෙලා”

(අනීෂා මානගේ)
 
“මනාප ඡන්ද ක්‍රමය මිනිසුන්ට දැන් තිත්තවෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම, ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා” යැයි විදුලිබල සහ බලශක්ති, ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(05) අඟුණකොළපැලැස්සේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
 
“පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ 225ටම බෝම්බ ගහන්න කියපු යුගයක් තිබුණා. එයට හේතුව ඒ පාර්ලිමේන්තුවේ සමහර අය එතනෝල්වලට සම්බන්ධ අය, සූදුවලට ජාවාරම්වලට, පාතාලයට චන්ඩිකම්වලට හුරුවුණ අය සහ අශීලාචාර විදියට හැසිරුණ අය දැක්ක නිසායි එහෙම කිව්වේ. පාර්ලිමේන්තුවට යවන්නේ ගහගන්න නෙවෙයි. එහෙම අය යැවීමෙන් රටට හොඳක් වෙන්නේ නැහැ.
 
මගේ දේශපාලනයේ කිසි කෙනෙකුට විවේචන නැහැ. මම ඉන්න කිසිම දේශපාලන වේදිකාවක තවත් අපේක්ෂකයෙක්ට ඡන්දෙ දෙන්න එපා, එයා හොඳ නැහැ, එයාව සුදුසු නැහැ කියන්නේ නැහැ. මනාප ඡන්ද ක්‍රමය මිනිස්සුන්ට දැන් තිත්ත වෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න  පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා. අපිටත් විවිධ දේවල් කියනවා. මම ඒ අයට කියන්නේ ‘පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ’ කියලා. මම ඒවා සාවධානව අහගෙන ඉඳලා අවශ්‍ය වේලාවට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවා. එක එක්කෙනාට උත්තර දෙන්න යන්නේ නැහැ. චරිත ඝාතන, මඩ, අපහාස කිරීම් දේශපාලනය නෙවෙයි. උගත් බුද්ධිමත් අයගේ ඡන්දය තර්ජනය කරලා රවටලා ගන්න බැහැ. අපි මේ සියල්ලන්ගෙන්ම බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය මහත්තයාට තුනෙන් දෙකේ බලය ලබා දෙන්නයි” යැයිද කීවේය. 



අදහස් (0)

“මනාප ඡන්ද ක්‍රමය දැන් මිනිසුන්ට තිත්ත වෙලා”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site