(රංජිත් රාජපක්‍ෂ)
ඇතැම් මාධ්‍ය උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් රටේ දැනට තිබෙන සංහිදියාව නැති කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් ශාන්ත ගේබි‍්‍රයල් බාලිකා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල අද (07) සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
“යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මේ රට දෙකඩ කඩා බෞද්ධ ආගමට හිමි ස්ථානය පහළ දැමීමට කටයුතු කරන බවට ඇතැම් පිරිස් ජනතාවට බොරු බියක් ඇති කරනවා.
එවැනි කිසිදු කටයුත්තක් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ.යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම පිළිබඳ මුලික වටයේ සාකච්ජාවල සිටි කෙනෙක් විදියට මම ඒක කියන්නේ.
එම ව්‍යවස්ථාවෙන් ඒකීය රටක් තුළ බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා“යැයි ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මාධ්‍ය පාවිච්චි කරලා සංහිඳියාව නැති කරනවා
chris Wednesday, 12 July 2017 11:24 PM
රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් පරම්පරා ගානකට කොල්ලකාලා තියන වංචා වැඩ සේරම කරලා, රටේ අහිංසක මිස්සුන්ව නොමග යවන ලෝකය ඉන්න ලැජ්ජ නැති ජරාම ජන කොට්ටාසය තමා ලංකාවේ දේශපාලකයෝ අබ සරනයි ශ්‍රී ලංකා
lion Thursday, 13 July 2017 12:47 AM
අනේ මේ මනුස්සය කටින්ද කතා කරන්නේ රාජපක්ෂට වැද වැදඉදල දැන් වැළ යන අතට මැස්ස ගහනවා . හෙට රාජපක්ෂ බලයට එනවනම් මෙයා ඒ මනුස්සයාගේ ගුණ ගායනා පටන් ගනී . මේ වගේ අය මිනිස් කමටත් නින්දාවක්