IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘මැතිවරණය ජයග්‍රහණය කිරීමට අසීරු බව තේරුම් ගත් ආණ්ඩුව විපක්ෂයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය යොදවනවා’

(නිමල කොඩිතුවක්කු)


මහමැතිවරණය ජයග්‍රහණය කිරීම අසීරු බවට තේරුම් ගෙන ඇති ආණ්ඩුව මැතිවරණයේ  වාසි ලබාගැනීම සදහා  විපක්ෂයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී අද (8) පැවසීය.


තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට සිහින මැවූ ආණ්ඩුවට මැතිවරණ ජයග්‍රහණ පවා අසීරු වී ඇති  බැවින් පොහාට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ජනාධිපතිවරයා පෙරමුණ ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.


ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන  කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
   

මැතිවරණ උණුසුම එන්න එන්නම වැඩිවෙමින්  තිබියදී ආණ්ඩුව රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් අපිට විරුද්ධව  මැතිවරණ වාසි ලබා ගැනීමට කටයුතු කරනවා. කොළඹ නගරයේ මගේ කාර්යාලය දෙකක පුවරු පොලීසිය යොදවලා ගැලෙව්වා. කොළඹ නගරයේ අනෙකුත් පක්ෂවල ඕනතරම් ප්‍රචාරක පූර්ව තිබෙනවා.
විපක්ෂයේ  අපි ඉලක්ක කර ගනිමින් මර්දනකාරී වැඩ පිළිවෙළක්  ක්‍රියාත්මක වනවා. මෙ සදහා ආණ්ඩුව  පොලිසිය සහ රාජ්‍ය මාධ්‍ය යොදාගෙන තිබෙනවා.
තමන්ගේ රූපයවත් ඡන්දෙට යොදාගන්න එපා කියපු ජනාධිපති දැන් පොහොට්ටු ඡන්ද ව්‍යාපාරයට වෙන වෙන රැස්වීම් ගාන යනවා. ඔහුගේ රැස්වීමට මීටර නෑ සිය දෙනාගේ සීමාව නැහැ. දැන් බලාගෙන යනකොට මැතිවරණ කොමිසමේ නිර්දේශ යොදාගෙන තිබෙන්නේ විපක්ෂය අපි මර්දනය කිරීමටයි. 
මැතිවරණ නීති ගැන  මාධ්‍යයට ඇවිත් ප්‍රකාශ නිකුත්  කරාට වැඩක් නෑ කියලා මැතිවරණ කොමිෂන් සභාව සභාවේ සභාපතිවරයාට අපි කියනවා. මැතිවරණ නීති රීති රීති එක සමානව ක්‍රියාත්මක විය යුතුයි. ඒක සොයා බැලීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වගකීමක්. එහෙම නැතුව මාධ්‍ය සංදර්ශන කලා කියලා වැඩක් වෙන්නේ නැහැ.


පොහොට්ටුව  මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ තුනෙන් දෙකක බලයක් ඉල්ලමින්. දැන් ඒ ජනතා වරම දිනෙන් දින දියවෙමින් යනවා. ආණ්ඩුව පත් වෙලා මාස අටක් තුළ දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැහැ. අපි දින සියයක් තුළ කරපු වැඩ වලින් සියයෙන් එකක්වත් මේ ආණ්ඩුවට පහුගිය මාස අට තුළ කරන්න බැරි වුණා. මේ ආණ්ඩුව වැඩ බැරි අසමත් ආණ්ඩුවක් කියලා ඔප්පු වෙලා හමාරයි. මේ ආණ්ඩුවට තව බලය ලැබුණත් එච්චරම තමයි.


පොහොට්ටුවේ පිරිස් සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය ගැන අපේ ඇමැතිවරුන්ට චෝදනා කළා අද වෙනකම්ම වැරදිකරුවෙක් නැහැ. මහබැංකු සිද්ධියට අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගේනවා කිව්වා. අද එයාලගේ දේශපාලන වේදිකාවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නමවත් කියන්නේ නැහැ. මහබැංකු චෝදනාව ගැන චෝදනා එල්ල කරපු දේශපාලනඥයන් ගැනත් අද හා හූවක් නැහැ. ආණ්ඩුව මේ අයත් එක්ක ඩීල් දාගෙනද කියලා අපි දන්නේ නැහැ.


ඡන්දෙ කාලේ එම්.සී.සී ගිවිසුම ගැන කතා කළා. රට දෙකට බෙදෙනවා කිව්වා. ඇමරිකානු කොලනියක් වෙනවා කියලා බිල්ලො මැවුවා. අද කමිටු දාලා ඡන්දෙන් පස්සෙ එම් සී සී ගිවිසුම අත්සන් කරන්න හදනවා.මේ ගිවිසුමට ජනාදිපතිවරනයේදී තිබුණු විරෝධය අද නැහැ. සේරම ඡන්දෙ කාලේ  කරපු බොරු චෝදනා කියලා කියල අද ඔප්පු වෙලා තියෙනවා. ආණ්ඩුව දෙනවා කියපු සහන අද ජනතාවට නැහැ.අඩුම තරමින් අපි දීපු සහනත් කප්පාදු කරලා. ආර්ථිකය කඩාවැටිලා. මූල්‍ය සැලසුම්  නැහැ. ජීවන වියදම ඉහළ ගිහින්. ජනතාවගේ පීඩනය දැන් දිනෙන් දින වැඩිවෙනවා.


 



අදහස් (0)

‘මැතිවරණය ජයග්‍රහණය කිරීමට අසීරු බව තේරුම් ගත් ආණ්ඩුව විපක්ෂයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය යොදවනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site