
රටේ කාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සමග කළ සාකච්ඡාවකි.
ආණ්ඩුවට මාස 18යි. මොකක් ද ඔබේ ශේෂ පත්‍රය?
පිළිතුර: පළමුවෙන්ම කියන්න ඕනෑ ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධිපතිතුමා අතිමහත් ලජ්ජාවට පත්වෙලා ඉන්නේ. ඒකට හේතුව බලය ලබා ගන්න පෙර එතුමා විවිධ ක්ෂේත්‍ර ගැන කළ ප්‍රකාශ. තෙල් මිල ගැන, විදුලිය ගාස්තුව අඩු කිරීම ගැන, ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම ගැන, වංචා දූෂණ මැඩලීම ගැන, චෞර වළල්ලක් ගැන විවිධ කතා පැවැත්වූවානේ. ඒවාට හාත්පසින්ම වෙනස් දේවල් තමයි දැන් කරගෙන යන්නේ. පැරැණි රටාවටම තමයි යන්නේ. සමාජ මාධ්‍ය මගින් ඔහුගේ පරණ කතා ගැන දැන් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කළාම ඔහු හා ඔහුගේ කණ්ඩායම ඉතාම ලජ්ජාවට පත් වෙනවා. ලජ්ජාවට පත්වීමත් එක්කම ඊළඟට බියට පත් වෙනවා.
ඇයි බියට පත්වෙන්නේ. ඔවුන්ට රාජ්‍ය බලය තියෙනවනේ?
පිළිතුර:- බියට පත්වෙන හේතුවක් තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම සියයට තුනයි. නමුත් ඔවුන්ට මෙවර ජනතා විමුක්ති පෙරමුණේ නොවන ඡන්ද අති විශාල ප්‍රමාණයක් ලැබුණා. ජනාධිපතිවරයාටත් ලැබුණේ සියයට 40ක් ලැබුණේ පිට ඡන්ද. මහ ඡන්දෙදී ඒක තවත් වැඩි වුණා. ඒ කියන්නේ ලක්ෂ 4ට ලක්ෂ 68ක් පිටින් ආවා. එක ජේවිපි ඡන්දයට ඡන්ද 16ක් පිටින් ආවා. ඒ අය ඕනෑම වෙලාවක ගැලවිලා යන්න පුළුවන්. මේක කලින් නොතිබුණ තත්ත්වයක්.
ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:- මම උදාහරණයක් කියන්නම්. ගෝඨාභය රාජපක්ෂගේ සිද්ධිය ගත්තාම මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 45ක් තිබුණා. ඒ ලක්ෂ 45ට තමයි පිටින් ඡන්ද ලක්ෂ 23ක් ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ. ඒක පිරමීඩාකාරයි. මේක පීරමීඩය අනිත් පැත්තට හරවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අය බියට පත්වෙලා තියෙනවා අර පිටින් ආපු ඡන්ද ලක්ෂ 64 ඒගොල්ලන්ගෙන් ගැලවී යනවා කියලා ඔවුන්ගේම සමීක්ෂණ වාර්තාවලින් හෙළි වෙලා තියෙන නිසා. ඒ නිසා විවිධ අයව යොදවලා සමාජ මාධ්‍ය බුබුලක් හදලා පවතින්න හදනවා. නමුත් ඒක වැඩක් නෑ. බියත් එක්කම බලය අහිමි වීමේ ප්‍රශ්නයේ දී බියට පත්වෙලා. ඉන්නේ මාලිමාවේ අය නොවෙයි. අවුරුදු 69කට පස්සේ ඔවුන්ට බලය ලැබුණා. කැරැලි ගහලා කර ගන්න බැරි වෙච්ච දේ කර ගත්තා. ඒක නිසා හොඳින් හෝ නරකින් හෝ අසුචි ගහලා හරි අසුචි කාලා හරි අපි මේක ගෙනියනවා කියලා කියන්නේ ඒ නිසයි. එතැනදී ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ නොවන කුසලතා පූර්ණ අය කවුද විපක්ෂයේ ඉන්නේ රට ගෙනියන්න කියලා. අන්න ඒ අය විතරක් ඉලක්ක කරලා මර්දනය දියත් කරනවා. එච්චරයි අපට පේන්න තියෙන්නේ. ඒ නිසා දහ අට මාසයේ ශේෂ පත්‍රය බිංදුවත් නොවෙයි සෘණ.
බැඳුම්කරු හොරු අල්ලන්න ඒ ආපු ආණ්ඩුව යටතේ භාණ්ඩාගාරයේ මුදල් ආගිය අතක් නැති වෙලා තියෙනවා. මොකක් ද මෙතැන වෙලා තියෙන්නේ.
පිළිතුර:- මහ බැංකුව වංචාව ගැන කිව්වොත් මහ බැංකුවේ වංචාවක් වුණා. හැබැයි ඒ පිළිබඳව පත් කරපු කොමිසමෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත්තා වෝහාරික විගණනයක්. ඒ වෝහාරික විගණනයෙන් 2008 ඉඳන්ම මේ වෙෙළඳපොළ විකෘති කරලා මුදල් හොයලා තියෙනවා කියලා ඔප්පු වුණා. ඊළඟට ඔහු මහ බැංකු අධිපතිව අයින් කළා. ඊළඟට මේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සතුව තිබුණ ධනය රාජසන්තක කළා. බිලියන 11ක්. ඒ අය හොයා ගත්ත මුළු ධනයෙන් සියයට 90ක් ඔහු රාජසන්තක කළා. ඊළඟට නඩු දැම්මා. රවී කරුණානායක මහත්මයාගේ ඉඳන් කට්ටිය බන්ධනාගාරගත කළා. නඩුව තවම යනවා. මහ බැංකු වංචාවේ නීතයානුකුල පියවර ඒ විදියට භය නැතිව ගත්තා. දැන් මේ අය ආවේ බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු, රතු වරෙන්තුකරු අර්ජුන මහේන්ද්‍රන් කනෙන් අල්ලන් එනවා කියලයි.
මගේ ප්‍රශ්නය වුණේ මේ ආණ්ඩුව යටතේ මහ බැංකුවේ මුදල් අතුරුදන්වීම ගැනයි. ආණ්ඩුව නම් කියන්නේ හැකර්ලා ඒක කළේ කියලයි.
පිළිතුර:- ඔව්. මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ වෙලා තියෙන දේ තමයි ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු ණය ආපසු ගෙවන්න ගියාම පළමු එක තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කළේ 2023දී. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ කරපු දෙයක්. එහෙම නැතිව මේ ගොල්ලන්ගේ හපන්කමක් නෙවෙයි. කොහෝම හරි මෙතැන හැකර්වරුන්ගේ ප්‍රශ්නයක් නෑ.
ජේවිපි එක ගැන කතා කරල වැඩක් නෑ. ඒකේ හොරකම් අපි දන්නවා. 1982 දී ඉරාන නැවට ගේම දීපු තැන ඉඳන් වංචා කරපු ඉතිහාසය අපි දන්නවා. කන්ටේනර් 323 ඇත්ත හැංඟුවේ ඇයි? අර්චුනා මන්ත්‍රීතුමා කිව්වා ඒ කන්ටේනර්වල ආයුධ ගෙන්නුවා කියන එක.
ඔබ එහෙම කියන්නේ කොහොම ද?
පිළිතුර:- ඔය හැකර් කතාව කියන්නේ පොලිසියයි. ආණ්ඩුවයි එකතු වෙලා මේ ප්‍රශ්නයේ වගකීමෙන් මිදෙන්න කෙහොමද මිදෙන්නෙ. හැකර්ලා කියන්නේ යම්කිසි දෙපාර්ශ්වයක් අතර ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුවක් වෙනවා නම් හැකර්ලාට පුළුවන් එම පද්ධතියට පිටිපස්ස දොරෙන් ඇතුළු වෙලා අපි කවුරුත් නොදැන මුදල් පැහැරගෙන යාම ඒවා සමහර විට මුදල් වෙන්න පුළුවන්. නැත්නම් දත්ත වෙන්න පුළුවන්. එතකොට ඒ හැකර්වරයාගේ ක්‍රියාවට වග කියන්නේ ඒ දත්ත පද්ධතිය සපයන්නා. අර දෙපාර්ශ්වය ඒ දක්වා පද්ධතිය සපයන්නා. අර දෙපාර්තමේන්තුව ඒකෙන් නිදහස්. මෙතැන වෙලා තියෙන්නේ එහෙම හැකර්ලාගේ ප්‍රශ්නයක් නොවෙයි.
එහෙම නම් මොකක් ද වෙලා තියෙන්නේ?
පිළිතුර:- මෙතැන වෙලා තියෙන්නේ මේකයි. ඕස්ට්‍රේලියානු සමාගමට මේ ණය මුදල් දීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සහ මහ බැංකු අධිපතිවරයා දක්වා දිවෙන අවසර ලබාදීමේ දාමයක් තියෙනවා. ඒ දාමය පහළ නිලධාරීන්ගෙන් පටන් අරගෙන අමාත්‍යාංශ ලේකම් දක්වා යනවා. අමාත්‍යාංශ ලේකම් තමයි ඒ දාමයේ ප්‍රධානම වගකිව යුත්තා. ඊට අමතරව මහ බැංකු අධීක්ෂණ ඉන්නවා. ඔහු තමයි විදේශ මුදල් සම්බන්ධ වගකිය යුත්තා. ඒ වගකීමේ දාමය දැනගෙන තමයි මේ ගෙවීම කරන ආයතනයේ යම් වෙනස්කමක් කළා කියලා. මේ ආරක්ෂිත පද්ධතිය මෙහෙයවන සමාගම අනතුරු අඟවලා තියෙනවා. ඒ අනතුරු ඇඟවීම කරලා තියෙද්දී තමයි මේ ගෙවීම කරලා තියෙන්නේ. මේකෙන් පළමුව සිද්ධ වෙන දේ තමයි මේ වංචාව. ඒකට අනිවාර්යයෙන්ම අනුර කුමාර මුදල් ඇමැති හැටියටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාත් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඒකට අනුමැතිය දුන්න සියලුම දෙනා වගකිව යුතුයි. මහජන ධනය සාංඝික දේපොළ සේ රකිනවා කියලා කියන පන්සලේ ඇබිත්තයා පිං කැටේ කැඩුව වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ.
ඔබ කියලා තිබුණා මේ සිද්ධිදාමය හරහා අපේ රටේ ප්‍රතිරූපයට ජාත්‍යන්තරව විශාල හානියකි වුණා කියලා.
පිළිතුර:- ඔව්. ණය ගෙවලා නෑ. ඒ හරහා අපි පොරොන්දු කඩ කරලා තියෙනවා. ලංකාව කියන්නේ ගණුදෙනු කරන්න හොඳ තැනක් නොවෙයි කියන මතය ජාත්‍යන්තරගත වෙලා තියෙනවා. ජෙපැල් කියන එක ලංකාවට එන්නේ නැත්තේ ලංකාවේ තියන ඩිජිටල් පද්ධතිය ගැන තියෙන අවිශ්වාසය නිසා. ඒවගේ ජාත්‍යන්තර ආයතන ලංකාවට එන්නේ නෑ. මේ වගේ වංචා නිසා. ඒක ඔය ලක්‍ෂ අටදාහට වඩා ලොකු එකක්. ඊළඟට මේ පිළිබඳව පොලීසිය හෝ ආණ්ඩුව “ෆ්‍රී ලෝයර්ලා” මේක හෙළි කරනකම් කිව්වේ නෑ. ඒ වගේම මම මාධ්‍ය හමුවක් තියලා “ඇයි මහේස්ත්‍රාත්තුමාට කරුණු දැක්වූවේ නැත්තේ” කියලා අහනකම් මහේස්ත්‍රාත්තුමාට කරුණු දැක්වූවේ නෑ. අපි සම්බන්ධ නඩුවල දී අද සාක්‍ෂි ගන්නවා. හෙට උදේ උසාවි යනවා. එදා හවසම අපෙන් ප්‍රශ්න කරනවා. එහෙම කලබලයක් කාර්යක්‍ෂමතාවක් තියෙන පොලීසියක් මේක.
නමුත් මෙතැන දී මුකුත් නෑ. උසාවියට කරුණු දැක්වූවේ නෑ නීතිපතිට කරුණු දැක්වූවේ නෑ. වැදගත්ම දේ ඇමැතිවරු පාර්ලිමේන්තුවට කරුණු දැක්වූවේ නෑ. තියෙන අණපනත් යටතේ මේවා ගැන කරුණු දැක්විය යුතුයි. ඒ වගේම ණය ආපසු ගෙවීමේ ක්‍රියාදාමය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවිය කරුණු දැක්විය යුතුයි. මේක අලුත් දෙයක් නෙවෙයි. අනුර කුමාර මහත්තයාගේ ආවේණික පුරුද්ද තමයි තොරතුරු සැඟවීම. චීනෙත් එක්ක. ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම්, දිට්වා සුළි කුණාටුව සම්බන්ධ සිද්ධි, කන්ටේනර් 323 සිද්ධිය ආදී වශයෙන් ගත්තොත් කරුණු සඟවනවා. ඒත තමයි ඔහුගේ ස්වභාවය.
ඔබ කියන්නේ මේ ආණ්ඩුව යටතේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල ද?
පිළිතුර:- මම ඔබට උදාහරණයක් කියන්නම්. මායාදුන්නේ කියලා වැදගත් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් හිටියා. අනුර කුමාර දිසානායකගේ පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තා. මොකක් ද වරද? රුපියල් ලක්‍ෂයක් වියදම් කළා කියලා සමුපකාර අමාත්‍යාංශයේ උත්සවයකට. රුපියල් ලක්‍ෂය අනුමත කළේ ඔහු නොවෙයි. පහළ නිලධාරීන්. නමුත් අනුමත කිරීමේ දාමයේ ඉහළම පුද්ගලයා හැටියට ඔහු කැමැති වුණත් අකමැති වුණත් වගකීමෙන් බැඳිලා ඉන්න නිසා ඔහු අත්අඩංගුවට ගන්නවා.
නමුත් ලක්‍ෂ අටදාහක් හොරකම් කළ එකාව අත්අඩංගුවට ගන්නේ නෑ. ඒකයි ප්‍රශ්නය. ලක්‍ෂයක ප්‍රශ්නයක අමාත්‍යාංශ ලේකම්ව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා හිරේ දාන ආණ්ඩුව ලක්‍ෂ අටදාහක් හොරකම් කරපු මිනිහට මුතුත් කරන්නේ නෑ.
ලක්‍ෂ 166 ක ප්‍රශ්නයකට සමන් ඒකනායක අත්අඩංගුවට අරගෙන හිරේ දාන අනුර කුමාර දිසානායකට හා රහස් පොලිසියට ලක්‍ෂ අටදාහේ එවා පේන්නේ නෑ.
නමුත් විමර්ශන කරන බව කියනවා?
පිළිතුර:- ඔය විමර්ශන ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ආණ්ඩුවට මේකේ මුකුත් වංගු ගහන්න බෑ. මොකද මේ වෙච්ච දේ ගැන සියලු තොරතුරු තියෙනවා. ඉදිරි කාලයෙදී විටින් විට ඒවා අනාවරණය වෙයි. මේ තොරතුරු පොලීසියට ලබාදීමෙන් පලක් නෑ. පොලිසිය කියන්නේ අද ජනතා විමුක්ති පෙරමුණේ පාපිස්සක්. මේ රටේ අවංක ස්වාධීන පොලිස් නිලධාරීන් ලජ්ජා විය යුතුයි. පොලිස්පතිවරයත් රහස් පොලිසියත් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අත්පිස්නාවක්. පොලීසිය පාපිස්සක්. අල්ලස් හෝ දූෂණ කොමිසමත් එහෙමයි. මේවයින් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. යුක්තිය ඉටුවෙන මාවතකට යොමුවෙන්න වෙයි. ඔය ප්‍රබන්ධවලට ගැළවෙන්න පුළුවන් හොරකමක් නොවෙයි මේක.
මේ ආණ්ඩුවට තිබුණු ලොකුම ඇගයීම තමයි හොරකම් කරන්නේ නෑ කියන එක. ඒ ගැන ඔබ මොකද දැන් කියන්නේ ?
පිළිතුර:- පැහැදිලිවම ඒක හෙන පට්ටපල් බොරුවක්. ජේවිපි එක ගැන කතා කරල වැඩක් නෑ. ඒකේ හොරකම් අපි දන්නවා. 1982 දී ඉරාන නැවට ගේම දීපු තැන ඉඳන් වංචා කරපු ඉතිහාසය අපි දන්නවා. කන්ටේනර් 323 ඇත්ත හැංඟුවේ ඇයි? අර්චුනා මන්ත්‍රීතුමා කිව්වා ඒ කන්ටේනර්වල ආයුධ ගෙන්නුවා කියන එක. ඒ කන්ටේනර් 323 න් 2ක් හම්බ වුණා. ඒක හම්බවුණේ වීරකැටියෙන්. ඒ දෙකේම තිබුණේ අයිස්. එතකොට අද වෙනකම් කස්ටම් එකේ හෝ වරායේ කිසි කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ. මේක හොයන්න රහස් පොලිසියට බාර දුන්නා. රහස් පොලීසිය මාස 14ක් තිස්සේ වහගෙන ඉන්නවා. වඳුරෙක් පැන්නා කියලා විදුලි බලාගාරවල විදුලිය කඩා වැටුණා. කෝටි 660 ක් පාඩුයි. අද වෙනකම් ගත්ත ක්‍රියා මාර්ගයක් නෑ. හරිත බලාගාර හදන්න දීපු කොන්ත්‍රාත් එකක් ටෙන්ඩර් කමිටුව අනුමත නොකරපු අයට ටෙන්ඩර් කමිටුවේ සංයුතිය වෙනස් කරලා අනුර කුමාර දුන්නා. කවුරුත් දන්නා දිට්වා සුළි කුණාටුව ආවා. නොසැලකිල්ල නිස මේ ව්‍යසනය සිද්ධ වෙච්ච බව ඔප්පු වුණා. ඒ සම්බන්ධ පරීක්‍ෂණ කරන එක පාර්ලිමේන්තුව දිගින් දිගටම මග ඇරලා තියෙනවා. අපි දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් මහවැලි අමාත්‍යාංශයත්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් ජනාධිපතිවරයාගේත් නොසැලකිල්ල නිසා විශාල ව්‍යසනයක් වුණ බව. ජීවිත අට සීයකට වෙච්ච දෙයක් නෑ. එක ගෙයක් හදලත් නෑ. කෝච්චි පාර හදලත් නෑ. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් නෑ.
බාල ගල් අඟුරු සිද්ධිය ගැන අපි දන්නවා. මම අනාවැකියක් කියන්නම්. ජූලි - අගෝස්තු වෙනකොට බරපතළ බලශක්ති අර්බුදයක් එනවා. දැනටත් හොරෙන් හොරෙන් ලයිට් කපනවා. කියන්නේ නෑ. හොර රහසේ තමයි ඔක්කොම කරන්නේ. මේ ආණ්ඩුවේ ආයු කාලය මේ වැඩ අනුව තීරණය වෙයි.
ක්‍රිකට් බෝඩ් එකට සජබෙ හිටපු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පත් කළා. මේ සම්බන්ධ ඔබගේ දේශපාලන කියැවීම?
පිළිතුර:- එරාන් වික්‍රමරත්න කියන්නේ හොඳ මහත්මයෙක්. ඒ සම්බන්ධයෙන් විවාදයක් නෑ. නමුත් මේ අය 76 වසරක ශාපයක් ගැන කතා කළානේ. එතකොට එරාන් වික්‍රමරත්න ඒ හැත්තෑ හය වසර ශාපයට අයත් වෙන්නේ නැද්ද?
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd