IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බදියුදීන් - හිස්බුල්ලා - අසාද් සාලි ඉල්ලා අස්විය යුතුයි

(එෆ්.අස්ලම්)

ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ල වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනා වහාම සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතු යැයි ඊ.පී.ආර්.එල්.එෆ්.පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මොවුන් තිදෙනා ධූරවලින් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවද හෙතෙම කීය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් බාර දී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඉන් ඉවත්ව ගිය ඊ.පී.ආර්.එල්.එෆ්.පක්ෂයේ ස්ථාවරය පිළිබඳ කරන ලද විමසුමකදී ආනන්දන් මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්දන් මහතා මෙසේද කීය.

"පාස්කු ඉරිදා අයි.එස් ත්‍රස්තයින් විසින් එල්ල කළ ප්‍රහාරයත් සමඟ සිදුකරනු ලැබූ විමර්ශනවලදී කර්මාන්ත හා වාණිජ අමත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාරවර හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාරවර අසාද් සාලි යන තිදෙනාටම චෝදනා එල්ල වුණා.ඒ පිළිබඳ පුළුල් විමර්ශන සිදුවිය යුතුයි.

මේ තිදෙනාම අමාත්‍යධූරයක සහ ආණ්ඩුකාරධූර දෙකක සිටින නිසා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන්න බැහැ කියන එක තමයි අපේ ස්ථාවරය සහ අදහස.

මෙනිසා රටේ ඇති වී තිබෙන විරෝධය සැලකිල්ලට අරගෙන මේ තිදෙනාම සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී සිය නිර්දෝෂීභාවය ඔප්පු කර නැවතත් තනතුරු බාර ගත යුතුයි.

එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් නිසා ඇතිවූ විරෝධයේදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇය විසින් දැරූ වනිතා කටයුතු රාජ්‍ය ඇමතිකම අත්හැරියා.

ඒ වගේම විමර්ශන සිදුකරන තෙක් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියල අගමැති රනිල් වික්‍රමසිංහත් උපදෙස් දුන්නා. නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එවන් උපදේශයක් අගමැතිවරයාගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් ලැබී නැහැ.

මෙනිසා මේ චෝදනා පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකර යුතුයි.ඒ විමර්ශන වලට සහාය දැක්වීමක් වශයෙන් රිෂාඩ් බදියුදීන් හිස්බුල්ලා සහ අසාද් සාලි කියන මේ තුන්දෙනාම ඉල්ලා අස්විය් යුතුයි. 

එමෙන්ම තමන් ඉල්ලා අස්වන්නේ ජනපති හෝ අගමැති කීව හොත් පමණයි කියා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැන්වත් රිෂාඩ් අමාත්‍යවරායට ඉල්ලා අස්වන්නැයි උපදෙස් දිය යුතුයි.ඒ වගේම මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි" යැයිද ආනන්දන් මහතා කීය.

 



අදහස් (0)

බදියුදීන් - හිස්බුල්ලා - අසාද් සාලි ඉල්ලා අස්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site