IMG-LOGO

පරාටේ නීතිය බලාත්මක වීමෙන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට

(නිමල කොඩිතුවක්කු)

පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

තවදුරටත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මංමුලා නොකර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් - විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 



අදහස් (7)

පරාටේ නීතිය බලාත්මක වීමෙන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට

Chandima Tuesday, 01 July 2025 09:00 AM

දැන් කවුද ඔය නීතිය මුලින්ම ගෙනාවේ. ඒ කාලේ ඔබතුමාත් පාර්ලිමේන්තුවේ උන්න නේද?

:       2       21

wca Tuesday, 01 July 2025 10:22 AM

සල්ලි ගත්තනම් ගෙවන්න කියපල්ලා.බොරුවට වාසි ගන්න කයිවාරු ගහන්නේ නැතුව අනෙක මහ බැංකුව සල්ලි අච්චු ගහල නෙවෙයිනේ සල්ලි දුන්නේ .ඔය මහජනතාවගේ තැම්පතු සල්ලි

:       2       26

අරවින්ද මොණරවිල Tuesday, 01 July 2025 10:46 AM

දැන් අවුරුදු තුනක් විතර පරාටේ නීතිය ක්‍රියාත්මක නොකර ව්‍යාපාරිකයන්ට සහන දුන්නා, ඒ නිසා තව දුරටත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. දිගටම එහෙම සහන දෙන්න ගියහොත් මුල්‍ය ආයතන කඩා වැටෙන්නේ පුළුවන්. ඒක දැනගෙන මෙයා හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නයි, ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් තියා රට ගැනවත් නොහිතන දේශපාලන හිගන්නෙක් මෙයා ! මෙයාලද රට හදන්නේ...

:       2       14

Rata Perata Tuesday, 01 July 2025 11:28 AM

ණය ගත්තා නම් ගෙවන්න ඕනෑ එච්චරයි... මොකෝ ඔයාට තද වෙලා.

:       1       13

සෙනෙවිරත්න Tuesday, 01 July 2025 11:47 AM

හරියට ව්‍යාපාර කරන අය කබලෙන් ළිපට වැටෙන්නේ කොහොමද ,මේක බද්දක්ද නැහැනේ. මේක ණය නො⁣ගෙවන අයටයි බලපාන්නෙ, ණය නොගෙවන්නෙ ව්‍යාපාර අඩාල වෙච්ච අය, ඒ අයට රජය පහුගිය දවස්වල යම්යම් එකඟතාවන් වලට එන්න කියල දැනුම් දුන්න.

:       1       15

රුවන් Tuesday, 01 July 2025 04:06 PM

ඔය නිතීය ගෙනාවේ ප්‍රේමදාස-ජයවර්ධන කාලේ. ඒ කාලේ පියාණන්ගේ නාමයෙන් හරි දැන් අනුර නාමයෙන් වැරැදිලු. ඔයාගේ යාලු නවලෝක මුදලාලි ණය ගෙව්වේ නැති හින්දා නවලෝක සමූහය රජයට යනවා කියලා දුකටද?

:       1       13

horu venuven api Wednesday, 02 July 2025 08:42 AM

අපි දන්න පොරොට ලැබක් නැහැ. අවශ්‍යය හොරකම, දූෂණය, වංචා, හොර සල්ලි අච්චුගැසීම අවම කිරීම පමණයි. පාතාලයද මර්දනය කළ යුතුයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 469 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 907 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site