IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දේශපාලන ඉතිහාසයේ වේගයෙන් සෝදා පාළුවට ලක්වූ පක්ෂය ලෙස සමගි ජන බලවේගය පත් වෙනවා

(මොහොමඩ් ආසික්)

මැතිවරණයට දින නියම කළ දා සිටම සමගි ජන බලවේගයේ අපේක්ෂකියන් ඉන්  ඉවත් වීම තුලින්  එය ලෝක ඉතිහාසයේ ඉතාම වේගයෙන්  සෝදා පාඵවට ලක්වූ දේශපාලන පක්ෂය ලෙස සමගි ගිනස් වාර්තාවක් තබන බවට සාධකයක් බව  හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර පිහිටි හිටපු අමාත්‍යවරයාගේ  කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

සමගි ජන බලවේගයේ  අපේක්ෂකයන් තවත් ඉදිරියේදී  10 -12 ක් ඉවත් වනු ඇති බවත් ඒ තුළ ඔවුනට පක්ෂයක් ලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා කීය.

සජිත් ප්‍රේමදාස යනු වැඩියෙන් කතා කරන තරමට ප්‍රතිවාදී කණ්ඩායම් වලට වාසියක් ගෙන දෙන්නනෙක් බවද ඔහු වැඩි වැඩියෙන් කතා කිරීම  ඔවුන්ටම අවාසියක් වන බවද හිටපු අමාත්‍යවරයා කීය.

සදාකාලිකව දුක උරුම කරගත් ඔවුන්ගේ පක්ෂය මේ වන විට ජනතාව හදුන්වන කෙටි නාමය දුක බවද එය සදාතනිකව ඔවුනට හිමිව ඇති උරුමයක් බවද ඒ මහතා පැවසීය.

මේ වන විට ජනතාව ඉදිරියේ ඉතාම හාස්‍යට ලක්ව ඇති දේශපාලන කණ්ඩායමක් වන මෙම පක්ෂය  ජනතාව ඉදිරියේ විහිළු සපයන්නන් වී ඇති බවද රඹුක්වැල්ල මහතා මෙහිදී  කීය.
 
එක්සත් ජාතික පක්ෂය හා ඔවුන් වාද විවාද වලට පැමිණි විට ඔවුන්ගේ අභ්‍යන්තර හා පෞද්ගලික ප්‍රශ්න කතා කරනු හැර ජාතික හෝ ජාත්‍යන්තර වැදගත් කමක් ඇති කිසිවක් කතා නොකරන බවත් මේ නිසා මෙය ජනතාවට කිසිදු වැදගත්කමක් නොමැති පක්ෂයක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා තව දුරටත් කීය.



අදහස් (0)

දේශපාලන ඉතිහාසයේ වේගයෙන් සෝදා පාළුවට ලක්වූ පක්ෂය ලෙස සමගි ජන බලවේගය පත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site