IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනාධිපතිට වැඩ කරන්න බැරි පාර්ලිමේන්තුවක් තිබුණොත් පාඩුව රටට‘

(අනීෂා මානගේ)
ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක ජනාධිපතිවරයාට වැඩ කරන්න බැරිවෙන ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(3) පැවසීය.
 
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද බෙලිඅත්තේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
 
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.
 
වැඩ කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් අද ඉන්නවා. ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක් ජනාධිපතිවරයාට වැඩ කරන්න බැරිවෙන ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවටයි. එහෙම වුණොත් රටේ ජනතාවට අනිවාර්යෙන් සිදුවෙනවා දෙගොල්ලෝ අතර ගැටුම් බලාගෙන ඉන්න. ජනාධිපතිවරයා ජයග්‍රහණය කළා වගේම පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට ලබා දීමයි කල යුත්තේ.
පසුගිය කාලයේදී අපි එය දැක්කා. මෛත්‍රීපාල, රනිල් හිටියා. දෙගොල්ලො ගහගෙන දෙගොල්ලොම වැටුණා. එයින් රටට වැඩක් වුණේ නැහැ.  අපි රට කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය ශක්තිමත් කරලා මන්ත්‍රීවරු වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවලා ශක්තිමත් ආණ්ඩුවක් හදලා රටේ ඉදිරි ගමනට එය ඉවහල් කරගැනීමයි.
 
අපි අද ඔක්කොම එකතුවෙලා තිබෙනවා. එක පෙරමුණකින් තරඟ කරනවා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා තිබෙන නිසා ඉතාම හොඳ ප්‍රථිඵල අපිට ලබන්න පුළුවන්. මට පේන්නේ එක්සත් ජාතික පක්ෂය රෙපයාර් කරන්න බැරි තත්ත්වයටම කැඩිලා. 
 
දෙගොල්ලෝ කියාගන්න දේවල් දිහා බැලුවම පේනවා මේක එකතු කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. මෙවර ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ. පැරණිම දේශපාලන පක්ෂය. බණ්ඩාරනායක මහත්තයලා අපේ තාත්තලා ඒකෙන් අයින් වුණා. හැබැයි එක්සත් ජාතික පක්ෂය තිබුණා. හැබැයි මේ පාර ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්. එක්සත් ජාතික පක්ෂයේ අවසානය වගෙයි දැන් පේන්නේ යැයිද කීවේය.



අදහස් (0)

ජනාධිපතිට වැඩ කරන්න බැරි පාර්ලිමේන්තුවක් තිබුණොත් පාඩුව රටට‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site