
(ආරියරත්න රණබාහු)
ජනතාව සමඟ සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගය යැයි එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රාජගිරියේදී පැවසීය
මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් පසු එම පක්ෂයේ ආධාරකරුවන්ඒ මහතා උණුසුම් අයුරින් පිළිගත්හ. එම උත්සවයේදී ඒ බව කී දිසානායක මහතා එහිදී මෙසේදී කීය.
අපේ සම්මුතිය තිබෙන්නේ ර මේ රටේ ජනතාව සමඟයි මේ දවස්වල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව දක්නට ලැබෙනවා . ඒවා ජනතාව සමඟ එළඹෙන ගිවිසුම් නොවෙයි ඒවායේ සඳහන් වන්නේ ඒ ඒ පක්ෂ වලට ලැබෙනඅපේක්ෂකයන් ා මන්ත්‍රීධූර ඇමැති ධුර යන සංඛ්‍යායි.
මීට මාස කීපයකට පෙර විවිධ මතවාදවල සිටි එකිනෙකාට අවලාද නැගූ එරෙහිවූ කණ්ඩායම් දැන් එක වේදිකාවට නගිනවා.. ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අයයි එය විනාශ කරනවා යැයි කියු අයයි එක වේදිකාවේ. මහජනයාගේ දේපල සොරකම් කළ අයමෙන්ම ඒවාට දඬුවම් දෙනවා යැයි කියූ අයයි එක වේදිකාවට නගිනවා
ඒ අනුව මේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනය සැප්තැම්බර් 21වෙනිදා අවසන් කරනවා. මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දය. මේක තමයි මේ රටේ වෙනස් කරන ඡන්දය මේ අය හොරා කාපු දේපළ පවරා ගැනීමටත් ඒ අයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවද දිසානායක මහතා කීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්තමයි
මෙතෙක් කාලයක් විශ්වවිද්‍යාල ඇතුලේ පාසල් වලින් ආයතන වල පාරවල් ගානේ කරපු උද්ඝෝෂණ පිකටින් ආදිය හා එකා අසූවට අසූ නම කාලෙ මිනීමරලා ජාතික වස්තු ගිනි තියල කරල අහිංසක මිනිසුන්ට ඉගෙන ගන්න ළමයින්ට කරපු හිරිහැර ගැන ගැන හිතුවාම නම් හිතෙන්නේ ජනතාව සමඟ ඇරියස් එකක් තියෙන එකම පක්ෂය ජවීප කියලා
සම්මුති කෙසේ වෙතත්, පාස්කුවෙන් ආර්ථිකේට කෙල වෙලා නට්ටන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, කොරෝනා ඇවිත් හෝදගෙනම ගියාම, ඒවා මිනිස්සුන්ගෙන් වහලා පාලක පක්ෂය හොරා කියන්න සුපිරි පිනා චාන්ස් එකක් ආවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන්, බටහිර රටවලුත් එකතු කරගෙන විපක්ෂ උන්ගෙන් ගන්න පුලුවන් උපරිමෙන් පලි ගත්තා. ගෙවල් ගිනි තියලා, මිනී මරලා.. ඔහොම යන්කො.
ජයවේවා අපේ එකම පැතුම ඔබයි...
මේක 2005 රනිල් මහතාගේ සටන් පාටයක්.
පහුගිය අවුරුදු 20 ක් විතර තිබුණු ආණ්ඩු හැම එකේම රාජිත, නිමල් සිරිපාල, බන්දුල, විජයදාස, අමරවීර, හකීම්, තොණ්ඩමන්ලා ඇමැතිවරු. මුන් එහෙට මෙහෙට පැනලා ගිවිසුම් ගැහුවට ආයේ මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නෑ.
හොරු සමග ඩීල් ගිවිසුම් ගහන එකෙකුටවත් මෙදා පාර මිනිස්සු ඡන් දේ දෙන්නේ නෑ.
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක.
සුබ පැතුම් ජාතික ජනබල වේගයට ❤️
බැලූ බැල්මට ඒ කතාව ඇත්ත. නමුත් දේශපාලනය කුළ කිසිවෙකුත් විශ්වාස කළ නොහැකි වග අපට ඉගැනුනුවේ දේශපාලකයන්ම ය. අතීත වැරදි හදාගන්න ඕනම කෙනෙකුට අවස්ථාව තිබිය යුතුයි . මොවුන් කිසිදාක බලයට ඇවිත් නැති නිසා , දැන් බලයට පැමිණිම හොඳ යැයි සිතේ. නමුත් බලය සමඟ ඔවුන්ගේ හැසිරීම කෙසේ වේදැයි නොදනිමි.
ජාතික ජරා බලවේග...!
මංජුල ප්‍රදීප්ට කියන්න තියෙන්නේ රටේ පාලනය ජවිපෙ නොවන බවත් සියල්ල හරියට හෝ ආසන්නවත් කලා නම් ඔබ කියන කඩාකප්පල් වැඩ දේපල හානි අඩුම ගානේ යාපනයේ පුස්තකාලයවත් ඉතුරුවන්න තිබුණු බවයි.
යාපනේ පුස්තකාලය මතක් කරන සෙනවිරත්නට අමතකයි ගල් කටස් බලයෙන් රට පුරා බැංකු මංකොල්ල කාපුවා සහ බිලියන ගාණක් වටිනා පොදු ජනතාවගේ බදු මුදලින් ගොඩ නගපු දේපල ගිනි තියලා වනසපුවා...!
නිශාන් දේශපාලන ඉතිහාසය තව ඉගෙනගෙන එන්න. 82 කළ ලාම්පු සෙල්ලම දාලා මැතිවරණ කල් දාලා, 83 කලු ජූලිය පිට දාලා පක්ෂය තහනම් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිටට තල්ලු කරලා, රටේ භීෂණකාරී තත්ත්වයක් ඇති කරපු ජේ ආර්, රනිල් කල්ලිය ඔබ කියන ගල්කටස් සංස්කෘතියේ නිර්මාණ කරුවන් බව රටම පිළිගන්නා පරම සත්‍යයයි. වැඩිහිටියෙකුගෙන් අහන්න 77-ඉඳලා 84, 85, 86 කාලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නඩු කාරයින්ගේ ගෙට ගල්ගහපු යුගයක් දන්නෝ දනිති...
අපට තියන එකම විසඳුම NPP, ජය නියතයි...
සෙනවිරත්න ඔයා තමයි දේශපාලනය දන්නේ නැත්තේ. 83 දී පක්ෂ තහනම් වුනේ ජේවීපී එකේ විතරක් නෙවෙයි. තවත් පක්ෂ දෙකක් තහනම් වුණා. ඒත් එයාලා කැලෑ වැදිලා මිනී මරන්නයි, පොදු දේපල ගිනි තියලා වනසන්නයි ගියේ නෑ. වැදගත් විදියට උසාවි ගිහින් ඒ තහනම ඉවත් කර ගත්තා. ඔයාගේ කට්ටියට ඕනෑ වුණා ඒ පිටින් දාලා විප්ලවෙන් බලේ ගන්න. මොකද 1982 ජනාධිපතිවරණෙන් ඔයාගේ නායකයා කුජීත පරාජයක් ලැබුවා. ඔයාලා නඩු කාරයෝ මැරුවා ගල් ගහලා විතරක් නැවතුනේ නෑ...