
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍ර වල සිදුවන නව ප්‍රතිසංස්කරණ වලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද අදාල වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද(6) ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
"ඒ වෙනුවෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව පසුගිය මාස හයක කාලය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම විද්වත් කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනවා.
2025 වසරේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 281,810ක් වන අතර, ඉන් 176,538ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. විෂය ධාරා අනුව සුදුසුකම් ලැබූවන් වන්නේ ජීව විද්‍යාව 32,935ක්, භෞතික විද්‍යාව 23,012ක්, වාණිජ 39,608ක්, කලා 58,269ක්, පොදු විෂය ධාරාව 4,199ක්, ඉංජිනේරු තාක්ෂණවේදය 12,472ක් සහ ජෛව පද්ධති තාක්ෂණවේදය 6,043කි. මෙම සිසුන් අතරින් 42,937ක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිතයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අනවශ්‍ය තරම් සුදු කරපටිධාරීන් බිහිවීම හානිකර නේද? වැඩිපුර අවශ්‍ය තාක්ෂණය සහ වෘත්තීය පුහුණුව ඇති අයයි..