IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජාතික සමගි පෙරමුණේ සමගියක් නැහැ

( රංජිත් රාජපක්ෂ)           

ජාතික සමගි පෙරමුණේ රටට පෙන්වන තරම් සමගියක් එම පෙරමුණ තුළ නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ තුළ ජනතාව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පා.ම සි.බි.රත්නායක මහතා පැවසීය.

සි.බී. රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ (07) දින පුඩළුඔය නගරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවේ පැවති රැස්විමේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.බී. රත්නායක මහතා කියාසිටියේ පක්ෂ භේදයකින් තොරව මේ රටේ උපාධිදාරී රැකියා විරහිත අයට පත්විම් ලබාදීමෙන් පසු ඒ පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර එම පත්විම් තාවකාලිකව නතර කිරීමට ක්‍රියා කලේ කවුද යන්න පිළිබඳව මේ රටේ ජනතාව හොඳින් දන්නා බවයි.

මේ රටේ කබාසිනියා කළ, බැඳුම්කර වංචාව සිදු කළ, මේ රටේ සංවර්ධනය අඩාල කළ, එක්සත් ජාතික පක්ෂය යළිත් මේ රටේ බලය ඉල්ලා සිටින බවත්,  එම බලය ලබා දීමට මේ රටේ ජනතාව කටයුතු නොකරන බව සී.බී. රත්නායක මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් මහ මැතිවරණය සදහා ඉදිරිපත් වුවද එය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට අභියෝගයක් නොවන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
 



අදහස් (3)

ජාතික සමගි පෙරමුණේ සමගියක් නැහැ

Raveendra Saturday, 07 March 2020 01:17 PM

මේ අනුන්ගේ ජරා වෙච්ච රෙදි සෝදන්න කලින් තමුන්ගේ කුණු පෙරාගත්ත රෙදි කඩමලුටික හෝදලා පිරිසිදුවෙලා අනිත් කෙනාගේ රෙදි හෝදන්න පටන් ගන්‍න. තේරුණාද තාම වයසට එ් ටිකවත් තේරෙන්නේ නැතිව කොහොමද මහජන සේවයට එන්නේ...?

:       11       139

ranjith Saturday, 21 March 2020 12:30 AM

තමන්ගේ යහපත් ප්‍රතිපත්ති කියලා ජනතාවගේ ඡන්දය ඉල්ලන්න නොඑසේ අනුන්ගේ කුණු ගොගවල් අවුස්ස්සලා ඡන්දෙ ඉල්ලන තත්වෙට වැටෙන්න එපා

:       14       153

maal Wednesday, 25 March 2020 03:17 PM

මේ යක්කුන්ට තවම මොලයක් ලැජ්ජාවක් නැත්ද මේ වෙලාවේ රැස්වීම් තියන්න? මොන පොලිසියද මේවට අවසර දෙන්නේ...?. එකෙකුටවත් මුහුණු ආවරණ නැහැ. කොරෝනා නෙවි තියෙන තරමක් ලෙඩ හැදෙයිනේ...

:       5       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site