(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහ මැතිවරණයට සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අලියා සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කොළඹ දී අද (11) පැවසීය.
රටේ පවතින ගැටළු වලට විසඳුම් රැගෙන දක්ෂ බුද්ධිමත් කණ්ඩායමක් මෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මෙසේද පැවසීය.
“අද වන විට අපි මැතිවරණ සමයක ට මුහුණ දෙමින් සිටිනවා. කොරෝනා අවදානමත් එක්ක තමයි අපිට මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ. අපි පක්ෂයක් විදිහට මේ ගැන විශාල හඬක් නැගුවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය සේවාවන් මෙන්ම ආරක්ෂක අංශත් මේ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් කියාත්මක කරනවා. ඒ වගේම ජනතාවත් සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය කරමින් එම වැඩපිළිවෙලට සහයෝගයක් ලබා දෙනවා.
මේ වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 230ක් හෙවත් රුපියල් බිලියන 42 යි දශම හයක මුදලක් ලබා දීලා තිබෙනවා. මේ මුදල් මොනවටද යෙදෙõවෙ කියලා රටේ ජනතාව දන්නේ නැහැ.
COMMENTS
මූණ දෙනවා තමයි. හැමදාම අන්තිමට මූණු නාලු වෙනවා.
කැට තියලා කියන්නේ මෙදා සැරේ එජාපය ඡන්ද ගන්නේ ලක්ෂ 5යි.. ඒක ශුවර්...
වියදම් කළේ නැතිනම් ඒකෙනුත් ටිකක් ගසාකන්නද හොයන්නේ?
ඉස්සෙල්ලා කියන්නකෝ මහබැංකුව සුද්ද කළ ඒවා කොහොමද වියදම් කළේ කියලා..?
මැදමුලනේ රෙදි හෝදන, අපු්ල්ලන අභියෝගෙ...
ඔබතුමාලා මුහුණ දෙනවා තමයි නමුත් පාක්ෂිකයෝ අත දෙන්නේ නැහැ.
අලියට ඇපත් නෑ.
ඔව් .. ඔව් .. සූදානම් .. ජනතාව බලය දුන්නා. හැමෝම නායකයෝ වූනා. හැමෝම ප්‍රකාශකයෝ වූනා. බලේ තියෙනකොට මොළේ තිබුණේ නැහැ. පක්ෂය ඇතුළේ තවමත් දැඩි අර්බුධ. ඩීල් කාරයන් නිසා ජනතා විශ්වාසය බිඳිලා. තවත් දේ බොහෝමයි. එසේ තියාගෙන කියනවා. ඕනෑම අභියෝගයකට සූදානම්ලු. ඔව් .. ඔව් .. සූදානම් .. අනේ ! මගේ කට ..
අලියා කියන සතා ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් සතෙක්.. නමුත් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ අලි බලන ගොයියෝ ඒ වැඩේට සුදුසු නැතිකමයි.
ඕනෙම අභියෝගයකට සූදානම්... හැබැයි මැතිවරණ අභියෝගය හැරෙන්නට...