IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආරක්ෂක මණ්ඩලය මාස දෙකක් රැස් නොවීම වරදක් බව මහින්ද කියයි

(අනීෂා මානගේ)

මාස දෙකක කාලයක් තිස්සේ ආරක්ෂක මණ්ඩලය රැස් නොවීම වරදක් බවද ඉන් පැහැදිලි වන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නොකළ බව යැයිද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (30) තංගල්ලේ දී කීය.

පසුගිය වසරේ පැවති පළාත් පාළන මැතිවරණයේ දී ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වී ගාල්ල කොට්ඨාසයෙන් වැඩිම මනාප දිනාගත් අනුරාධ ගයාන් ලොකුයද්දෙහිගේ මහතා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එම ස්වාධීන කණ්ඩාමයේ නායක යූ.ජී.කුලතිලක මහතා වසරක කාලයක් මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි අතර ඉන් පසුව අනුරාධ ගයාන් මහතා දිවුරුම් දුන්නේය.

මන්ත්‍රීවරයා තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී දිවුරුම් දීමෙන් පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් වෙත සිය අදහස් ප්‍රකාශ කළේය.

"මගේ කාලයේ දී නම් ආරක්ෂක මණ්ඩලයට සතියකට වාරයක් රැස් වුණා. ඒක තමයි යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ. බුද්ධි අංශ තොරතුරු ගැන යුද්ධයේ තත්ත්වය ගැන හැමකෙනාම කරුණු ඉදිරිපත් කළා. යුද්ධය අවසන් වූවාට පසුවත් රැස්වුණා. මාස දෙකක් තිස්සේ ආරක්ෂක මණ්ඩලය රැස්නොවීම ලොකු වරදක්. එයින් පැහැදිලි වෙන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නොකළ බව. අදාළ නායකත්වයත් එයට උනන්දුවක් දක්වා නැහැ. මොකද ඉතාමත් පහසුවෙන් ලැබුණු නිසා අවබෝධයක් නැතිකම තමයි මෙයට හේතුවක් වුණේ.

ඉන්දියාවෙන් 4 වැනි දා තොරතුරු ලැබුණා කියනවා. අවසානයේ දී 9 වැනිදා ලැබුණා කියනවා. නමුත් ඒ අය දන්නෙ නැහැ ලැබුණේ කොහෙන්ද කියලා. කොහොම හරි එදා රැස්වීම රැස්වුණ දවසේවත් ඒ ගැන කතා කරලා නැහැ. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න උනන්දුවෙලා නැහැ.

මේ අයට නීති අදාළ වෙන්නේ නැහැ. ඒ අය ඉන්නෙ නීතියට උඩින්. අපිට තමයි කෑ ගැහුවෙ. නමුත් මෙයයි දැන් රටේ තත්ත්වය" යැයිද ඔහු කීවේය.



අදහස් (0)

ආරක්ෂක මණ්ඩලය මාස දෙකක් රැස් නොවීම වරදක් බව මහින්ද කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site