IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘ආණ්ඩුව පෙරළන්න ගේන ඕනෑම විශ්වාසභංගයකට සහය දෙනවා‘‘

(රවී ලියනගේ)

ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව පෙරළන්න ගෙනෙන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සහයෝගය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ගාල්ල නගර සභාවේදී පැවැති පොදු ජන පෙරමුණේ ප්‍රගති සමාලෝචන රැස්වීමකින් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද  කීය.

    ‘‘අද ඒකාබද්ධ විපක්ෂය සහ විපක්ෂය හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න තමන්ගේ රාජකාරියෙන් එහාට ගිහිල්ල ඒ ඒ දෙපාර්තමේන්තුවලට, ආයතනවලට, ත්‍රිවිධ හමුදාවට, ජනාධිපතිවරයාට, ආණ්ඩුවට උදව් කරල තියෙනවා. අද ආණ්ඩුවට කරගන්න බැරිවෙච්ච දේ විපක්ෂය කළාම ඒකට ඊර්ෂයා කරනව, වෛර කරනව, මඩ ගහනව.

බොරුවට මඩ ගැහුව කියල මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. පාසලක් ළග බෝම්බයක් තිබිල අහුවුනා කියල විපක්ෂය හංවඩු ගැහුවට මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. මේකෙ සුළමුල හොයන්න ඕන ආණ්ඩුව. මොකක්ද කරන්නේ මේකේ යථාර්තය හංගන්න ඇත්ත කතාව වහගන්න නැවත වතාවක් ආණ්ඩුව අපට ඇගිල්ල දික්කරනව.

හැබැයි අපි ආණ්ඩුවට කියන්නේ ඔබතුමාලා ඔය කරන ජරා වැඩෙන් මහජනතාව තමයි බය වෙන්නේ. මහ ජනතාවගේ එදිනෙදා ජීවිතය කඩාකප්පල් වෙන්නේ. ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනව. ඒනිසා දැන්වත් ඔබතුමාලගේ නොහැකියාව සහ ජාතික ආරක්ෂාව මග හැරපු නිසා ජීවිත 350ක් නැතිවුණා. දැන්වත් ඔය බොරුව, වංචාව, විහිලු කිරීම නවත්තල ජීවිත ආරක්ෂා කරගත යුතුය කියන යෝජනාව අපි කරනවා.

ආණ්ඩුවට එරෙහිව ගේන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට අපි සහයෝගය දෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. අද ආණ්ඩුව රිසාඩ් බදුඋද්දීන් ඇමතිවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාව කල් දාන්න උත්සාහ කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ මුලින් කිව්වේ මොකක් ද, ආණ්ඩුව විසුරුවන්න යෝජනාවක් ගේනව කියල. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගෙනාපු ජනතා විමුක්ති පෙරමුණ දැන් විශ්වාසභංගයක් ගෙනැල්ලා.

හැබැයි ඒ විශ්වාසභංග ගෙන ඒම පිළිබඳව නොවේ අපිට ප්‍රශ්නය තියෙන්නේ. ඒකේ යටි අරමුණක් තියෙනවද කියන එකයි. මොන අරමුණ තිබුනත් මේ ආණ්ඩුව පෙරළන්න ඕනැම දෙයකට අපේ සහයෝගය අපි දෙනව. මොකද මේ රටට හෙන ගහල තියෙන්නේ මේ රට විනාශ වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා නිසා. 

ඒ නිසා මේක වෙනස් කරන්න හැකි පළමු අවස්ථාවේ අපි දෙපාරක් හිතන්නේ නැති බව අපි මතක් කරන්න ඕන. ඒ වගේම අපි ජනතාවට කියන්නේ අවදියෙන් ඉන්න කියලා.‘‘

 

 

 



අදහස් (0)

‘‘ආණ්ඩුව පෙරළන්න ගේන ඕනෑම විශ්වාසභංගයකට සහය දෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site