IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘අන්තවාදී කණ්ඩායම් ආණ්ඩුව ගෙදර යවන්න සැලසුම් හදනවා’

(නිමල කොඩිතුවක්කු)
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරය ඉලක්ක කරමින් අන්තවාදී දේශපාලන කණ්ඩායම් එක්ව ආණ්ඩුව ගෙදර යැවීමට සැලසුම් සකස් කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  මහතා කොළඹදී පැවසීය.
 
මෙවැනි සිද්ධියකදී  අවස්ථාවාදී දේශපාලනය කිරීමෙන් වළකින ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ අමාත්‍යවරයා පක්ෂ විපක්ෂ සියලූදෙනා රට වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.
 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද(28) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  මහතා මෙසේ ද කීවේය. 
 
 ‘‘අපේ‍්‍රල් 21 එල්ල වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු  රටේ සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීමට  රජය සමත් වී තිබෙනවා.  ඒ සාමකාමී බව කඩාකප්පල් කිරීමට මේ රටේ යම් යම් අන්තවාදී කණ්ඩායම් විවිධ ක‍්‍රියාමාර්ග ගෙනියනවා.
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙකන් මියගිය සහ තුවාල ලැබූවන්ට රජයක් විදියට අපි යම් සහන ලබාදුන්නා. මේ අන්තවාදී සංවිධානවල අය අත්අඩංගුවට  ගන්න අපිට පුලුවන් හැම ක‍්‍රියාමාර්ගයක්ම  අපි අරගෙන තියෙනවා. මේ කාලය තුළ ඒ  ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට කිසිදු ක‍්‍රියාමාර්ගයක්  ගන්න බැරි වුනා. ඒ පිළිබඳව  පොලිසිය  ඇතුළු ආරක්ෂක අංශවලට ස්තූතිය පිරිනැමිය යුතුයි.
 
මේ රටේ අන්තවාදී සංවිධාන දේශපාලන  වාසි ගන්න  ඕන අය දැන් නොයෙකුත් දේ කරනවා. ඒ අය පහුගිය 13 වනදා කුරුණෑගල සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශ ඉලක්ක කරමින් ගැටුමක් ඇති කිරීමට  කටයුතු කළා. ඉන් පසුවත් පාසල් ඉලක්ක කරගනිමින් බදුරලිය  ප‍්‍රදේශයේ බෝම්බ තැබූ සිද්ධියක් වාර්තා වුණා.  

මේවා  පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ජනතාව කල්පනා කළ යුතුයි.  මේ සිද්ධිය ඉලක්ක කරමින් මේ අය බලනවා ආන්ඩුව ගෙදර යවන්නේ කොහොමද කියලා.මෙවැනි සිද්ධියක් වෙලාවේ පක්ෂ විපක්ෂ සියලූ දෙනාත් ජාතින් ආගම් එකතු වෙලා රට වෙනුවෙන්   කටයුතු කළ යුතුයි. අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා අවස්ථාවාදී දේශපාලනය කරන්න එපා කියලා.
 
අන්තවාදී සියලූ කණ්ඩායම් තහනම් කිරීමට රජයක් විදියට අපි කටයුතු කරලා තියෙනවා. මෙම ත‍්‍රස්තවාදයට  මුහුණදීමට අවශ්‍ය නීති රීති සකස් කරමින් පවතිනවා. 
 
බුර්කාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ සියල්ල ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ගත් පියවර.අරාබියේ තියෙන මුස්ලිම් සංස්කෘතිය අපිට වැඩක් නැහැ. ලංකාවට ඔබින  මුස්ලිම් සංස්කෘතියක් අපිට අවශ්‍යයි. මේ චක‍්‍රලේඛ, ගැසට් නිවේදන  සියල්ල අපි සකස් කරලා තියෙන්නේ මුස්ලිම් නායකයින් සමග සාකච්ඡා කරලයි.
 
වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් දැන් කුරුණෑගලත් ප‍්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.  මේ වෛද්‍යවරයා සැත්කම් 8000ක් කරලා තියෙනවලූ. මේ ගැනත් අපි පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. 8000කට නෙමෙයි එක් අයෙකුට හෝ වැරදි  සැත්කමක් කළත් රජය විදියට අපි ක‍්‍රියාමාර්ග  ගන්නවා.කුරුණෑගල මේ ප‍්‍රශ්නය  පිටුපස්සෙත් දේශපාලනඥයන් ඉන්නවා. 
 
රටේ ආරකෂාව තහවුරු කරන ගමන් අපි ඉදිරි ආර්ථික, සංවර්ධන වැඩපිලිවල ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ ගැටලූව නිසා රට ආපස්සට යන්න දෙන්න බැහැ’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
 
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

‘අන්තවාදී කණ්ඩායම් ආණ්ඩුව ගෙදර යවන්න සැලසුම් හදනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site