සියවසේ හාස්‍ය ජනක ප්‍රකාශය හිටපු නායකයා ඊයේ ප්‍රකාශ කළා- සජිත්
යහපාලන රජය යටතේ ප්රජාතන්ත්රවාදය අනතුරේ බවත්, රජය ඡන්ද කල් දමන බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරනවා. පසුගිය පාලන සමයේ සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය කළ යුගය, ජලය හා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම අණකළ අය මෙසේ කීම සියවසේ හාස්‍ය ජනක ප්‍රකාශය මෙය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලයේ දි පැවැසීය.