(මොහොමඩ් ආසික්)
සිංහල රජවරුන් පවා අත නොතබා ආරක්ෂා කර ගත් මධ්‍යම කදුකරය අධිරාජ්‍යවදීන්ගෙන් පසුව පත්වු සෑම දේශපාලඥයකුම විනාශය කරා ගෙන ගිය බව ජීවයේ අයිතිය සුරැකීමේ සංවිධානය් කැදවුම්කරු ඌව පළාතේ සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මහනුවර තැපැල් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (17) පැවැති ‘මධ්‍යම කදුකරයේ විනාශය අනාගත ශ්‍රී ලංකාවේ මරණයි’ යන තේමාව යටතේ වූ සම්මන්ත්‍රණයක් අමතා මන්ත්‍රිවරයා එසේ කීය.
අධිරාජ්‍යවාදීන්ගෙන් පසුව බලයට පත්වූ සෑම රජයක් අතින්ම මධ්‍යම කදුකරය විනාශ කිරීම දිගින් දිගටම සිදු වෙමින් තිබෙනවා. සිංහල රජවරුන් රට පුරා මහ වැව් හැදුවත් මධ්‍යම කදුකරයේ කිසිදු වැවක් හැදුවේ නෑ. ඒකට හේතුව මධ්‍යම කදුකරය වැසි ජලය අති විශාල ප්‍රමාණයක් රදවා ගෙන වසර පුරා ජලය මුදා හරින නිසයි. නමුත් ඉංග්‍රිසින් මේ රට යටත් කර ගැනීමෙන් පසුව මධ්‍යම කදුකරය සුද්ද කර නිදහසින් පසුව විදුලි බලාගාර ඉදිකරමින් විනාශ කර දමා තිබෙනවා.
වසර දහස ගණනක් ඒකාකාරව ගලා ගිය උමා ඔයට එසේ ගමන් කිරිමට ඉඩ නොදී හම්බන්තොට දක්වා හැරවීමට 2008 ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස 7032 ක් සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇති අතර ළිං පොකුණු ඇතුළු ජල මූලාශ්‍ර 3112 ක් සම්පූර්ණයෙන් විනාශ වී ගිය බවත් විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
අපේ රටේ රජයන් පසුගිය කාලයේ පටන්ම උමං හෑරීමට මහත් රුචියක් දක්වන බවත් මහනුවරත් උමං මාර්ගයක් ඉදි කිරීම ආරම්භ වන බවත් සමන්ත විද්‍යාරත්න මහතා කීය. ලෝක උරුම ස්ථාන වශයෙන් නම් කර ඇති ගාලු කොටුව සහ දඹුල්ල ලෝක උරුම ලැයස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇති බවද සමන්ත විද්‍යාරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලගේ දේශපාලනය අපේ රටට ගැලපෙන්නේ නෑ, අපේ බහුතරයක් මිනිස්සු තම ඉන්නේ රජ කාලෙටත් වඩා වහල් මානසිකත්වයක. ඔවුනට මධ්‍යම කදුකරය නෙවෙයි, තමන්ගේ කන බත් පතට මේ පාලකයන් වස දල දුන්නත් ජය වේවා කියල කනවා.
අපරාදේ ලස්සන පරිසරය විනාස කරනව මිනිසාගෙ උතුමිම වස්තුව ජලය අපේ අනාගතය මෝනව වෙයිද...............??????????????????????????
අද කඳුකරයේ ඇති බොහොමයක් ජලාශ ඇත්තේ ජල විදුලිය නිපදවීමට සහ ගොවිතැනට අවශ්‍ය වාරිමාර්ග සඳහායි. ඔය කියන සිංහල රජ කාලේ, ලංකාවේ විදුලිය කියා දෙයක් නොතිබුණු අතර, මිනිසුන් රාත්‍රී කාලයේ ආලෝකය ලබා ගත්තේ පන්දම් වලින් සහ කැකුණ මද වලිනි. රටේ ආර්ථිකය දියුණු වීමට නම් විදුලි බල ශක්තිය අත්‍යවශ්‍ය අතර, එය නොමැතිව කර්මාන්තශාලා, පරිගණක, දුරකථන, විදුලි බල්බ වැනි නවීන ලෝකයට අවශ්‍ය දේ භාවිතා කල නොහැකියි. රටක් දියුණු වෙනවිට, නවීකරණය සඳහා යම් ප්‍රමාණයක වනාන්තර එලි කිරීමක් සිදුවෙන බව සත්‍යයක්. යමෙක් එයට අකමැතිනම්, ඔවුන්ට නැවතත් පන්දම් සහ කැකුණ මද යුගයට යා හැකියි.
මෙතුමා නිදහස් අද්දියාපනය ලබාගත්තෙත්, ඉන් පසුව ගුරු විර්තියට පැමිණියේත්, පසුව දෙස්පාලයකු වී වාහන පඩි නදී ගන්නෙත් ඔය කදුකරය ඇසුරුකරගත් සංවර්ධනය නිසයි. නැතිනම් අද පාරේ කලුගල් කඩනවා.
ඇත්ත කිව්වේ විරුද්ධ වාදියෙක් නම් එය ඇත්තක් නොව බොරුවකි. බොරුව කිව්වේ බලයේ සිටින තක්කඩියෙක් නම් එය පුර්ණ සත්‍යයකි. ඔන්න ඕකයි ඇත්ත.