IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.

එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත‍්‍රී දුෂණවලට හා ලක්‍ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.

පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.

සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.

‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට  ඕනෑම පක්‍ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

මේ වන විට අපිට එක`ග වූ ප‍්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්‍ෂ පක්‍ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්‍ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.

අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්‍ෂකත්වය වැඩි කිරීමට අපි පක්‍ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.

අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප‍්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක‍්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක‍්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.

එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු  රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්‍ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්‍ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක‍්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්‍ෂයේ නායකයන් පක්‍ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්‍ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්‍ෂය නිසා බැවින් හිටපු පක්‍ෂ නායකයන්ට පක්‍ෂය ආරක්‍ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්‍ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්‍ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්‍ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්‍ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්‍ෂ නායකයාගේ ප‍්‍රතිපත්ති අනුවයි.

සමහර පක්‍ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප‍්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප‍්‍රශ්න කරනවා. නව ක‍්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.

අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක‍්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක‍්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්‍ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්‍ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේත්  තිබෙනවා. මෙය නායකයන්ගේ පක්‍ෂයක් නොව පාක්‍ෂිකයින්ගේ පක්‍ෂයක්. ඒ නිසා ඔවුන් පක්‍ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘මෙවර පක්‍ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?

පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.

ප‍්‍රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?

පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.

ප‍්‍රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?

පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප‍්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප‍්‍රකාශ වගේයි.

ප‍්‍රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියනවා.

පිළිතුර: අපි සියලූම පක්‍ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්‍ෂය ඇතුළු සියලූ පක්‍ෂවලට, අපේ පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්‍ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත‍්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.

ප‍්‍රශ්නය: පක්‍ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?

පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්‍ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්‍ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.

ප‍්‍රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?

පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.

ප‍්‍රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?

පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.

ප‍්‍රශ්නය: පක්‍ෂයේ සමහරු වෙනත් පක්‍ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?

පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්‍ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග‍්‍රහණ විජයග‍්‍රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක‍්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක‍්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.

ප‍්‍රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?

පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක‍්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.

ප‍්‍රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?

පිළිතුර: ඔව්.

ප‍්‍රශ්නය: එ.ජා.පය හැර  ඕනෑම පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්‍ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?

පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්‍ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්‍ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්‍ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත‍්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට  ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.

ප‍්‍රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?

පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.

ප‍්‍රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?

පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්‍ෂයේම අයට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එදා  ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි.  ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප‍්‍රශ්නය විසඳාගත හැකියි.



අදහස් (8)

’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’

sathyayaa Friday, 01 September 2017 10:25 AM

බුදු රජාණන් වහන්සේ අද දවසේ සිටියා නම් " පිරිසිඳු චරිතයක්" තියෙන දේශපාලඥයෙකුගේ ගෙදරින් අබ ටිකක් හොයාගෙන එන්න කියල පටාචාරා ට කියනු නොඅනුමානයි.

:       0       15

de silva Friday, 01 September 2017 06:40 PM

පිරිසිදු චරිත විතරක් තිබෙන දේශපාලකයෝ විතරක් ශ්‍රී ල නි පෙට ගන්නේ නම් බොහෝ දෙනෙකුට ඉන්න වෙන්නේ ගෙදර

:       0       0

athula Saturday, 02 September 2017 09:05 AM

එහෙනම් ඉතින් ඕකේ කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔය ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරකම් කරපු අයගෙන් පිරිච්ච පක්ෂ... තවත් ජනතාව අන්දන්න ලෑස්ති වෙන්න එපා. 2014 දී ඔබම කියූ පරිදි අපි දැන් ඕනෑ තරම් කාලා තියෙන්නේ අපට තව ඕන වටලප්පමක් විතරයි කියලා මතකද? ඉතින් කෝ පිරිසිදු අය? ඔය මහා මන්දිර, මහා දේපොළ අවුරුද්දකින්, දෙකකින් කොහොම හොයන්නද? දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තනේ....

:       0       3

siri Saturday, 02 September 2017 10:16 AM

ඇයි පිරිසිදු අය විතරක්? ඡන්දෙන් පරාද වුණු අය? ජනතාව ඡන්දෙන් පැරැද්දුවේ බඩේ අමාරුවට නෙමෙයි. රටට වැඩක් නැති නිසයි. ඔවුන්ව තුරුළට අරගෙන හුරතල් කරන්නේ ජනතාවට රිද්දන්නද?

:       0       101

hewawitharana Saturday, 02 September 2017 04:27 PM

පිරිසිදු කියන වචනයේ තේරුම ඔහු හරියට දන්නවද ?

:       0       0

Deepal Nirosh Sunday, 03 September 2017 08:48 AM

එතකොට තමුන්නාන්සේට මොකද වෙන්නේ? හංසයාගෙන් තරඟ කරලා පක්ෂයේ සභාපති වෙලා ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාවත් අයින් කරන්න ද හදන්නේ?

:       0       88

Dr Edward Perera Tuesday, 05 September 2017 12:01 AM

නුතන දේශපාලනය කියන්නේ වචන හරඹයක් පමණයි. තියෙන සියලුම වචන දොඩා අවසන්ව ඇති හෙයින් දැන් කීමට ඉතිරිව ඇත්තේ කුණු හරුප පමණයි.

:       0       2

සෙනෙවි Sunday, 17 September 2017 03:24 PM

ආ ..එහෙනං ඔහෙටත් හුලං..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 289 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1509 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 470 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 119 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site