(දිලීප් ජයසේකර)
රාජපක්ෂවරුන්ගේ පමණක් නඩු ඇසීමට වෙනම අධිකරණයක් පිහිටුවීමට හැකියාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
“මම දන්නේ නෑ එහෙම පුළුවන් කමක් තියෙනවද කියලා.අනික තමයි අපිට ඕවා ගැන හොය හොයා යන්න වෙලාවක් නෑ.අපිට ඕනේ වැඩ කරන්න මිසක් නඩු ගැන කතා කර කර ඉන්න නෙමෙයි.ඒකෙන් කියවෙන්නේ නෑ හොරකම් කරන අයට අපි කැමතියි කියලා.අපි කියන්නේ ඒ ආණ්ඩුවේ වේවා මේ ආණ්ඩුවේ වේවා වැරදි කරන හොරකම් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි.අපිට ඕනේ මේ රටේ පිරිසිදු දේශපාලනයක් ඇතිකරන්න.ඉදිරියේදි හෝ එවැනි තත්ත්වයක් ඇති කිරිමට අපි කැපවි කටයුතු කරනවා“
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නැතැයි ඒ මහතා පවසයි.
“විජයදාස රාජපක්ෂ මහතා පිළිබදව අපිට නම් කිසිදු ගැටලුවක් නෑ.එතුමාට විරුද්ධව හෝ එතුමාට එරෙහිව ගේන විශ්වාස භංග වලට නම් සහාය දීමට අපේ බලාපොරොත්තුවක් නෑ.එතුමා තරග කලේ එජාපයෙන්.ඉතින් එතුමා පිළිබදව තීන්දු තීරණ ගන්නේ එජාපයේ අයයි.ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්තයට එරෙහිව ගේන විශ්වාස භංග වලට අපේ සහායක් නෑ“
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) සුරියවැව වැදිවැව පැවති ජනහමුවකදීය.
“ඒ වගේම කියන්න ඕනේ දැන් ඩිලාන් පෙරේරා මහත්තයයි මායි අතරේ විරසකයක් තියෙනවා වගේ මාධ්යට මගින් පෙන්නනවා.නමුත් කියන්න ඕනේ පෙරේදාත් අපි දෙන්නා එකට තමයි කෑම කෑවේ.පෙරේදා බදුල්ලෙදි පැවති ජන හමුවකදී එතුමා කළ පොඩි විහිළුවක් තමයි මේ දුර දිග යමින් තියෙන්නේ.ඒ නිසා මම කියනවා ඩිලාන් පෙරේරා මහත්තයා හා මා එක්ක කිසිදු ගැටුමක් නෑ කියලා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රාජපක්ෂවරුන්ගේ නඩු විතරක් අහන්න වෙනම අධිකරණයක් බෑ‘
THAMINDU DULVAN Sunday, 20 August 2017 02:03 PM
දෙපැත්ත බේරාගෙනම ඇමතිතුමා ඇත්ත කියනවා. රාජපක්ෂවරුන්ට විතරක් වුණොත් එකේ වෙනසක් පේනවා. එකට කෑවත් බොක්ක වෙනස් කියලා ඇමති තුමාගේ අලුත් නායකයාම ආප්ප කාලම ඔප්පු කලා මතකද..?
de silva Sunday, 20 August 2017 10:42 PM
රාජපක්ෂ නමින් වාරයක් , ගුවන් තොටුපලක් , ක්‍රිකට් පිටන්නියක් තිබෙනවා, අඩුපාඩුවකට තිබෙන්නේ උසාවියක් පමණි , ඔන්න ඕකත් හදල රාජපක්ෂ පවුලේ කාට හරි කියල විවුර්ත කරලා දමන්න
Senarath Monday, 21 August 2017 03:35 AM
සරලව ජීවත්වීම කියාදුන්නේ බුදුහාමුදුරුවෝ. ඒක ආයෙත් තවත් කියාදෙන්න කවුරුවත් ඕනේ නැහැ. ඒ තරමට බුදු දහමේ ඒ ගැන උගන්වනවා. ඉන්පසුව මහත්මා ගන්දිත් එය ක්‍රියාවෙන් පෙන්වා දුන්න. බැලුවොත් ඇත්නම් උඩම තමා , මේකද සරලව ජීවත්වීම කියන්නේ ?