ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන්නේ නීතියේ ස්වාධිපත්‍ය වුවත් විධායක හා ව්‍යවස්ථාදායකය විසින් නීතිය පාලනය අතට ගැනීමට උත්සාහ කරන අවස්ථාවක් දැන් උදා වී ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා ඉවත් කිරීමට ගන්නා උත්සාහයට අප එරෙහි විය යුත්තේ ඒ නිසා යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන බවට පොරොන්දු වෙමිනි. මැතිවරණ කල් දමමින් ආණ්ඩුව එම පොරොන්දුව ඉටුකර ඇත. සොරකම් නොකරන බවට වූ පොරොන්දුව එදා මෙදා තුර ලොකුම වංචාව වන බැඳුම්කර වංචාව කරමින් ඉටු කළේය. එසේම නීතියේ ආධිපත්‍ය සුරකින බවට වූ පොරොන්දුව ද මේ වන විට පියවරින් පියවර ඉටුකරමින් සිටින අන්දම අපට පෙනී ගොස් තිබේ.
ආණ්ඩුව එම පොරොන්දුව ඉටුකරන්නට පටන් ගත්තේ නීති විරෝධී අන්දමට අගවිනිසුරුවරයා ඉවත් කරමිනි. දැන් රට හමුවේ උදා වී ඇත්තේ එකී ක‍්‍රියාවලියේ උච්චතම අවස්ථාවයි. දැන් ඔවුන් සූදානම් වන්නේ අධිකරණ අමාත්‍යවරයා එම තනතුරින් එළවා දමන්නටය. ඒ සඳහා විධායකයේ ද අනුමැතිය ආශිර්වාදය ලැබී තිබේ. ආණ්ඩුවේ ඇතැම් බත්බැලයන් පසුගිය දින කිහිපයක් තිස්සේ අධිකරණ අමාත්‍යවරයාට බැණ අඬගසමින් සිටින්නේ ඊට අනුවය.
ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තීන්දුව කලින්ම ගෙන චූදිතයන් බෙල්ලෙන් අල්ලා දඬුවම් දෙන වන්ෂොට් පන්නයේ අමාත්‍යවරයෙකි. ලොව කුමන හෝ තැනක නොමැති අන්දමට එක් පවුලකට එරෙහි නඩු විභාග කිරීම සඳහා පමණක් අධිකරණ පිහිටුවීම වැනි නෛතික නොවන යෝජනා ඉදිරිපත් වන්නේ ඒ අනුවය. එමඟින් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ දේශපාලනිකව පරාජය කළ නොහැකි තම ප‍්‍රතිවාදීන් -කෙසේ හෝ” මර්දනය කිරීමටය. එසේ කොට ආණ්ඩුවට කඬේ යමින් සිටින එන්.ජී. ඕ. නඩයේ ද ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ ද මන දොළ සපුරාලන්නටය.
මෙවැනි මර්දනකාරී, නීති විරෝධී ක‍්‍රියාමාර්ග මඟින් අගතියට පත්වන්නේ රාජපක්ෂ පවුල හා ඒකාබද්ධ විපක්ෂය පමණක් යැයි කෙනකු සිතන්නේ නම් එය මුලාවකි. මෙවැනි නීතිවිරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන් යම් දිනක මේ රටේ ඕනෑම අයකුට එරෙහිව භාවිත නොවන්නේ යැයි සහතික විය හැක්කේ කාටද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන්නේ නීතියේ ස්වාධිපත්‍යයයි. දැන් උදා වී ඇත්තේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් නීතිය පාලනය අතට ගැනීමට උත්සාහ දරන අවස්ථාවකි. අධිකරණ අමාත්‍යවරයා ඉවත් කිරීමට අප එරෙහි විය යුත්තේ ඒ නිසාය.
ඒ නිසා මේ අවස්ථාවේ නීතියේ ආධිපත්‍යයට මුවා වී ආණ්ඩුව ගෙනයන මේ නීති විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, සදාචාරවත් නොවන ක‍්‍රියාමාර්ගයන් පරාජයට පත් කිරීම සඳහා එක්වන ලෙස නීති කේෂත‍්‍රයේ සියලූම දෙනාගෙන් මෙන්ම නීතිගරුක සියලූ පුරවැසියන්ගෙන් ද අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා කරන්නේ කටින්ද කියල හිතා ගන්නත් අමාරුයි. මෙයා හීනෙන්වත් අහල තියෙනවද මන්ද නීතියේ ආධිපත්‍යය කියන්නේ මොකක්ද කියල.
ඔබ ඉපදී ඇත්තේ 2015 ජනවාරි 08 වෙනිදාට පස්සේ වගේ මට තේරෙන්නේ.
නීති විශාරද රටේ නීතිය පිළිබඳව දේශනා කරනවා.
අර මනුස්සයකුට කුණුහරපයෙන් බනින විට, තර්ජනය කරනවිට කොහෙද නීතිය තිබුණේ?
ඒ කියන්නේ තිබුණේ එහෙම ආණ්ඩුවක් නෙමෙයි කියලා පිළිගන්නවා?
නීතියේ ස්වාධිපත්‍ය ගැන මහින්ද රාජපක්ස මහතය්ගෙන් අහන්න.
හොඳම උදාහරණ වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ සහ ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සම්බන්දව කටයුතු කල ආකාරය වෙයි.
තමුන් බලයේ සිටි කාලයේ තමුන් ඇතුළුව බල පුළුවන්කාරයින් සහ හෙන්චයියන් පොකුරු පිටින් කළ වංචා, දුෂණ, සල්ලාලකම් ,අල්ලස් ගැනිලි, මැරකම් ,මිනී මැරුම් ගැනත් ; ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට, ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව අති ගෞරවනීයව හා ප්‍රජාතන්ත්‍රවාදීව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මකවූ අකාරය ගැනත් අමතක වීමට මෙරට ජනතාව මැරී ඉපදුණා හෝ නින්දෙන් අවදි වුණා හෝ නොවේ නේද? විද්‍යුත් මාධ්‍යයෙන් ඒ කෙරුවාවන්ට අදාළ දර්ශන වරින් වර පෙන්නන්නේත් මාධ්‍ය නිදහස එදාට වඩා අද තිබෙන නිසා නේද? ගොඩ යෑමේ එකම අරමුණ ඇතිව දැන් මඩගොහොරුවක වැටී සිටින ඒකාබද්ධ කල්ලියක් මෙසේ කෑගහන්නේ ඇයි කියා මේ රටේ බහුතරයක් හොඳ අවබෝධයෙන් සිටිති. ඩීල්දාසවත් බේරා ගන්න තිබුණා නම්...?
නීතියේ ස්වාධිපත්‍යය කියන්නේ.. තමන්ගේ බලපුළුවන් කාරකම් පෙන්වලා තර්ජනය කරලා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් කොල්ලකා ගැනීමද? ලැජ්ජයි...
ලංකාවේ ම්නුස්සු මැරිලා ඉපදිලා නෑ. ශිරාණි බණ්ඩාරනායක මැතිණිය සහ සරත් ෆොන්සේකා මහතා ඉවත් කරපු කාලේ මෙයා නම් මැරිලා තමා ඉඳලා තියන්නේ...
ඊයෙත් මිලියන් හැටක හොරකමට උසාවියට නොගිය මේය් මිනිහා නීතිය ගැන කතාකරන එක අසුචි වල ඉන්න පනුවා අනිත් අය ගඳය කියනවා වගෙය්.
නැහැ එ්කට හරියටම සුදුසු කාගෙවත් සත පහක් ගැන දන්නෙත් නැහැ. දැක්කෙත් නැහැ කියලා නඩු වැටිලා කෙළවෙන්න යනකොට හොරෙන්ම "අනේ හාමුදුරුවනේ මම ඕස්ට්‍රේලියන් කාරයාගේ කොටස් ටික හොරෙන්ම ධම්මික පෙරේරාට විකුණා ගත්තා. හැබැයි සල්ලි වලට වෙච්චදේ.. කරපුදේ නම් මතක නැහැ" කියල දිවුරුම් ප්‍රකාශ දෙන්න කෙනෙකුට වුණා. මෙයා හැම වෙලේම කියවනවා වගේ ගොබෙල්ස් නියමය ඉහලින්ම භාවිතාකරන්නේ මේවම තමයි.
ලක් පොලවට උපන් ලැජ්ජාවක් කියන එක දන්නේ නැති කෙනෙක් . හිනා වෙනකොටම පැහැදිලිය් .
අපරාදේ ඔබතුමාත් කොටස්කාරයෙක් වෙලා හිටපු රජතුමාගේ ආණ්ඩුව තිබුණු කාලේ මේ නීතියේ ස්වාධිපත්‍ය වැනි සියලු දෙයක්ම හොඳට තිබුණනේ? ඒ කාලේ එක මැරයෙක්වත් සිටියේ නැහැ. ජීවන වියදමත් ඉතා අඩුවට තිබුනේ, මාධ්‍යවේදීන්ට කිසිම කරදරයක් තිබුනේ නැහැ. රූපවාහිනී සංස්ථාවට දේශපාලකයෝ කඩා වැදුනෙත් නැහැ. ඉස්සර වැරදි කරපු රාජ්‍ය නිලධාරියෝ ගස් බැඳ ගත්තේ සිය කැමැත්තෙන්මයි. අැමැති පුත්තු වුණත් හැසිරුනේ හරිම විනය ගරුක ලෙසයි.සයිටම් වගේ ඒවා තිබුණත් දොස්තර සංගම් ශිෂ්‍යයෝ උද්ඝෝෂණ වර්ජන කළෙත් නැහැ. බයකට එහෙම නෙවේ. ඒ ගොල්ලන් සියලුදෙනාම සතුටෙන් සිටිය නිසා, දැන් තමයි මේ ඔක්කොම කරදර .....
මේ වාක්‍යය ඔබ දැනට වසර 4 කට පමණ උඩදී කිව්වා නම් ඔබේ වටිනාකම කියල නිම කරන්න බැහැ.
අතීතය අමතක වෙලා. මේ අයව පාර්ලිමේන්තුවට ගෙනෙන අපේ අයට අබ සරණ, රටටත්, අපටත් දෙවි පිහිට පතමු.
ගිය ආණ්ඩුව කාලේ ඔබ නඩයක් එක්ක ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙද්දී ගමන් මලු 17ක අරන් ගියේ මොනවාද කියල මිනිස්සු තවමත් කසු කුසු ගානවා. බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියල කිව්වට ප්‍රශ්නය තියෙන්නේ කොයි එකාද බලල කොයි එකාද මැක්කා කියල හොයා ගන්න බැරි එකයි.