(චන්ද්‍රසේන ගමගේ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරලව ජීවත් වීමේ පාඩම ඉදිරියේදී ආණ්ඩුවට කියා දෙනු ඇති බවත් පසුගියදා එම පාඩම ජනපති විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන් කැඳවා කියාදුන් බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා අද(20) තංගල්ලේදී පැවසීය.
‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සරල දිවි පෙවත මුළු ලෝකයේම රාජ්‍ය නායකයන් ගේ අවධානයට ලක්වී තිබෙනවා. එම සරලකම නිසාම මේ රටේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය වගේම මහින්ද රාජපක්ෂ මහතාටත් වඩා අද ලෝක නායකයන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇගයීමට ලක්කරමින් තිබෙනවා‘‘
‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලයේ හොරුන්ට දූෂකයන්ට ඉඩක් නැති බව පහු ගිය සිදුවීම් වලින් පෙනෙන්නට තිබෙනවා. මේ අතර ජනාධිපතිගේ සරලකම නිසාම සමහරුන් එතුමා හෑල්ලුවට ලක් කරමින් ඉන්නවා. කවුරු මොන දේ කිවුවත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා අරලියගහ මන්දියෙන් පිට වෙලා ජනාධිපති මන්දිරයෙන් පිටවෙලා ඉතා සරල ලෙස ජීවත් වෙනවා. තවමත් ගෙදරින් දෙන කෙසෙල් කොලේ ඔතාපු බත් එක ආහාරයට ගෙන මේ රට පාලනය කරනවා‘‘ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක නායකයන්ට කොන්ද නම නමා ඒ අයට කඹුරමින්, වන්දිබට්ටකම් කරමින් උන්ගේ පදයට නටන අපේ ජනපතිතුමා ලෝක නායකයන්ගේ ආදරයට පාත්‍ර වීම අරුමයැක්යැ ඇමතිතුමෝ...
ඔව් ඉතින් එක්කෙනෙක් කිසිම රස්සාවක් නොකරන දියණිය නිදහසේ කොළඹින් කොටි 10 ට වැඩි වටිනාකමක් ඇති ගෙයක් හදාගෙන ඉන්නවා. පුතා නිදහසේ කොටි 2 ක් විතර වටිනා වහනයක් ගමන් බිමන් යනවා. සහෝදරයා තරු පන්තියේ හෝටලයක් දෙකක් හදාගෙන සරලව ජිවත් වෙනවා. අනිත් එක්කෙනා ගේ නෝනා තම නිවාස රෙපයාර් කරනකොට ඉන්න රුපියල් කොටි 16 -18 විතර එපාර්ට්මන්ට් එකක් ගන්නවා. තව මදිපාඩුවට රුපියල් මිලියනයක් දෙකක් මාසෙකට වියදම් කරන්න අැලෝශියස්ලා වැනි හොඳ යාලුවෝ ඉන්නවා.. ඔව් ඉතින් මේ ගොල්ලෝ සත පහක් අතින් අල්ලන්නේ නැතුව බොහොම සරල ජිවිත තමයි ගත කරන්නේ. වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන මේ ගොල්ලන් දන්නේ නැහැ. සේරම දේවල් ගැන බලාගන්නේ පවුලේ උදවිය, යාලුවෝ තමයි.
පසුගිය සතියේ සහල් වල පාලන මිල ඉවත්කර පොළොන්නරුවේ "හබරලිය මුදලාලි " එන්න එන්නම තරවෙනවා. මේකද ඔබතුමා දකින සරල බව?