IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පර්යේෂණවල නිරතවෙමින් අභියෝග ජයගනිමු

කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි නියං තත්ත්වයන්ට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් වියයුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අදාළ පර්යේෂණ කටයුතුවල නිරතවෙමින් එම අභියෝගය ජය ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ රටක් ලෙස සූදානම් විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩසටහන්වල ප‍්‍රගතිය සොයාබැලීමේ සාකච්ඡාවක් අදාළ සියලූ අංශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (29) පෙරවරුවේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

‘‘වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අධීක්‍ෂණය කළේය.

නියං තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති ගොවිබිම් ප‍්‍රදේශවල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීමේ කටයුතු මේ වනවිට විධිමත් අයුරින් කි‍්‍රයාවට නංවා තිබෙන අතර එම කටයුතු කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබ`දවද ජනාධිපතිවරයා කරුණු විමසීය.

එමෙන්ම ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයීම සඳහා කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව කරුණු විමසූ ජනාධිපතිවරයා එම කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ජල බවුසර් 100ක් මිලදී ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ති‍්‍රවිධ හමුදා නිලධාරීන් යොදවා තිබෙන අතර, අදාළ වැඩසටහන් සඳහා ඔවුන්ගේ දායකත්වයද මෙහිදී සමාලෝචනය කෙරිණි.

පීඩාවට පත් වනජීවීන් සඳහා ජලය සහ ආහාර ලබාදීමේ වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලීය.

මේ අතර නියඟයෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් සැපයීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය විසින් පරිත්‍යාග කළ ජල බවුසර් 04ක් යුනිසෙෆ් ශී‍්‍ර ලංකා නියෝජිත ටිම් සටන් මහතා ඇතුළු නියෝජිත පිරිස විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීමද මෙහිදී සිදුකෙරිණි.

                අනතුරුව ජනාධිපතිවරයා විසින් එම ජල බවුසර්වලට අදාළ ලිපි ලේඛන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සහ අමාත්‍යාංශ ලේකම් සරත්චන්ද්‍ර විතාන යන මහත්ම මහත්මීන් වෙත භාරදෙනු ලැබීය.

                අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, මංගල සමරවීර, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (0)

පර්යේෂණවල නිරතවෙමින් අභියෝග ජයගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site