(නාලක සංජීව දහනායක)
බදු පනතක් සකස් කිරීමට පෙර විද්වතුන්ගේ අදහස් ලබා ගත යුතු වුවත් දේශීය ආදායම් පනත සකස් කිරීමේදී රජය එවැනි අදහස් ලබා ගැනීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (29) පැවසීය.
තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කිරීමට යෑමේදී රටේ ජාතික න්‍යාය පත‍්‍රය විවිධ අර්බුදවලට ලක්වනවා යැයි ඒ මහතා ද කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව ස`දහන් කළේය.
එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
රජය විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත නව දේශීය ආදායම් පනතින් මසකට රුපියල් 50000ත් අවමය රුපියල් ලක්‍ෂ හයක් දක්වා ආදායම් උපයන සියලූම දෙනාට බදු පනවා තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් ලබාදී තිබූ සියලූම බදු සහන කිසිවක් නව දේශීය ආදායම් පනතට අතුළත් කර නැහැ. ඒ බදු සහන සියල්ලම කපා හැර තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය පිටු 44ක් පුරාවටම යම් යම් කේෂත්‍ර සඳහා ලබාදී තිබූ බදු සහන නව දේශීය ආදායම් පනතින් පිටු දෙකකට සීමා කර තිබෙනවා. ඒ අනුව අහෝසිවන බදු පිළිබ`දව සමාජයේ කිසිවකු දැනුවත් නැහැ.
බදු පනතක් සකස් කිරීමට පෙර විද්වතුන් සමඟ සාකච්ඡා කර අදහස් ලබා ගත යුතුයි. නමුත් මෙම පනත සකස් කිරීමේදී එවැනි සාකච්ඡාවක් පැවැත්වූයේ නැහැ. මේ අර්බුද සියල්ලම ඇතිවුණේ ඝානා රාජ්‍ය සඳහා සකස් කළ බදු පනතක් කෑලි කපා අපේ රටට ගැනීම නිසයි. තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කිරීමේදී රටේ ජාතික න්‍යාය පත‍්‍රය අර්බුදවලට ලක්වනවා.
මෙම නව බදු පනත ස්වදේශිකයන් වනසන විදේශිකයන් සනසන බදු පනතක්. පහළ ආදායම් ලබන උදවියටත් බදු පනවලා. රජයක් විසින් සකස්කරන ලද බදු පනතකට එරෙහිව ඉතිහාසයේ කවරදාකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් මෙම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 10ක් ඉදිරිපත් වුණා. මෙම පනතේ සඳහන් ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය වශයෙන් අපත් මෙම පනතට සංශෝධන 31 ඉදිරිපත් කරා. මෙම පනත ක‍්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් හෝ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.
නව දේශීය ආදායම් පනත හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා විසින් ලෝක බැංකු නියමයන් අනුවම සකස් කළ පනතක්. ඒ නිසා මෙය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු යැයි මම විශ්වාස කරනවා. අපි විසින් ඉදිරිපත් කළ සංශෝධන සඳහා සහයෝගය දක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. සුසිල් පේ‍්‍රම්ජයන්ත අමාත්‍යවරයාගෙන් හා ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ මමත් පෞද්ගලිකවම මේ ගැන සාකච්ඡා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙක් වශයෙන් සිටි ආණ්ඩුවක් විසින් ලබාදුන් සහන එතුමා ජනාධිපතිවරයා වශයෙන් සිටින ආණ්ඩුවක් විසින් කප්පාදු කිරීම යුක්ති සහගත නැහැ.
ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී ජනතාව මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ තමන්ට ලැබෙන සහන තවත් වැඩිකර ගන්න මිස තිබෙන සහන කප්පාදු කරගන්න නෙමෙයි. ජනතාව මත පමණක් නෙමෙයි මෙම ආණ්ඩුව සියලූම පුණ්‍යායතන සඳහාත් බදු පනවා තිබෙනවා. ඒ නිසා මෙම පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට පටහැනියි. පසුගිය රජය සේවක අර්ථ සාධක අරමුදලට පනවා තිබූ සියයට 10ක බදු මුදල මෙම පනතින් සියයට 14 දක්වා වැඩිකරලා. එමෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර ආරමුදල මත පනවා තිබූ සියයට 16 බද්ද සියයට 20 දක්වා වැඩි කරලා. සමස්තයක් ලෙස ගතහොත් අපේ රටේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් ලබන්නේ ඉතා අඩු වැටුපක්. ඒ නිසා ඔවුන්ගේ වැටුපට යම් යම් දීමනා ඇතුළත් කර තිබෙනවා. මෙම නව පනතින් ඒ දීමනා සියල්ලටම බදු පනවා තිබෙනවා.
එමෙන්ම රටට වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට නම් රටේ ඉතුරුම් ඵලදායිතාව වැඩි කරගත යුතුයි. ඒ නිසා වැඩි වැඩියෙන් බදු සහන ලබාදෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව විසින් ලබාදෙන සහනාධාර සඳහා මේ ආණ්ඩුව බදු පනවලා. අපේ රටේ තිබෙන්නේ දුප්පත් කලාවක්. කලාකරුවන් බොහොම අමාරුවෙන් නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ නිසා කලාව නඟාසිටුවීමට මහින්ද රාජපක්‍ෂ රජය කලා නිර්මාණ ස`දහා බදු සහන ලබාදුන්නා. නව දේශීය ආදායම් පනතින් ඒ බදු සහන සියල්ලම ඉවත් කර තිබෙන බවද පැවසීය.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’දේශීය ආදායම් පනත සකස් කිරීමේදී විද්වතුන්ගේ අදහස් ලබාගෙන නෑ’
Palitha Wednesday, 30 August 2017 09:41 AM
ඒ කියන්නේ ඔයාගේ අදහස්ද..? ඔයා විද්වතෙක්ද..?
dhamneth Wednesday, 30 August 2017 04:07 PM
ඔබට මතක නැති අතීතයක් ජනතාවට මතක තියේ .. විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු, ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරීම ආදියට සියයට දහස් ගණනින් වැඩිකිරීම... දිව්රුම් ප්‍රකාශයකට රුපියල් පනහක මුද්දරයක්... තව ගොඩාක් තියෙනවා.
viya Thursday, 31 August 2017 04:05 PM
ඔය කියන්නේ ටියුෂන් ගත්ත ශිෂ්‍යයන් ගෙන්ද? රු 2500 යට පුළුවන්ද ?