IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළමින් සමහරු රජ පුටුවට යන්න සිහින මවනවා

‘‘රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළමින් සමහරුන් රජ පුටුවට යන්න සිහින මවනවා යැයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අනුරාධපුරයේදී පැවසීය.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත, කුඩාවැව ඉදි වු ‘‘ශ්‍රී විභූතිගම’’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.

‘‘යහපාලන රජය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ආරම්භ කළ යළි පිබිදුනු උදා ගම්මාන’’ වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වන 37 වැනි උදා ගම්මානය අනුරාධපුර, නැගෙනහිර නුවරගම් පළාතේ, කුඩාවැව ඉදි වූ ‘ශ‍්‍රී විභූතිගම’ ආදර්ශ ගම්මානයයි.  මෙම ගම්මානය නිවාස 29 කින් සමන්විත මධ්‍යම පාන්තික රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියකි. මේ මොහොත වනවිට දිවයිනේ උදා ගම්මාන 441 ක් ඉදිවනවා.  මේවායේ වැඩ ආරම්භ කරනු ලැබුවේ පසුගිය මහ මැතිවරණයෙන් පසුවයි. මේ වසර අවසන් වීමට පෙර උදා ගම්මාන 500 ක් ඉදි කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

තව වසර තුනකින් ආණ්ඩුවේ ආයූ කාලය අවසන් වී නැවත මහ මැතිවරණයට, ජනාධිපතිවරණයට මුහුණ දෙන්න අප කටයුතු කරන්නේ තවත් උදා ගම්මාන 2,000 ක් ඉදිකරමිනුයි.

 මේ ආණ්ඩුවෙන් වැඩක් වන්නේ නැහැ, ආණ්ඩුවේ ඉන්නේ වැඩ බැරි කණ්ඩායමක්යි අද සමහරුන් පවසනවා. එසේ පවසන මහතැන ප‍්‍රමුඛ ප‍්‍රබලයින්ට රටේ ඉදිවන උදා ගම්මාන 441 නැරඹීමට මා සමඟ පැමිණෙන්නැයි ආරාධනා කළා. බොරුවට කෑ ගහන පිරිසට කොන්දක් තිබෙනවා නම් යහපාලන රජයේ ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් වෙන දැවැන්ත නිවාස ව්‍යාපෘති නැරඹීමට එන්නැයි මා ඔවුන්ට නැවත අභියෝග කරනවා.

මේ අභියෝගය කරන්නේ 150 වැනි වතාවටයි. නමුත් කිසිවකු අභියෝගය භාර ගන්නේ නැහැ. ඔවුන් අභියෝගය භාර නොගෙන පුවත්පත් රැස්වීම් හරහාත් රජය කිසිදු වැඩක් නොකරන බව කියනවා. ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ජනතාව වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් අද ඉටු කරනවා.

කෑ කෝ ගහන පිරිස් කියා සිටින්නේ ඔවුන්ගේ කාලයේ දැවැන්ත වැඩ කොටසක් වුණා කියායි. ඒ කාලයේ දැවැන්ත වැඩ කොටසක් වූවා නම් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජීවත් වෙන පවුල් 281,000 න් පවුල් 168,000  කට නිවාස ගැටලූ_ පවතින්නේ කෙසේද? එහි අරුත නම් දිස්ත‍්‍රික්කයේ 59% කට නිවාස ගැටලූ_ පවතින බවයි.

පසුගිය කාලයේ සංවර්ධනයක් වූවා කියා ඒ පිරිස පවසන්නේ කෙසේද? ජනතාවට සේවාවක් වනවා නම් වන්නේ අපේ රජයේ දැවැන්ත නිවාස සංවර්ධන හරහායි. අපගේ එකම ඉලක්කය 2025 දී සැමට සෙවණ දීමයි.

මේ ගම්මානයේ සෑම පවුලකටම පර්චස් 15 ක ඉඩම් කොටසක් දෙනවා. මේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙනවා. ඒ සඳහා කිසිදු මුදලක් අය කර ගන්නේ නැහැ. අද නිවාස ඉදිකළ ඉඩම් කොටස අවම වශයෙන් රුපියල් 750,000 ක් පමණ වටිනවා. නිවාස සංවර්ධන අධිකාරියේ ගණනයට අනුව ඉදිවූ සෑම නිවසකම වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් පමණ වනවා. මේ නිවසක වාණිජ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වනවා.

යහපාලන රජයේ උදා ගම්මාන වැඩසටහනින් ජනතාව ලක්ෂපතියන් - කෝටිපතියන් බවට පත් වන්නේ නැද්ද? ලක්ෂපතියන් - කෝටිපතියන් බවට පත් වන්නේ පසුගිය කාලයේ මෙන් පාලකයින්ගේ පවුල් සංස්ථාවද? නැතිනම් ප‍්‍රදේශයේ ඉඩමක් නැති නිවසක් නැති අහිංසක අසරණ ජනතාවද? අප සෑම පවුලකමට දෙන්නේ ප‍්‍රාග්ධන ශක්තිය පමණයි. ප‍්‍රාග්ධන ශක්තිය මාසිකව දෙන සහන දීමනාවක් නොවෙයි. එය ඔබටම දෙන ඉඩම් හා නිවාස සම්පතයි.

තමන්ට කියා ඉඩමක්, නිවසක් නැති කමින් ජන ජිවිතයේදී ඔබට දුකක් දැනෙන්න ඇති. ඉඩමක් නිවසක් නැති  අනු පවුල් වලට නිවාස තනා ගැනීමට උදව් කරනවා. ඒ නිවාස ගම්මාන වල ස්ථාපිත කර නව ගම්මාන ගොඩ නඟනවා.

රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ සංකල්පය හා චින්තනයට අනුව ගම හදා රට හදන වැඩසටහන ඉදිරියටම ගෙන යනවා. යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ රටේ පුරවැසියන්ට දැවැන්ත ශක්තිය ලැබෙනවා.

ඉඩමක් නැති පවුල්වලට අද රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ඉඩම් දෙනවා. නිවාස අධිකාරියෙන් සහන පොලී ණය මුදල දී ඒ ජනතාවට නිවාස ශක්තිය දෙනවා. දැන් පවතින්නේ නිවාස සංවර්ධන ක්ෂේත‍්‍රයේ ස්වර්ණමය යුගයයි. පසුගිය රජය කාලයේදී නිවාස ඉදිකිරීමේ වැඩසටහනට ලැබුණේ තුන් වැනි පංතියේ තැනයි. නිවාස අමාත්‍යාංශයට අවශ්‍ය ප‍්‍රතිපාදන දුන්නේ නැහැ. අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය රාජ්‍ය අරමුදල් හා පෞද්ගලික දානපති අරමුදල් වලින් නිවාස ඉදිකරනවා. මාගේ මාසික වැටුප් සහ දීමනා  ජනතාවට නිවාස තැනීම සඳහා සෙවණ අරමුදලේ තැන්පත් කරනවා. පසුගිය කාලයේදී එවැනි දේ වූයේ නැහැ. මා මේ දේ සංසන්ධනාත්මකව පෙන්වා දෙන්නේ අතීතය සහ වර්තාමානය කුමක්ද කියා ජනතාවට මතක් කර දීමටයි. අතීතය වර්තමානය ගැන සිතා අනාගතය ගැන සුබවාදීව සිතන්න.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කිසි දිනක උදා ගම්මාන වැඩසටහනට සීමා බන්ධන පනවා නැහැ. රට වටේම උදා ගම්මාන ඉදිකරන ලෙසටයි, එතුමන්ලා මට උපදෙස් දුන්නේ. ඒ නියෝගයි අද මා මේ ක‍්‍රියාත්මක කරන්නේ. මේ වැඩසටහන සමඟ ග‍්‍රාමීය ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එකතු වී තිබෙනවා.

මේ හරහා ගමේ කම්කරුවාට, පෙදරේරුවාට, වඩු කාර්මිකයාට රැකියා ලැබෙනවා. රට පුරාම උදා ගම්මාන ඉදිවන විට අපට අසන්න ලැබෙන්නේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ යුග පෙරළිය ක‍්‍රියාත්මක වන බවයි. අද ඔවුන්ගේ වෘත්තීය දක්ෂතාවට වේතනය ගන්න හැකියාවක් ලැබී තිබෙනවා.

රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා රජරට පුරවරයට ආදරය කළා. සංවර්ධන ව්‍යාපෘතිවලදී බෙදන්න පුළුවන් ලොකුම හැන්දෙන් රජරට පුරවරයට බෙදුවා. ඒ කාලයේදී මේ ප‍්‍රදේශයේ බල සම්පන්න, ශක්ති සම්පන්න නායකයන් රැසක් සිටියා.

1977 පෙරළියක් සමඟ ඔබට ශක්තිය ලබා දෙන්න චන්ද්‍ර බණ්ඩාර, ඒ.එම්.එස්. අධිකාරී, මහින්දසෝම, යසපාල හේරත්, ඊ.එල්.බී හුරුල්ල, මැදවච්චියේ ආරියදාස, දයා වලගම්බාහු වැනි දැවැන්ත චරිත හිටියා. ඒ සියලූ දෙනා ගමෙන් බිහිවූ නායකයන් වූවා. ඔවුන් ආදර්ශවත් ලෙස රටේ සංවර්ධනයට ශක්තිය දුන්නා. ඒ කාලයේදී කුඩා දරුවකු ලෙස මා ඔවුන්ගේ දස්කම් විස්කම් ඇස් දෙකෙන් දුටුවා. මේ අවස්ථාවේදී ඒ අතීත නායකයින් වෙත මාගේ උපහාරය පුද කරනවා.

ජානක පෙරේරා මැතිතුමා උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී අපගේ පක්ෂය, රට ජාතිය වෙනුවෙන් කැපවීම් කළා. පසුගිය දිනක එතුමා සිහිවීම පිණිස මගේ දිස්ත‍්‍රික්කයේ උදා ගම්මානයක වැඩ ආරම්භ කළා. ජානක පෙරේරා මැතිතුමා ඇතුළු රටේ විරෝධාර රණවිරුවන් කිසි දිනක අමතක කරන්නේ නැහැ.

‘‘රණවිරුවා අනතුරේ, රණවිරුවාට සහන නැහැ’’ යැයි පිරිසක් කෑ කෝ ගහනවා. අද රණවිරුවා ගැන කතා කරන පිරිසට ඔවුන්ගේ පාලන කාලයේදී සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ 40,000 කගේ  රැකියා ස්ථිර කරන්නවත් බැරිවුණා. ඔවුන්ගේ රැකියා ස්ථිර කරනු ලැබුවේ යහපාලන රජයයි. රණවිරුවා සුරකිනවා කියා පවසන අයට සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රය. අමතක වුණා. සිවිල් ආරක්ෂක නිලධාරින් යුද සමයේදී කොටිකටේ ගම්මාන රැක ගත්තා. ඔවුන් කොටිකටේ ගම්මාන රැක ගෙන කමාන්ඩෝ භටයන්, ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය රණ බිමට යැවීමට අවස්ථාව උදා කර දුන්නා.

සමහර පාලකයන් අද රණවිරුවාගේ දුක කියමින් අරලියගහ මැදුර, ජනාධිපති මැදුර වෙත යෑමට සිහින මවනවා. ඔවුන් අද උත්සාහ කරන්නේ රණවිරුවාගේ කර පිටින් නැවත රජ පුටුවට යන්නයි. රණවිරුවන් ගැන කතා කිරීමට ඔවුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ නිලධාරින්ට පසුගිය කාලයේ ගෙව්වේ දවස් පඩියයි. හැම තැනින්ම වේතන හා පහසුකම් කපා හැරියා. මා සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ අයිතීන් ගැන කතා කළා. ඔවුන්ට මසකට ලැබුණේ රුපියල් 18,000 ක, රුපියල් 20,000 ක පමණ මුදලයි. නමුත් අද ඔවුන්ගේ රැකියාව ස්ථිරයි. විශ‍්‍රාම වැටුප් වරප‍්‍රසාද අද ඔවුනට ලැබෙනවා.

ආණ්ඩුවේ යහපාලන ක‍්‍රියාදාමය අඩපණ කිරීමට ඇතැම් කුහක පුද්ගලයන් ඉතා නින්දනීය ආකාරයෙන් හැසිරෙනවා. ඔවුන්ගේ පටු අරමුණු දැනටමත් ජනතාව අවබෝධ කරගෙන අවසානයි. ජනතාව කුපිත කරන්න ඔවුන් ගන්නා උත්සහාය අසාර්ථකයි. අර්ථවත් සේවාව ඉටු කරන වත්මන් රජයේ ක‍්‍රියාකාරකම් දෙස ජනතාව අවබෝධයෙන් යුතුව බලා සිටිනවා.



අදහස් (1)

රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළමින් සමහරු රජ පුටුවට යන්න සිහින මවනවා

sathyayaa Sunday, 03 September 2017 01:10 AM

තාත්තත් රණවිරුවන් වෙනුවෙන් මොන තරම් මෙහෙයක් කළ අයෙක්ද? එකම පුතාට එංගලන්තයට ගොස් හොඳට ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැතිකරලානේ යුනිෆෝර්ම් එකක් අන්දලා උතුරේ සටන් පෙරමුණට යැව්වේ.... මේ ගොල්ලන්ට ඔහොම සලකලා මදි.

:       0       85

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 272 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1501 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 463 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 117 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site