(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් උපදෙස් ලබා දෙද්දී රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11) පැවසීය.
දෙවියන්ට රට සහ ජන ජීවිත භාර දෙන තරමට ආණ්ඩුව අසමත්ව ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය. ආර්ථිකය ද ජනතාවගේ ජීවිත ද කියා ආණ්ඩුව කඩිනමින් තීන්දුවක් ගත යුතුව ඇතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
ගජ මිතුරන්ට බිලියන ගණන් සහන දී රටේ ආර්ථිකය විනාශ කළ ආණ්ඩුව අද ජනතාවගේ ජීවිත විනාශ කරමින් සිටින බවත් මහ ලේකම්වරයා එහිදී සඳහන් කළේය.
උද්දච්ච කම සහ තම දේශපාලන අරමුණු පසෙක තබා කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය දැන්වත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රවීණයන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
පාර්ලිමේන්තුවේ "කාලකණ්නි" කොටසක් ඉන්නව මාතෘකා සපයන.
ඔව් ඔව් අපිත් මේ කරුමෙටම විපක්ෂෙ පට්ටියට ගාල් වුනානේ අවාසනාවට.. නැත්නම් අපි කරන හැටි පෙන්නනවා හොදේ.....
සවුබාග්‍යයේ දැක්ම කෙසේ වෙතත් කොරෝනා දැක්ම රට පුරාවටම .
මේ අයට උගන්නලා තියෙන්නේ හමුදාවේ වෘත්තීය සමිති නැතිනිසා වැඩේ බකල් කරවන්න විදිහක් නැතිව... අර ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කණ්ඩායමේ... කට්ටියනේ..!!! මේ අයට ඔනේ මේ රටේ මිනිස්සු වසංගතයෙන් බේරගන්න නෙමෙයි.., එකා පිට එකා මැරෙන්න ඇරලා ඒක පෙන්නලා ඡන්දෙ ගන්න.
මේ මිනිස්සු යුද්ධය කාලේ අලිමංකඩ-පාමංකඩ කියකිය ඉඳලා එ්කට කිසිම සහායක් දෙන්නේ නැතිව ජනතා අප්‍රසාදයට ලක්වුණා. මේ පාර කොවිඩ් රැල්ලත් එක්ක කලේ උද්ඝෝෂණ, පිකටින්, දෙන්න බැරි ඉල්ලීම් කරන එක. කිසිම දවසක, මෙයා මෙයාගේ බාප්පලා එකතුවෙලා මිනිස්සුන්ට මාස්ක් එකක් දාන්නවත් කියලා ඉල්ලීමක් නැහැ. මොන දේශපාලකයින්ද මන්දා...!!!
ජාතික රජයක් පිහිටුවමු...
ගොන්කතා කියන්න එපා මහත්තයෝ...
තමන්ගේ හෙන්චයියලා දම්මලා රට පුරා උද්ඝෝෂණ කරලා ඩෙල්ටා පතුරපු තමුන්ලගේ කාලකණ්ණි කමට ආණ්ඩුව මොනවා කරන්නද?
මියගිය විපක්ෂයට බැන වදින එක නවත්වලා ජනතාව ඡන්දේ දීලා දිනවල සියලු සැප සම්පත් ලබාදීලා පත්කර ගත් ආණ්ඩුවට එරෙහිව බලපෑම් කිරීමට උගතුන්ට නුවණ පෑදෙන්නේ නම් මැනවි...
මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරන ප්‍රවීනයින්ට අමතරව එසේ ප්‍රකාශ නිකුත්කර ප්‍රවීනයින් ලෙස ප්‍රචාරයක් නොලබන ප්‍රවීණයිනුත් සිටිනවා.. ඒ නිසා මාධ්‍යවලින් කෑ ගහන්න ප්‍රවීණයින් කියන දේම හරි කියා පිළිගත යුතු නැහැ..
හලෝ වෛද්‍ය විශේෂඥ කියන නමින්ම තේරෙනවා නේද ඒගොල්ලෝ බලන්නේ සෞඛ්‍ය පැත්ත විතරක් කියල. ඔතනට ආරක්ෂක විශේෂඥයින්ටත් අදාළ නම් කියයි ආරක්ෂාව නිසා බ්ලේඩ් එකක්වත් සාක්කුවේ දාගෙන යන්න එපැයි කියලා . නමුත් පාලයකයා සෞඛ්‍ය පැත්ත, ආරක්ෂාව, ආරථිකය, මෙකී නොකී හැම එකක්ම බලන්න ඕනේ. රට වහල යතුර ගන්න කලින් කියනවා අපිට ජීවත් වෙන්න බැහැ රට අරින්න කියලා. ඒ නිසා හොඳම දේ තමයි තමන් පරිස්සම් වෙන එක.. ඕගොල්ලන්ගේ බොසාම නේද කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. ඌරාගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා කියලා හිතන්න එපා. හිතුවත් කමක් නැහැ.
මෙච්චර වෙලත් හැම එකක්ම දේශපාලන ඇසින් බලන වහල්ලු ඉන්නකම් රට හදන්න බෑ
ඔයාලා බාරදුන්නේ සහරාන්ටනේ... නේද?